සතුරු යාත‍්‍රාවකැයි වරදවා වටහා ගෙන ඇමෙරිකානු නාවික හමුදාව ඉන්දීය ධීවර බෝට්ටුවකට පෙරේදා (16) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඉන්දීය ධීවරයකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙක් තුවාල ලැබූහ.
ඉන්දීය බෝට්ටුවට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජෙබල් අලී වරායට ඔබ්බෙන් මුහුදේදීය. ප්‍රහාරයට ලක් වෙද්දී ඉන්දීය ධීවර යාත්‍රාව ඇමෙරිකා නාවික හමුදාවට අයත් යූ.එස්.එස් රබානොක් නමැති ඉන්ධන පිරවුම් නෞකාවට කිට්ටු වී ඇත.
ධීවර බෝට්ටුව නැවට කිට්ටු වෙද්දී ඇමෙරිකා නාවික හමුදා නිලධාරීන් ඊට අනතුරු ඇඟවීම් කර ඇති නමුත් ධීවර බෝට්ටුව ගමන් මඟ වෙනස් නොකර නැව දෙසට පැමිණ ඇත.
එම අවස්ථාවේදී සතුරන් නැවට පහර දීමට පැමිණැයි අනුමාන කරමින් මැෂින් තුවක්කුවලින් වෙඩි තැබූ බවත් පසුව පරීක්ෂා කර බලද්දී පහර දී ඇත්තේ ධීවර බෝට්ටුවකට බවත් එහි සිටියේ ඉන්දීය ජාතිකයන් යැයි දැනගත් බවත් ඇමෙරිකා නාවික හමුදාව පවසයි.
යූ.එස්.එස් රබානොක් වැනි ඉන්ධන ප්‍රවාහන නැව්වලට පමණක් නොව යුද නැව්වලට පවා කුඩා බෝට්ටුවලින් පැමිණ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාවේ සතුරෝ පසුබට නොවෙති.
මීට පෙර 2000 වසරේ දී ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් කුඩා බෝට්ටුවකින් පැමිණ යූඑස්එස් කෝල් නමැති යුද නැවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇමෙරිකා නාවික හමුදා සෙබළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඉරාන නාවික හමුදාව ද අනතුරු අඟවා ඇත්තේ මධ්‍යධරණී මුහුදට පැමිණෙන ඇමෙරිකානු නැව්වලට කුඩා බෝට්ටු භාවිත කරමින් පහර දෙන බවය.
ඉන්දීය ධීවර යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ පවත්වන බව ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව ද පවසා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල මොකටද එහෙ ගියේ ?
එක අතකින් හොද වැඩේ. දැන් අර ජයලලිත මොකද කියන්නේ? මෙන්න මරනවෝ කියල කෑ ගහනවානම් ඇහුනේ නෑ! නැත්නම් කියයි ලංකාවේ නාවික හමුදාව තමයි වෙඩි තිබ්බේ කියල කොහොමද මේ අය මුහුදු කොටින්ට මුහුණ දුන්නොත්! කෑලිවත් හොයා ගන්න බැරි වෙයි.
දැන් ජයලලිතයි, කරණානිධියි මේකට කරන්නේ මොකක්ද බලමු.
අනේ මන්දා, ඇමරිකන් කාරයින්ට තිබුණේ හින්දි වලින් අනතුරු හගවන්නනේ.මේ අයට වෙන මොලෝ දෙයක් තේරෙන එකක්යෑ.
කොල්ලනේ යන්න ඒපා. ඔන්න ඇමරිකන් කරය වෙඩි තියනවා . ඔචිචර බය තිබුනොත් ඇති
ධීවරයන්ට වෙඩි තියපු ඉතාලි සොල්දාදුවෝ දෙන්න තාම හිරේ බලමු ඇමරිකන් කාරයින්ව ගෙනල්ල හිර කරයිද කියල ? නැත්නම් ඇමරිකාවට නකුට වනයිද කියල
රොහාන්-ඉන්දියාවේ හැමෝම හින්දි අපි දන්නා තරම් වත් දන්නේ නෑ. දෙමළෙන් හරි මල්බෙරි වලින් හරි කිවුවා නම් හරි. ඔන්න දැන් අපිට පාට් දාන ජයලලිතයි, කරණානිධියි පුද්ගලිකව ගිහින් ඔබාමට දෙකක් ඇනල එයි.
ජයලලිතගේ කරුණානිධිගෙ කටේ පිට්ටුද? කතා කරන්නෙ නැත්තෙ.. ඇමරිකාව කොච්චර කට ගැහුවත් කළාමැදිරිඑළියටත් බයයි..!!
ජයලලිතා නිදිද?
ඒ අය මක්ක කියන්නද එක කලේ අපේ හමුදාව යෑ . ඇමෙරිකාව ඒ කට්ටියගේ සුරපුරය නේ . ඉතින් ඕක අපි අමතක කරලා දාමු කියයි