ජනතා විරෝධය හමුවේ ජනපති මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දමා ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හැරීමට ඊජිප්තු හමුදාව ඊයේ (4) පියවර ගත්තේය.
|
බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහෙමඞ් මොරසි |
ජනපති මොර්සි සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් නිවාස අඩස්සියට පත් කිරීමට හමුදාව කටයුතු කළේය.
ඊජිප්තු ජනපති මොර්සි බලයෙන් ඉවත් කිරීමේ හමුදා කුමන්ත්‍රණය ඇරැුඹුණේ පෙරේදා (3) රාති‍්‍රයේය. කුමන්ත්‍රණය ආරම්භ කරමින්, හමුදාව රජයේ ප්‍රධාන පුවත් සේවය සහ රූපවාහිනී සේවය තමන් අතට ගත් අවස්ථාවේ, ජනපතිවරයා ජනපති මන්දිරයෙන් පලා ගියේය.
එම අවස්ථාවේ හමුදාව කියා සිටියේ ජනපති මොර්සිට තව දුරටත් තීරණ ගැනීමට අයිතියක් හෝ බලයක් නැති බවය. හමුදාව මොර්සි සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ ඉන්පසුවය.
ඊජිප්තුවේ හමුදා කුමන්ත්‍රණයකට මඟ පෑදුණේ මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලත් අප්‍රසාදයට හේතු වීම නිසාය.
හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් සීසී කියා සිටියේ, තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්ය.
අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.
ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් සීසී වැඩි දුරටත් කියා සිටියේය.
ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. විරෝධතා සංවිධානය කළේ, ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
මොර්සි සහ ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයටත්, එම පක්ෂය මෙහෙය වූ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයටත් විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට එම පක්ෂ කැමැත්තක් නොදැක්වූ බවටය.
ඒ අනුව මොර්සි දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවටද චෝදනා එල්ල විය.
ඉකුත් පළමු වැනිදා සිට මොර්සිට විරෝධය පළ කරමින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් කයිරෝ අගනුවර තරීර් චතුරස්රයට එක් රොක් ව සිටියහ.
ඔවුන් සහ මොර්සිගේ ආධාරකරුවන් අතර ගැටුම් ද හට ගැණින. පෙරේදා පැවැති ගැටුම්වලින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මොර්සි බලයෙන් නෙරපා දැමුණු අවස්ථාවේ ජනතාව පී්රතී ඝෝෂා පවත්වන්න වූහ. තරීර් චතුරස්‍රය සැණකෙළි ශ්‍රීයක් ගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
|
හමුදා කුමන්ත්රණයෙන් පසු ප්‍රීතිඝෝෂා කරන පිරිස් |
විපක්ෂ දේශපාලන කණ්ඩායම් සමඟ එක් වී බලය බෙදා ගනිමින්, මතු වී ඇති අර්බුදය නිරාකරණය කර ගන්නැයි හමුදා නායක ජනරාල් සීසී, පැය 48 ක කාලසීමාවක් ලබා දෙමින් ජනපති මොර්සිට පැවැසුවේය. ඒ, ඉකුත් පළමු වැනිදා සවසය. එම පැය 48 පෙරේදා (3) අවසන් විය. හමුදා කුමන්ත්‍රණය ඇරැඹුණේ ඒ අනුවය.
ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට ජනපති මොර්සි අපොහොසත් වන්නේ නම්, රටේ වගකීම බාර ගැනීමට තමන් කටයුතු කරන බවත් මොර්සි නෙරපා දැමීමට හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ කරන බවත් හමුදාපතිවරයා අවධාරණය කර තිබුණි.
ඒ වෙනුවෙන් ලේ සෙලවීමට පවා තමන් පසුබට නොවන බව ද හමුදාපතිවරයා එම අවස්ථාවේදී පැවැසීය.
අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් අනතුරුව ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායක මොහොමඞ් මොර්සිය. ඔහු ඊජිප්තුවේ ප්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා ද විය.
|
තරීර් චතුරස්රයට රැස්වූ විරෝධතාකරුවෝ |
|
හමුදාපති ජනරාල් සීසී |
හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වෙද්දී ඔහු හමුදා පාලක මණ්ඩලයක් පිහිටුවා ඊට රටේ බලය පවරා දුන්නේය.
මොර්සි ජනපති ධුරයට පත්වූයේ ඉන්පසු පැවැති මැතිවරණයෙනි. ඊජිප්තුවේ පැවැති ප්‍රථම ප්රජාතන්ත්රවාදී මැතිවරණය වූයේ එයයි.
ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි, එම හමුදා පාලක මණ්ඩලය සමඟ ගැටුණේය. ඔවුන්ගේ බලතල කප්පාදු කිරීමටද උත්සහ කළේය.
මොර්සි තරයේ කියා සිටියේ ඊජිප්තුවට හමුදා බලය අවශ්‍ය නැති බවය. හමුදා පාලකයන් සහ මොර්සිගේ රජය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය.
එම අර්බුදය ජනතා විරෝධතා හමුවේ උත්සන්න වූයේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයා මොනවා දොඩවනවද මන්දා.(නදී)
ලංකාවේ ත්රීවිද හමුදාවටම නායකයා ජනාදිපති බව ව්‍යවස්ථාවේ ලියා ඇත. එනිසා හමුදා කුමන්ත්‍රණ හීනයක්ම තමයි.(නදී)
හමුදා නායකයා හොද තීරණයක් අරන් (නි)
චින්තක, ලංකාවෙත් හමුදා පාලනයක් තිබුනා ඉස්සර. ඔයා දන්නෙ නැත්නම් අහලා දැනගන්න.ලංකාවට ආයෙත් ඒවගේ කලක් උදා කරගන්න ආසද ? (නි)
වරෙන් වරෙන් හුලං පොදක් අපේ ඇඟේ ගැවිලා. අපිටත් දවසක හඳ පායනවා. දෙවියනි ඔබ කොහිද? නෙත් දහසක් තිදෙස්පුරේ තාමත් නිදිදෝ?(නදී)
ලංකාවටත් හමුදා පාලනයක් අවොත් හොඳයි කියල තිතෙනවා, දූෂණය සහ නීතිය විහිලුවට අරන් තියෙන විදිය දැක්කම (අ)
අපේ විපක්ෂයට මෙච්චර කොන්ද පන නෑ (අ)
අනේ බුදු හාමුදුරුවනේ, අපේ රටට මෙ වගේ පිනක් පහල වෙන්නේ කවදාද?(නදී)
අපේ රටට මේවගේ පිනක් පහලවෙන්නේ කවදාද. බුදු හාමුදුරුවනේ ..?(නදී)
ඔය කියන කැප්පෙටිපොලලා අද නැහැ.අනික තමා කැප්පෙටිපොල අද හිටියා නම් දුක් වෙයි සුද්දෝ ගියාට.සුද්දෝ එලවාගෙන දැන් අපේ බෝට්ටුවල සුද්දන්ගේ රටවලට බඩගාන තත්වෙට රට පත් කරපු උදවියත් එවැන්නන්ට නිතර නිතර කතිරේ ගහන උදය වගේ අයත් තමයි ද්‍රෝහියෝ. (නි)
හලාල්ද, හරාම්ද? (නි)
මෙය ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි ජනතා විප්ලවයකි (දී)
උදය මහත්මය නොදන්න දේ කියන්න එපා ඩොක්ටර් මොරිසි කියන්නේත් මුස්ලිම් බ්රෝතෙර් හූඩ් කියන්නේ ඇමෙරිකානු විරෝධී ඉස්ලාම් මත දැරි නයකයක් සහ පක්ෂයක්.(නදී)
මේක කුමන්ත්‍රණයක් කියන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල්..ඇත්තම කියනවනම් මේක ජනතා විප්ලවයක් (ත)
මාරසිංහ, මේක අරාබි වසන්තය නෙමේ. ඒකට විරුද්ධව ඊජිප්ථුව කල නැගිටීමක්. මාරසිංහට වුවමණා ලිබියාවට , ඉරාකයට , ඇෆ්ඝනිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙනවා දකින්න. මාරසිංහ වගේ මිනුස්සු හැමදාම හිටියා. කැප්පෙටිපොල වගේ පුරන් අප්පු වගේ රට වෙනුවෙන් එක හෙළා වැඩ කරපු මිනිස්සු විනාශ වුනේ ඔය පාවා දීම් නිසා. (දී)
අල්ලා දෙවිදුනේ,අපේ රටෙත් අපරාධ වැහි වැහැලා.,දුෂනේ ඉහවහා ගොහින්. අරාබි වසන්තයක් අපටත් එවන්න.බෞද්ධ රටක් කියා අහක බලන්න එපා.. (දී)
මොර්සි ගේ වැටීම ඇමෙරිකාව ලද තවත් පරාජයකි. මොහු සිරියාවට එරෙහිව ඇමෙරිකාව පාවිච්චි කිරීමට සිටි තවත් ඉත්තෙකි (දී)
එහෙම වෙන්නේ ඊජිප්තුවෙ// ලංකාවෙ එහෙම වෙන්නේ නෑ……./ (නි)
එහෙම වෙන්නේ ඊජිප්තුවේ// ................ඊජිප්තුවේ...// ලංකාවෙ එහෙම වෙන්නේ නැ…….(නදී)