ඉන්දියාවේ ජෙට් ගුවන් සමාගමේ යානයක් මගීන් 161 දෙනකු හා කාර්ය මණ්ඩලය සමග අද පෙරවරුවේ ගෝවා හි ඩබොලිම් ගුවන්තොටුපළේදී අනතුරකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
හදිසි ප්‍රතිකාර සඳහා මගීන් යානයෙන් එළියට ගත් බවත් මගීන් 15 දෙනකු පමණ සුළු තුවාල ලබා ඇති බවත් කියති.
එම යානය ගුවන්ගත කිරීමට යද්දී ලිස්සීමකට ලක්ව අංශක 360ක් කැරකී ගොස් ඇතැයි වාර්තාවේ. යානය මුම්බායි බලා යාමට නියමිතව තිබූ එකක් බව කියති.
මේ අතර ඉන්දිගෝ සහ ස්පයිස් ජෙට් යානා දෙකක් දිල්ලි නුවර අයිජීඅයි ගුවන්තොටුපළේදී මුහුණට මුහුණලා පැමිණීමෙන් සිදුවීමට ගිය අනතුරක් නූලෙන් බේරුණු බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ලක්නව් හි සිට මගීන් 176 දෙනකු සමග පැමිණි යානයක් හා ස්පයිස් ජෙට් යානයක් අතර මෙම අනතුර සිදුවීමට ගිය බවත් ලක්නව් සිට පැමිණි යානාවේ නියමුවා එය නතර කර ගැනීමට සමත්වූ බවත් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි කල්පනාව අනිත් රටවලට මිසයිල ගහන්න (නි)
ඇති ඔයින් ගියා! (නි)
අයියෝ ඉතින්, ගුවන් කරනම් අනතුරු ඕනෑම රටක වෙන්න පුලුවන්නේ (නි)
ඉන්දියාවේ වැසිකිළි ප්‍රශ්නයක් තිබෙන නිසා මිනිස්සු ධාවන පථයේත් මළපහකර මෙම අනතුර වුණාවද්ද?
අම්මෝ! මමත් ජෙට් එයාර්වේස් යානයක ගිහින් තියෙනවා. ඉන්දියාවේ ගුවන් ගමන් කියන්නේ අපේ පෝළිමේ බස් යනවා වගේ. (නි)
හැබැයි පයිලට් කියාවී එයා පොඩි සෙල්ලමක් දාල පෙන්නුවා කියල (බ)
ද සිල්වා ඔය වැසිකිලි කතාව නිතර කියන්න එපා ඒගොල්ලන්ට වැඩිය අපේ අයට තරහ යනවා. (බ)