ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් යැයි යළිත් වරක් අවධාරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (15) කියා සිටියේ කාගේවත් උදව්වක් නැතිව ඉරානයට පහර දීමට තම රටට ශක්තියක් ඇති බවය.
ඊශ්‍රායල අගමැතිවරයා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාව පනවා ඇති සම්බාධකවලින් ‘මට්ටු කළ’ නොහැකි බවත්, එය කළ හැක්කේ ඔවුන්ට පහරදීමෙන් පමණක් බවත් අගමැති නෙදන්යාහු අවධාරණය කර තිබේ.
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකාව ඉක්මන් නොවන අතර ඔවුන් තරයේ කියා ඇත්තේ සම්බාධකවලින් පමණක් එය කළ හැකි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය ගෙන දන්නේ නැතුවද බෙන්ජමින් මේ දගලන්නේ? අවුරුදු 10 ක් තිස්සේ ඔහේ බහිලා ගහනවා කරපු දෙයක් නැහැ. ඊශ්‍රායලයේ කට විතරයි. ඉරානයට ගහපු දාට තමා ඊශ්රායලයන්ගේ අන්තිම දවස. ආසා නම් ගහලම බලපුදෙන්කෝ මොකද වෙන්නේ කියලා (දී)
මම ඊශ්‍රායලය පැත්තේ (නි)
දිලිප් රත්කඩුව, කරුණාකරලා අතීතයට ගිහින් බැලුවා නම් හොදයි ඔබ කාගේ පුතාද කියලා.(නදී)
මම ඊශ්‍රායලය සුබපතමි , (අ)
ලෝක සාමය කවදා උදා වෙයිද (දී)
කොයි රටකටවත් යුද්ධය එපා (දී)
යුද්ධය එපා (දී)
සිංහල නම් වලින් අදහස් දමන තම්බිල මෙතන ඉන්නවා (අ)
ඉරාන ෆයිනල් මැසෙන්ජර් බලකාය මොනවා කරයිද දන්නේ නැහැ ලෝකෙට? ඔන්න ඔහේ ප්‍රාර්ථනා කරමු ඉක්මනින් ගහන්න කියලා. ලෝකෙත් දැන් වනගත වෙලානේ. ආයේ යමු අපි ගල් යුගයකට (දී)
ජනක,රානි ,සේන වැනි අඳ බාලයින් කවදා හරි අපේ රටත් නැවත අධිරාජ්‍යවාදීන්ට පාවා දී ඉල්ලන් කන්න හදනවා. (දී)
ඊශ්‍රායලය කොහොමත් ඉරානයට පහර දෙයි. හැබැයි ඊට පස්සේ වෙන දේවල් තමයි පොඩ්ඩක් දරුණු. කොහොම වුනත් කර්මය වෙනස් කරන්න කාටවත් බැහැ (දී)
අනේ! අපේ රටේ ඉන්දන මිල 500% ඉහල යන ලකුණු. (දී)
මුළු ලොවම මුස්ලිම් විය යුතුයි කුරානේ කියන අනවරත යුද්ධයක් ගැන විශ්වාසේ තබා සිටිමින් ඇමරිකාව නිසා සහ මානව හිමිකම් නිසා ලොව අනෙක් රටවල් මුස්ලිම් කරනේ සදහා යටත් කරගැනීමට අද දින නොහැකි අන්තවාදී මුස්ලිම් රටවල් නොයෙක් ආකාරයෙන් තම බලපෑම කරමින් සිටි.ඉරානේ නිතර මැදපෙරදිග මධ්‍යස්ත රටවලට බලපෑම් කරයි.ඇමරිකාව බොඩි ගාර්ඩ් ලෙස සිටිමින් ඔවුන් රකි.මෙවැනි අදහස් වලින් මොලය ඔද්දල් කරගත් රටවලට ගහන්නේ කවුද අප ඔවුන්ට සහය දැක්විය යුතුවේ. (දී)
අපිට නම් ඔය කවුරුත් එකයි (දී)
ඇමරිකාව ඉරාකයට ගහද්දිත් ගොඩක් අය කිව්වා ඉල්ලන් කන්න හදනවා කියලා. මේ වෙලාවෙත් කියනවා. නමුත් ඇමරිකාව ප්රමුඛ බටහිර අයයි, ඊශ්‍රායලයයි එක්ක ඉරානයට සහ මිතුරන්ට හැරෙන්නවත් බැහැ. ඒක තමයි ඇත්ත. පොඩ්ඩක් බලන්න රට රට වල යුධ ශක්තිය සසඳලා. (දී)
කුමාරට තාම තියෙන්නෙ පුංචි අයගෙ අදහස්. කුමාර ඔයා මීට වඩා ගොඩක් ලෝකෙ ගැන ඉගෙන ගන්න බලන්න. (දී)
ජනක,රානි ,සේන හරියටම හරි. මමත් ඔවුන් සමගයි. කුමාර, ඔයා ටිකක් ලෝකය දිහා ඇස් ඇරලා බලන්න මොනවද වෙන්නේ කියලා. එතකොට ඔයාටත් වැටහෙයි. (දී)
ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉල්ලන් කන්න තමයි මේ හදන්නේ(දී)
දුවන්න දෙන්නයි තියෙන්නේ (දී)
අල්ලා දෙවිදුනේ, අපේ රටෙත් වංචා දුෂණ අපරාද වැහිවැහැලා. බෞද්ධ රටක් කියා අහක නොබලා බ්‍රසිලේට ඇරියා වගේ අපටත් එවන්න ඔය වසන්තෙන් එකක්.එක්කෝ හරියයි එක්කෝ තවටිකක් නැතිවෙයි. (දී)
ජනක,රානි ,සේන වැනි අඳ බාලයින් කවදා හරි අපේ රටත් නැවත අධිරාජ්‍යවාදීන්ට පාවා දෙන එක සිකුරුයි (දී)
දෙන එක දෙන්න අතුගෑවිලාම යන්න.අන්තවාදී මත දරමින් ඒවා ලොව වටා ව්‍යාප්ත කිරීමේ කොන්තරත් බාරගන ඉන්න උදවියට බණ කියලා හරියන්නේ නැහැ දෙන්නම තමා වටින්නේ. (දී)
ලංකාවේ ඇමරිකන් විරෝධියෝ නිකන් බොරුවට කෑගහන්න එපා. මොකෝ මැද පෙරදිග රටවලුත් දත කට නියවාගන එන්නේ ඉරානෙට ගහනකන්.ගහන්නේ ඊශ්‍රායලයද ඇමරිකාවද කියලට එයාලටත් වැඩක් නැහැ. ඒ මොකෝ මැදපෙරදිගට බලපෑම් කරන්නේ දැඩි මතදාරි සෞදිය නෙවේ ඉරානේ. (දී)