ඇමරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවී වසර 15ක් සපිරීම නිමිති කරගනිමින් අද විශේෂ සැමරුම් සංවිධානය කර තිබිණි.
2001 සැප්තැම්බර් 11 වැනිදා තලේබාන් ත්රස්තයන් විසින් ගුවන් යානා උපයෝගි කරගනිමින් ලෝක වෙළඳ මධ්‍යස්තානයට හා පෙන්ටගනයට ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර ඉන් දහසකට වැඩි පිරිසක් මිය ගියහ.
ඇමරිකා වැසියන් අදත් එම ප්‍රහාරය කිසිදා අමතක නොවන බව කියමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.
තවත් පිරිසක් එක්ව පෙන්ටගනයේ සිට නිව්යෝක් නුවරට කිලෝ මීටර් 400ක් පමණ දුර දුවමින් ප්‍රහාරයේදී තුවාලකරුවන් බේරාගැනීමට මහත් සේවයක් කළ ගිනි නිවන හමුදාව, පොලිසිය හා බේරාගැනීමේ සේවකයින් සිහිපත් කළහ. ඔවුහු සිකුරාදා වර්ජිනියා වලින් ඇරඹි එම වැඩසටහන ඉරිදා නිව්යෝක් නුවරින් අවසන් කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ප්රජාතන්ත්රවාදීම රාජ්‍ය බිඳවැට්ටවීමට අන්තවාදීන් ගත් අසාර්ථක උත්සාහය! මමත් ඊයේ නිව්යෝක්හි ස්ටේටන් අයිලන්ඩ් වලදී සිහිකිරීමේ උත්සවයකට සහභාගි වුණා. අල්කයිඩා ඇමරිකාවෙන් කාපු කෑමේ හැටියට මේ දේ කළ එක මෝඩකමක් කියලා හිතනවා ඇති (නි)
ලෝකෙටම යුද්ධය පතුරුවපු අයට හොඳටම රිදුන දවසක් තමයි එදා (නි)
ඇමරිකාව කටින් බතල හිටවන රටක් කියලා හිතා ගත්තේ මෙම ප්‍රහාරයෙන් පසුවයි. ඩොලර් සුළු ප්‍රමාණයක් පිරිවැයකින් මිනිසුන් තුන් හතර දෙනෙක් ආරක්ෂාව, යුද ශක්තිය ගැන පුරසාරම් ගහන රටකට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළා. (බ)
වසර 30 ක් යුද්දෙන් බැටකාපු අපි වගේ මිනිසුන් තමයි ඒකේ දුක දන්නේ ..?යුද්ධය වපුරන මේ වගේ බලවත් රටවලුත් යුද්දයේ ආනිශංසයන් දැකිය යුතුමයි ....? (බ)
රූපවති ඔබගේ අදහස හරියටම හරි. (බ)
එක ප්‍රහාරයක් මෙලෙස සමරනවා නම්, ත්රස්තවාදයට මෙතරම් විරුද්ධ නම් ඇයි අපි යුද්ධෙන් ජයග්‍රහණය කලාට පස්සේ නැති ලෙඩවල් දැම්මේ ? මේ ප්‍රහාරය මෙතරම් රිදුනා නම් ලිබියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය, සිරියාව වගේ රටවල් නැත්තටම නැති කලේ ඒවා කොහොමද ඒ මිනිස්සු සමරන්නේ ? (හේ)
ෆස්රුල්, ඔබ වගේ ලංකාවේ සියලුම සහෝදර මුස්ලිම් මිනිස්සු හිතනවා නම් මොනතරම් අගේද? (නි)
නාමල් නිව්යෝර්ක්, හොඳ වෛද්‍යවරයෙක් ලවා ඔබගේ මොළය පරික්ෂා කරගන්න (නි)
ෆස්රුල්, දන්නා දෙයක් කටාකරන්න. ලිබියාවේ, සිරියාවේ, ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ ඔක්කොම ප්‍රශ්න වලට මුල අන්තවාදය. මෙතන කතාකරන ලෝකය ගැන නොදන්නා අය හිතාගෙන ඉන්නේ ඇමරිකාව එන්න කලින් ඒ රටවල් සුරපුර වගේ තිබුනා කියලා (නි)
නාමල් අමෙරිකාව ඉරාකයේ තහනම් අවි ඇති බව කියමින් එය හේතුවක් කොට ඉරාකය ආක්‍රමණය කර පසු එවැනි කිසිම ආයුධයක් එහි නැතිබව කියමින් සොරි කියපු එක ගැන ඔයා මොකද කියන්නේ ? (බ)
ඇමරිකාවේ වාසනාවට මුස්ලිම් වරුන්ට නිවැරදි නායකත්වයක් නෑ (අ)
ඇමරිකාවටත් ත්රස්තවාදයේ බියකරු බව දැනීම මෙවැනි ප්‍රහාර මඟින් සිදුවුණ යහපත් දෙයක් (නි)