ඇමෙරිකාවට ඇතුළුවීමට තහනම් කරන ලද ජාතිකයන් අයත් රටවල් අතරට පාකිස්තානය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී රියෙන්ස් ප්‍රයිබස් මහතා පවසයි.
සරණගාතයන්, සංක්‍රමණිකයන් මෙන්ම හරිත පත් (ග්‍රීන් කාඩ්) වීසා හිමියන්ට ඇමෙරිකාව ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මහතා දුන් නියෝගයට අදාළ රටවල් අතරට ඉදිරියේදී පාකිස්තානයද ඇතුළත් කෙරෙනු ඇතැයි රියෙන්ස් ප්‍රයිබස් මහතා කීවේය. මේ වනවිට සිරියාව, ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියව සහ යේමන පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. මෙම රටවල බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති.
“මෙම රටවල් හත ඔබාමා පරිපාලනයේදී වඩාත් භයානකම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන රටවල් ලෙසින් කොංග්රස් සභාව විසින් හඳුනාගෙන තිබුණා” යැයි සී.බී.සී පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රයිබස් මහතා පැවැසීය.
ඒ හා සමාන පසුබිමක් තිබෙන රටවල් කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කරන බව ඔහු පැවැසීය. මේ වනවිටත් පාකිස්තානු සහ ඇෆ්ගනිස්තාන පුරවැසියන් ඇමෙරිකාවට ඇතුළුවන වනවිට දැඩි පරීක්ෂාවකට ලක් කෙරේ.
දැනටත් පාකිස්තානු ජාතිකයන් මෙන්ම පාකිස්තාන-ඇමෙරිකානුවන් දහස් ගණනක් ඇමෙරිකාවේ ජීවත්වෙති.
“මේ රටවල් තමයි ත්රස්තවාදීන්ගේ නිවහන. එම රටවල් ත්රස්තවාදීන් පුහුණු කරනවා. මේ රටවල්වලින් කවුද එන්නේ යන්නේ පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. ඔවුන්ගෙන් අපේ රටට හානි සිදුවීම වැළැක්විය යුතුයි” යැයි ප්‍රයිබස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ඇමරිකාව තමයි ත්‍රස්තවදය ලෝකෙට බෝ කරන්නේ, ඒ ගොල්ලෝ තමයි හොද ත්රස්තවාදීන් සහ නරක ත්රස්තවාදීන් කියල වෙන් කලේ. අපේ රටේ හිටපු ත්රස්තවාදීන් ඒගොල්ලොන්ට හොද වුනානේ කාලයක්. (ර)
ලලිත්: ඔය කියන සුඛෝපබෝගී ජීවිත ජාත්‍යන්තර සිසුන්ට තියෙනවා කියල මමනම් කොහෙවත් දැකල නැහැ. මෙයා හීනයක් දැකලද කොහෙද. (බ)
පකිස්ථානය යනු ත්රස්තයන් බිහි කරන රටක් , ආසියාවේ මත් කුඩු ව්‍යාපාරයේ පළමු රට , ලංකාවටත් මොවුන් කරදරයක් , මත් කුඩු ගෙන එම , සොර වෙළද ව්‍යාපාර , අන්තවාදය , ඇමරිකාව එසේ කලට අපට එහෙම කරන්න බැරි ඇයිද කව්රුත් දන්නවනේ. (ර)
මේවට ඉතින් අපි මොනවා කියලා කියන්නද? (නි)
අනේ අපි වගේ කුහක ජාතියක්. අවසාන යුද්ධ කාලේදී අපට උදව් කළේ පාකිස්ථානය. ඉන්දියාව හා ඇමරිකාව අපි දිහා බැලුවේවත් නැහැ. හැබැයි අවසාන යුද්ධයේදි ඇමරිකාව ප්‍රභාකරන්ව බේරගන්න හැදුවා. ඉතින් අපි කියනවා අපි තමයි ලෝකෙන්ම් උතුම් ජාතිය කියලා. කියන්නත් ලැජ්ජයි (නි)
හේෂාන් මානවඩු, ඉතාලිය පාකිස්තානය කියන්නේ අපි වැඩිපුරම අපනයන ආදායම් ලබාගන්නා රටක්. මෙතන අදහස් දාන සමහර බුද්ධිමතුන් හිතාගෙන ඉන්නෙ ලංකාව ඇමරිකාව වගේ පොහොසත් රටක් කියලා. (නි)
අපේ රටවල් මේ මට්ටමට කවදා එයිද? (නි)
අපට කවදත් සහයට හිටියේ පකිස්ථානය .පහුගිය ලෝක කුසලානය වෙලාවේ ඔය කියන බටහිර රටවල් අපේ රටේ සෙල්ලම කරන්න බැහැ කියද්දී පකිස්ථානය අපි වෙනුවෙන් අපේ රටට ආව සෙල්ලම් කරන්න. යුද්ධේදී අපට උදව් කලේ පකිස්ථානය. අපට ඔය ඇමරිකාව සම්භාදාහක දානකොට අවි දුන්නේ පකිස්ථානය. අනේ අපේ මිනිස්සුන්ට මේවා මතක නැහැ. දැන් ඇමරිකාවට වදින්න යනවා. සිංහලයට හැමදේම මතක සති දෙකයි කියල ප්රභාකරන් කියපු එක නම් හරියටම අපට ගැලපෙනවා. (ර)
මෙතන අදහස් දාන මිනිස්සු මැරිලා ඉපදුනද කියල මට හිතෙනවා. LTTE ත්රස්තයන්ගෙන් රට බේරගන්න උදව් කරපු පකිස්ථානයට බනිනවා. අවසාන යුද්ධේදී ප්‍රභාකරන්ව බේරගන්න හදපු ඇමරිකාවට වදිනවා. (ර)
අපේ ආසියාතික රටක් අපි වගේම ත්රස්තයන්ගෙන් බැට කන රටක්. යුද්ද කාලේදී අපිට උදව් කල රටක්. මානව හිමිකම් සමුළුවේදී අපිට සහයෝගය දීපු රටක් සහ අනෙක් පැත්තෙන් හැමවිටම අපට සතුරුව සිටි රටක්, මානව හිමිකම් සමුළුවේදී අපට එරෙහිව යෝජනා ගෙන රටක්, රට බෙදීමට උදව් දුන් රටක් , අපට සම්භාදක පැනවූ රටක් . මේ දෙක අතර දොලනයවන අපේ මිනිස්සුන්ගේ සිත් හා ආකල්ප. (ර)
තිලක්, ඔය බැසිල් රාජපක්ෂගේ ගෙදර මම වතාවක් දැකල තියෙනවා. එ්ක ඒ රටේ කම්කරුවන්ටත් තියෙන ජාතියේ ගෙයක්. අපේ රටේ කොළඹ හතේ ගෙවල් දැකල ඒ ගෙදරට සුපිරි නිවාසයක් කිවුවට එ්ක ඇමෙරිකාවේ එකවතාවක් වත් ගිය කෙනෙක් එ්කට සුපිරි නිවාසයක් කියන්නේ නැහැ. ලංකාවේ සමහර රේගු නිලධාරීන් තමන්ගේ දරුවන් ඇමෙරිකාවේ පාසල් වලට යවන්නත් ඔයිට වඩා හොඳ නිවාස අරන් අඹු දරුවෝ නවත්වල තියෙනවා කියල එහෙ ගිය වෙලාවේ මම අහල තිබුන. (අ)
රාජිත, ගජබා, ජීවන්ත. සම්පූර්ණයෙන්ම එකගයි. එත් පුදුමයක් නෙවෙයි නේද 62 ලක්ෂයක් බඩ ගැන විතරක් හිතපු 2015 මතක් කර ගත්තොත්? (ර)
අනේ සමහර අයගේ කමෙන්ට්ස් දැක්කම දුක හිතෙනවා. පකිස්තානයටත් සම්බාධක දාන්නලු. අපේ රටට සම්බාධක දානවට එරෙහිව අපිත් එක්ක හිටපු පකිස්ථානයට තමයි මේ බුද්ධිමත් කියන කට්ටිය එහෙම කියන්නේ. දැන්වත් හතුරා සහ මිතුර හොදින් තේරුම් ගන්න, මිතුරු තෙමෝ දුක සැප අතරේ එකට සිටී. (බ)
ගුවනි, කියලා වැඩක් නැහැ අපේ මිනිස්සු ගැන. ඒ විතරක් නොවෙයි, යුද්ධ කාලයේදී අපිට යුදායුධ ලැබුනේ පාකිස්තානයෙන් හෝ පාකිස්තානය හරහා. (නි)
පුදුමයි අපේ අය මේක ආදර්ශයට නොගත් එක (නි)
කනිෂ්ක, අපේ කුහකකම ගුණමකුකම 2015 දී හොඳට ලෝකෙට පෙන්නුවා. දැන් විඳවනවා (නි)
කනිෂ්ක, අපිත් එක්ක එකට වාඩිවෙලා කන මිනිස්සු කාලා ඉවරවෙලා අපට මොනවා කරයිද කියා දන්නේ නැති කාලයක්. (නි)
තනුජා, ඔය මෙතන ඊශ්රයලක් ගැන කියවනවා. දැන් ඔය එන්නේ ඔක්කොම සුද්දෝ. ඊශ්‍රයලය පිහිටල තියෙන්නේ මැදපෙරදිග. මැදපෙරදිග මිනිස්සු සුද්දෝ වගේ සුදු හම අය නොවෙයි. අද ඔය පලස්තීනයේ මිනිසුන්ගේ ගෙවල් කඩලා පදිංචි කරන්නේ රුසියාවෙන්, පෝලන්තයෙන්, ඇමරිකාවෙන්, සයිබිරියාවෙන් එන සුද්දෝ ටික. අපිටත් එහෙම වුණොත් කොහොමද (නි)
නුවන්, ඔයා මාර කතාවක්නේ කියන්නේ. එහෙනම් විදුලි පුටුවේ වාඩි කරවන වස එන්නත් කරන ඇමරිකාවට යන්නේ. ඔබට තිබෙනේ හුඹස් බියක්. දසලක්ෂ ගණනක් අපේම මිනිස්සු ඔය රටවල රැකියා කරනවා. මමත් අවුරුදු 25ක් රැකියාව කළා. (නි)
තිලක්, බැසිල් රාජපක්ෂගේ විතරද සුපිරි නිවාස ඇමරිකාවේ තියෙන්නේ. අනික ඔයා දැක්කද සුපිරි නිවස? එතකොට ග්‍රීන් කාඩ් හිමිකරුවන්ට මොකක්ද වෙන්නේ අපේ රටේ? (නි)
ඒකට අපි. කුඩුද, අන්තවාදයද ඔක්කොම මෙහෙට ගලාගෙන එනවා. (ර)
එකට අපේ කට්ටිය ඔය අන්තවාදී රටවල් වලින් එන හැම කුණු ගොඩක්ම දෝත මුදුනින් තියලා ගන්නේ. (ර)
කකුළුවා දිය හැලිය රත්වෙනතුරු ප්‍රීතියෙන් නැතුව වගේ අපි මෙව්වා බලමින් අසමින් අත්පුඩි තැලීමෙන් සෙතක් වන්නේ නැහැ. මෙම ක්‍රියාකාරකම් මුහුකුරගොස් විශාල යුද්ධයකට මග පැදුනොත් අපේ ප්‍රධානතම අදායම් මාර්ගය වන මැදපෙරදිග රැකියා අනතුරේ වැටෙනවා. එවිට වර්තමාන දල ජාතික අදායමෙන් සියයට හැත්තෑවක පමණ ණය බරක් ඇති අපට අත්වන ඉරණම සිතා බැලිය යුතු වෙනවා. (ර)
පකිස්තානය විතරක් නොවෙය් බන්ගලාදේශයත්, පලස්තීනයත් එයට ඇතුල් කරන්න ඕනා. (බ)
දෙබිඩි පිළිවෙත ඉතා පැහැදිලියි, සෞදි අරාබිය ලැයිස්තුවේ නැත්තේ ඒකනේ. (ර)
පකිස්තාන් දේශපාලකයෝ සියල්ලම පාහේ ඇමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ අයයි. එහෙම වුනොත් එය පකිස්තානයේ පාලනයට දැඩි ලෙස බලපාවි. (බ)
ලලිත් ඔයාට පුලුවන්ද ඔයාගේ සහෝදරියක්ව ඔය බෙලි කපන රට වලට යවල ලංකාවට වෙලා ඉන්න? (ර)
සුපිරි වැඩක්.මෙන්න කොන්ද පන තියෙන රාජ්‍ය නායකයෝ.කියපු දේවල් කරනවා. (බ)
ලංකාවත් ඔය ලිස්ට් එකට එකතු වුන දවසට ඇමරිකාවේ බැසිල් රාජපක්ෂලාගේ සුපිරි නිවාස ටික ඉවරයි. (බ)
හොඳ වැඩක්. (ර)
තිලක්-ඩුබායිගේ මොළේ තරම...! රාජපක්ෂලට ගහන්න පුලුවන් නම් අපේ රටේ ග්‍රීන් කාඩ් හිමිකරුවන්ට මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. තුට්ටුදෙකේ දේශපාලනය නොකර අදාළ දේ ගැන කතා කරන්න (නි)
අපෙ රටේ කාලයක් කිව්ව විදිහටම සියලුම කොටි දෙමළ වුණත් සියලුම දෙමළ අය කොටි නෙමෙයි. ඒ වගේ තමා අයිඑස් සියල්ලන්ම මුස්ලිම් වුවත් සියලුම මුස්ලිම්වරුන් අයිඑස් නෙමෙයි (නි)
නහයත් එක්ක තරහට ඔලුව කපාගන්න! හෙම්බිරිස්සාව ඇතිකළේ පරණ ජනාධිපතිලා. දැන් නහය රීදෙනවා කියනවා. (නි)
ඕවා තනිකරම අසාධාරණ සහ දෙබිඩි තීරණ. වෙනත් රටකට අයිති ප්‍රදේශවලට බලෙන් අැතුලුවුණා මදිවට නිවාස සංකීර්ණ පවා හදන, ඊශ්‍රාලය කවදාවත් ඔය ලැයිස්තුවට එකතුවෙන්නේ නැහැ. මොකද එය ආසාධාරණයක් වුණත් වෙන්නේ මුස්ලිම්වරුන්ට නිසා. මුස්ලිම්විරෝධී ට්‍රම්ප්ට සහ සෙසු ලෝකයට එය සාධාරණයි. හැබැයි ඔහොමම ගියොත්, වැඩිකල් යන්න කලින් ට්‍රම්ප් නිසාම ලෝක යුද්ධයක් පවා ඇතිවෙන්නත් පුළුවන්. (නි)
අපේ රටෙත් මෙහෙම කරන්න ඕනෑ. (නි)
මට ඉහේ මලක් පිපිලා වගේ ඉන්නේ හැමදාම සිහිනෙන් එකේ ට්‍රම්ප් ගේ කතා අහල. මරු නායකයෙක්. අන්තවාදීන්ට දෙන්න ඇදුමේ මළ පහ වෙන්නේ.......(බ)
රේඛා, ඊශ්‍රාලය බලෙන් ඇතුළුවුණේ එයාලගෙම රටට. ඉතිහාසය හොයලා බලන්න. කවදාහරි අපිටත් වෙන්නේ ඔය ටික තමා (නි)
නුවන් එක කරන්න බැරි හින්ද නේන්නම් ඒගැන හිත බලන්න කිවුවේ. හැකිනම් වෙනත් අදායම් මාර්ග සලසා ගැනීමට කල් ඇතුව පියවරක් ගන්න, මෙයා මේ නැට්ට පාගාගෙන මරහඬ තලනවා සිංහල තේරෙන්නේ නැතුව? (අ)