ඊජිප්තු රජයේ හමුදාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් ඊයේ (1) අනාවරණය කළේය.
ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේ ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
යුද අභ්‍යාසය සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත් වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඊජිප්තු හමුදාව වසර ගණනක පටන් ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි. ඉකුත් ජූලි 3 වැනිදා, ඊජිප්තු ජනාධිපති ධුරයේ සිටි මොහොමඞ් මොර්සි බලයෙන් නෙරපා දැමීමට ඊජිප්තු හමුදාව කුමන්ත්‍රණය කළ අවස්ථාවේදී ඒ පසුපස සිටින්නේ ඇමෙරිකාව යැයි ද චෝදනා එල්ල විය.
ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා එම අවස්ථාවේදී කියා සිටියේ ඊජිප්තුවේ සිදුවුණු ‘බලයේ වෙනස්වීම’ කුමන්ත්‍රණයක් නොවන බවත් ඊට ඇමෙරිකා රජයේ හෝ හමුදාවේ සම්බන්ධයක් නැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපිත් ප්‍රවේශමෙන් ඔන්න. ඕනෑ එකටයි එපා එකටයි සියල්ලටම පාරට බහින්න ගිය විට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න. (නි)
මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ. (අ)
අපිට වුණු සෙත තමා මේ... (නි)
කොච්චර නැහැ කිවුවත් ඇමෙරිකාව තමයි මේ හැම දේකටම පිටුපසින් ඉන්නේ. හැම රටක්ම මේ විදිහට අරාජික කරලා ඇමෙරිකාවට ඕනෑ විදිහට ඒ රට පත් කර ගන්නවා. මේක ලංකාවේ අපිත් පාඩමක් හැටියට ගත්තොත් ඉතාම වටිනවා. (නි)
ඇමෙරිකාවේ නිරුවත දැන් පෙනෙනවා වැඩිය (නි)