ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බන්ඩාරා දිස්ති‍්‍රක්කයේ මුර්මාඩා නමැති දිළිඳු ගම්මානයේ එකම පවුලේ දැරියන් තිදෙනක දුෂණය කොට, මරා දමා ඔවුන්ගේ සිරුරු ගම්මානයේ ළිඳකට විසිකර තිබියදී පෙරේදා (20) සවස පොලිසියට හමුවිය.
දුෂණය කොට මරා දමා ඇත්තේ අවුරුදු 6, 9 සහ 11 යන වයස්වල සොහොයුරියන් තිදෙනෙකි. ඔවුන් දුෂණයට ලක් වී ඇත්තේ පාසල අවසන් වී නිවෙස බලා පැමිණෙද්දීය.
දැරියන් තිදෙනා පාසල ඇරී නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මව කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වද්දී ගම්මානයේ ළිඳකින් මළ සිරුරු හමුවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසනුන්ටත් වඩා තිරිසන්නු.(නදී)
අහස පොළොව නුහුලන අපරාදයක්. (නදී)
මෙවැනි අහස පොළව නුහුලනා තිරිසන් ක්‍රියා කරන අපරාධකරුවන්ට නීතියෙන් නිසි දඩුවම් දිය යුතුය. ඉන්දියාව සාමාන්‍යයෙන් වෙනත් ආසියාතික රටකට වඩා ස්ත්‍රීවාදීන් ප්‍රබල රටකි. ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ ආදිය සංවිධානය කර විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පසුගිය දිනවල ස්ත්‍රී දූෂකයින්ට එරෙහිව වීදි බැස ලොවට ප්‍රදර්ශනය වන ලෙස විශාල උද්ඝෝෂණ වල නිරතවූවෝ ඔවුහු වෙති. මෙවැනි කුඩා දරුවන් දූෂණය කර මරා දැමීම වැළැක්වීමට ඊනියා ස්ත්‍රීවාදීන් ප්‍රදර්ශනාත්මක කාන්තා සංවිධාන ගෙන ඇත්තේ කුමන පියවරක්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. (නි)
මේ පාපතරයෝ දරුවන්ගෙ වයස් ගැනවත් හිතලා නැහැ නේද?
ඉන්දියාවට විතරක් බනින්න එපා. ලංකාවේ මේවා වෙන්නේ නැද්ද? දකුණු ආසියානු රටවල් දැන් මේ වගේ.(නදී)
අපේ රටේ තත්ත්වය මීට හපන්. (නි)
වෙන දේවල් වලින් බොහොම ටිකයි අපිට දැන ගන්න වෙන්නේ (ස)
මෙවනි තිරිසන් අධම ක්‍රියා කරන පාපතරයින්ට නිසි දඬුවම් දිය යුතුමයි. මම යුවතියක වශයෙන් මෙවැනි අපරාධ ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිමි.(ස)
අනේ මෙහෙම තිරිසන් ලෝකයක්! (නි)
සුජිත්, මෙය එදින සිදුවූ එක තිරිසන් ක්‍රියාවක් විතරයි. ඉන්දියාව තරම් ගැහැනුන්,කුඩා ළමයින් දූෂණය කර මරාදමන තවත් රටක් ලොව නැති තරම්. කුල භේද සහ දිළිඳුකම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. (නි)
අනේ මට මේ වගේ රටක ජනාධිපති වෙන්න පුළුවන් උනා නම් (ස)