ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කළත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට දැන් ප්‍රමාද වැඩි යැයි ඇමෙරිකා හමුදාපති ජෙනරාල් මාටින් ඩෙම්සි පවසයි.
ඇමෙරිකානු හමුදාපති මේ බව කියා සිටියේ ලන්ඩන් නුවර පැරාලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේදීය.
ඊශ්‍රායලය පවසන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් හෙයින් ඉරානයට පහර දිය යුතුයි කියාය. ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි යැයි ද ඊශ්‍රායලය තරයේ කියා සිටී.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එය කඩාකප්පල් කළ නොහැකි බවත්, එසේ ප්‍රහාරයක් එල්ල කළහොත් ඉරානය කඩිනමින් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කරනු ඇති බවත් ජනරාල් ඩෙම්සි අවධාරණය කරයි.
නොවැම්බර් මස පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව්වරුන්ගේ ඡුන්ද දිනා ගැනීමට නම්, ජනපති බැරැක් ඔබාමාට ඊශ්‍රායලයේ හිත දිනා ගැනීමට සිදුවෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තේරුම් ගත්ත එක හොඳයි..(ස)
ඒක තේරුම්ගත්ත එක හොදයි...(ස)
ඇමරිකාව බයයි...(ස)
ඉරාන ජනපති අතේ මොන වැරදි තිබුණත් කවදාවත් ජනතාවගේ මුදල් අයථා අන්දමින් වියදම් කරන්නේ නැහැ (නි)
නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා. (නි)
කයිවාරුව විතරයි (ස)..
ඇමෙරිකාව ඊශ්‍රායලයට එරෙහිව පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් ඉරානය මට්ටු කළ නොහැකි ඇයි..?
ඉරානය ඕන ගේමකට ලෑස්ති උනේ ඇමරිකන් මෝඩයෝ ඉරාකෙට ගහපු දවස් වල. මේක තේරුම් ගන්න බැරි මැටි හරක් මුළු ලෝකෙම නැති ප්‍රශ්න ගොඩකට ඇදල දන්නා හදනවා.
නුවන්ට නුවණ තිබේ. එක් කෙනෙක් ප්‍රතිචාර දැම්මහම තමයි අනෙක් අයටත් දාන්න හිතෙන්නේ. (නි)
ඇහුවොත් න්‍යෂ්ටික අවි නැහැ... (දී)
ඔය කියුවට හොයන්න ගියාම නැහැනේ (ස)
අපේ නවීන ආයුධ පරීක්ෂා කරන්න ඉරානය හොද තැනක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේක න්‍යෂ්ඨික යුද්ධයක් කියලා කවුද කියන්නේ? (නි)
ලෝකයට ත්‍රස්තවාදය ඇති කරලා, ත්‍රස්තවාදය බෝ කරලා , දැන් එනවා කයිවාරු ගහන්න. (නි)
ඉරාකය විනාශ කරලා ඉවරයි. මේ අය කපටියි වගෙයි. (නි)
මේ දෙගොල්ලන්ම වැරදිලා. ඇමරිකාව කවදාවත් ඊශ්‍රායලයට සම්බාධක පනවන්නෙ නෑ. (ස)