ඉන්දීය හමුදා කාශ්මීරයේ පාකිස්තාන දේශ සීමාවට එල්ල කළ ප්‍රහාරයත් සමග පාකිස්තානය තුළ ඉන්දීය රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා විකාශය තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
දෙරට අතර සබඳතා පළුදු වීමත් සමග ඉන්දීය සිනමා පටවලටද පාකිස්තානය තුළ තහනමක් පැනවීමට පියවර ගෙන ඇත.
පාකිස්තානයේ ක්‍රියාත්මක ඉන්දීය කේබල් රූපවාහිනී නාළිකාවලටද මෙම නීතිය ක්‍රියාත්මක බවත් නීතියට පිටින් කටයුතු කළහොත් දැඩි පියවර ගන්නා බවත් පාකිස්තාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉන්දියනුවොනම් මහා පුදුමම ජාතියක් ..එරටේ වගකිව යුත්තොත් ඒ වගේමයි ? බලන්න ..ඉන්දියාවට වටේට ඇති සියලුම රටවල් සමග ඉන්දියාව කොකුදමාගෙන ජීවිත කාලේම යුද්ධ ? කාශ්මීර දේශ සීමාව ප්‍රශ්නේ පලස්තීනය යුද්දෙටත් වඩා දිගයි ?බංග්ලාදේශ .නේපාලය ..චීනය .පකිස්තානය ,මාලදිවයිනෙත් දුපත් වල බලය තියාගෙන ඉන්නේ ඒ රටේ පාලකයන්වගෙයි හරියට ..?මේ ඉන්දියානුවෝ අපේ රටේ හුලගක් වදින දුරකට ගෙන්වා ගන්න එපා ..? ජරාම ජරා ජාතියක් ....?(බ)
රුපවතී, මෝඩයා කට වහගෙන ඉන්නතුරු බුද්ධිමතෙක්ලු. (ර)
රුපවති ගේ කතාව නම් හරියට හරි. යහපාලනයේ කෙනෙක් නෙවේ වගේ පෙන්නේ. එහෙන් ගිලන් රථ සේවයත්එ ගත්තා. එකට ත් ගහමු. රටේ ආර්ථිකය දියුණු වෙනවා කියලා කියන්නේ ඔය. (ර)
බංගලාදේශය, නේපාලය, චීනය, පකිස්ථානය සහ මාලදිවයින් වල බලය ඉන්දියාව තියාගෙන ඉන්න බව මේ රූපවතී කියනකම් දැනගෙන හිටියේ නැහැනේ. ඇත්තටම රුපවතී ඔයා සයිප්‍රස් රටේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක්වද්ද? (නි)
ඉන්දියානුවෝ ජරාම ජරා ජාතියක් නම් ඇයි දන්නේ නැහැ ලංකාවේ අය ලක්ෂ ගානක් වියදම් කරගෙන ඉන්දියානු ජරා දොස්තරලා ගාවට යන්නේ සංකීර්ණ සැත්කම් කරගන්න..? ඉන්දියාවේ හුළං වද්දාගන්නේ නැතුව ඔපරේෂන් ටික ලංකාවේම කරගන්න තිබුනනේ. (නි)
නුවන්, මමත් රූපවතීගෙ අදහසට එකඟවෙනවා. මම මීට මාස කීපයකට කලිනුත් මේ උද්ගතවී ඇති තත්වය ගැන පැහැදිලි කිරීමක් කළා, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. මොකද ඉන්දියාව දකුණු ආසියාවේ බලවතා නිසා ඉතා නිර්ලජ්ජී විදියට සෙසු රටවල ස්වාධීනත්වයට ඇඟිලි ගසනවා. (නි)
දිව්‍යානි, ඔයා දන්නා දෙයක් නැහැ. මම ගොඩක් ඉන්දියානුවන් ආශ්‍රය කරලා තියනවා. මම රූපවතීගේ අදහසට 200%ක් ස්ථිර කරමි. (නි)
මම රූපවතීගේ කියමන අගය කරනවා.....රූපවතීට ජයවේවා.....(බ)
එක දෙයක්, කට්ටිය මට හොඳට පහර දෙයි මේක කිවා කියලා, ඉන්දියානුවෝ කුල වසයෙන් බෙදිලා, ආගම් වශයෙන් බෙදිලා, බාෂාව අතින් ගත්තත් එහෙමයි, උතුර දකුණ ගත්තත් දකුණට වඩා කුලවන්තයෝ බුද්දෝමතුන් ඉන්නවා කියල හිතන්නේ උතුරේ , හැබැයි බාරතය කියන තැනේදී ඔක්කොම එකයි , ඒකට අපි ඔකේ අනිත් පැත්ත ඒ හින්ද රටක් හැටියට අපට වඩා ඒ අය ඉස්සරහින් ඉන්නවා. (ර)
රූබි, ඔබ ගොඩක් ඉන්දියානු අයව ආශ්‍රය කරලා ඇති.සුළු තරයක් කරන වැරදි වැඩ වලට සමත්ත ඉන්දියානුවන්ටම ගැරහීම නොකළ යුත්තකි..අපගේ බුදු සමිදුන් ඉපදුන දේශය,,මහත්මා ගාන්ධි වැනි උතුම් මිනිසුන්ට ජන්ම ලාබය ලැබූ දේශයට, අපගේ පරිනත සංගීත විශාරදයන් පෙරදීග සංගීතය ඉගෙන ගැනීමට යන විශාරද මිනිසුන්ට ,සමස්තයක් වශයෙන් "ජරා ජාතියක්"යයි ගැරහීම ඔබ අනුමත කරන බවකි.(හේ)
මේ මිහිතලයේ කිසිවෙක් ‘ජරා ජාතිකයෝ‘ කියා මිනිස් කොට්ටාසයක් නොමැත. අප සියලු දෙනාම මනුෂ්‍ය ජාතිකයෝ වෙමු. (බ)
සීපා ගිවිසුම අත්සන් කළාට පසු ඉන්දියානුවෝ ගැන දිව්‍යානි, පුජා සහ ඉන්දියානු ගැති සියලු දෙනාටම වැටහේවි. නමුත් එවිට ගොඩක් පරක්කු වැඩියි. (නි)