සී.අයි.ඒ බුද්ධි අංශයේත් එන්.එස්.ඒ. ආරක්ෂක අංශයේත් සහාය ඇතිව, දුරකතන ඇමැතුම්වලට කන් දෙමින් සහ ඊ මේල් පණිවුඩ කියවමින් ඇමෙරිකානු රජය එරට වැසියන් ගැන ඔත්තු බලන බව ලොවට හෙළි කළ එන්.එස්.ඒ. ආරක්ෂක අංශයේ හිටපු කොන්ත්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් කියුබාවට පලා යෑමට සැරසේ.
ස්නෝව්ඩන් මේ වනවිට සිටින්නේ රුසියාවේ මොස්කව් නුවරය. හොංකොංහි හෝටලටක රැුඳී සිටි ඔහු, රුසියාවේ මොස්කව් නුවරට පැමිණියේ රුසියානු රජයේ ආරක්ෂාව මැදය.
ස්නෝව්ඩන්, ඇමෙරිකා රහස් ලොවට හෙළි කළේ මීට සති කිහිපයකට පෙරය. ඒ, හොංකොං බලා පැමිණීමෙන් පසුවය. රහස් හෙළි කළ අවස්ථාවේ සිට ස්නෝව්ඩන් ඇමෙරිකාවට ගෙන්වා ගෙන ඔහුට එරෙහිව නීති මගින් පියවර ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
ඔබාමා පරිපාලනය රුසියානු රජයෙන් ඉල්ලා ඇත්තේ ස්නෝව්ඩන් වහාම තමන්ට බාර දෙන ලෙසටය. ස්නෝව්ඩන් ඉල්ලීමක් කළොත්, ඔහුට ආරක්ෂාව දෙන බවටත් හොංකොංවල සිටිද්දී ඔහු තම රටට ගෙන්වා ගන්නා බවටත් රුසියා ජනපති වැලැඩිමීර් පුටින් ඉකුත් දා පැවැසීය. ස්නෝව්ඩන් රුසියාවට ගෙන්වා ගැනීමට පුටින්ගේ රජය කටයුතු කළේ ඒ අනුවය.
මීට අමතරව හොංකොංවලින් පිටවන්නේ නම්, තමන් ද ස්නෝව්ඩන් වෙනුවෙන් ගුවන් යානයක් එවන බව අයිස් ලන්තයේ ව්‍යාපාරිකයකු ද පවසා ඇත.
ස්නෝව්ඩන් පරිගණක සම්බන්ධයෙන් විශේෂඥයෙකි. පරිගණක කටයුතු සම්බන්ධයෙන් ඔහු දක්ෂයෙකි. ඔහු දක්ෂ මෘදුකාංග ශිල්පියෙකි. ස්නෝව්ඩන් පාසල් ගියත්, උසස් පෙළ හදාරා උපාධිය සම්පූර්ණ නොකළ අයෙකි.
පරිගණක සම්බන්ධයෙන් සහ සෙසු තාක්ෂණික ශිල්ප සම්බන්ධයෙන් ඔහු තුළ ඇති එම සුවිශේෂී දක්ෂතාව නිසා, ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇසට ඔහු හසුවුණා පමණක් නොව, පාසල් යෑම නවතා ඇමෙරිකා බුද්ධි අංශ සමඟ එක් වීමට ද ඔහුට අවස්ථාවක් ලැබුණි. ඒ අනුව ඔහු ‘බුද්ධි සහ ආරක්ෂක අංශ කොන්ත්‍රාත්කරුවකු’ ලෙස රැුකියාව ඇරඹීය.
ස්නෝව්ඩන් සිය රාජකාරි ආරම්භ කළේ ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි සන්නිවේදන සමාගමක් යටතේය.
ඔහුගේ මාසික වැටුප ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකකි.
ස්නෝව්ඩන් ඔහු දන්නා සියලූ රහස් හෙළි කිරීමට තීරණය කළේ ඇමෙරිකන් රජය ඇමෙරිකන් වැසියන්ගේ දුරකතනවලට කන් දෙමින් ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බාධා වන අයුරින් කටයුතු කිරීමට විරෝධය පාමිනි.
සී.අයි.ඒ. හෙවත් ‘මධ්‍යම බුද්ධි අංශය’, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම බුද්ධි අංශ සේවයයි. අද එය ජාත්‍යන්තර මට්ටමේ බුද්ධි අංශයක් බවට පත් වී ඇත.
සී.අයි.ඒ. බුද්ධි අංශයටත් එහි නිලධාරීන්ටත් ඉහළ බලතල ඇති අතර ඔවුන් වගඋත්තර කියන්නේ ජාතික බුද්ධි අංශ කාර්යාංශයටය. එය මෙහෙයවනු ලබන්නේත් ඊට උපදෙස් ලබා දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය.
ඇමෙරිකානුවන් බහුතරයකගේ අදහස, තොරතුරු හෙළි කිරීමෙන් ස්නොව්ඩන් කළේ නිවැරදි දෙයක් යන්නය. ස්නෝව්ඩන්ගේ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් පසුගිය කිහිපයේ ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේත් කොංග්රස් මණ්ඩලයේත් උණුසුම් වාද විවාද ඇතිවිය.
‘විකිලීක්ස්’ වෙබ් අඩවියේ සංස්කාරක ඕස්ටේ්රලියා ජාතික ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකාවේ හමුදා සහ රාජ්‍ය රහස් හෙළි කිරීමෙන් පසු, ඇමෙරිකාවේ තවත් ‘හොර වැඩ’ ලෝකයාට හෙළි වූ අවස්ථාවක් ලෙස ස්නොව්ඩන්ගේ රහස් හෙළි කිරීම බි්රතාන්යයේ ‘ද ගාඩියන්’ පුවත්පත විසින් හඳුන්වා දී ඇත.
ඕස්ටේ්රලියානුවකු වුවත් ඇමෙරිකා රහස් හෙළි කළ අවස්ථාවේ ඇසෙන්ජ් බි්රතාන්යයට පැමිණ සැඟවී ජීවත් වෙමින් සිටියේය. බි්රතාන්ය රජයට ඔහු හමුවූ අවස්ථාවේ ඔහු නිවාස අඩස්සියට පත් කළේය.
ඇසෙන්ජ්, ස්වීඩනයේ කලක් ජීවත් වූ අතර, ඒ කාලයේදී ඔහු තරුණියන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වන්න වූයේ එවිටය. ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ඇරැුඹිණි. ඇසෙන්ජ් තමන්ට දෙන්නැයි ස්වීඩනය බි්රන්යයෙන් ඉල්ලා සිටියේය.
බි්රතාන්ය අධිකරණයක් ඇසෙන්ජ් ස්වීඩනයට බාර දීමට තීන්දු කළේය. ස්වීඩනයට තමා බාර දුන්නොත් ඇමෙරිකාව තමන් ඇමෙරිකාවට ගෙන්වා ගනීවි කියාත්, ඇමෙරිකාවේදී තමන්ට මරණ දඬුවම ලැබෙනු ඇතැයි කියාත් ඇසෙන්ජ් බියට පත් වූයේය.
ඔහු ලන්ඩන් පොලිසියෙන් බේරී ලන්ඩන් නුවර පිහිටා ඇති එක්වදෝර් තානාපති කාර්යාලයට ගොස් ආරක්ෂාව පැතීය. මේ වනවිට ඇසෙන්ජ් මාස කිහිපයක් තිස්සේ ජීවත් වන්නේ එක්වදෝර් තානාපති කාර්යාලයේය.
ලතින් ඇමෙරිකා රටක් වන එක්වදෝර් රජය, ඇසෙන්ජ්ට තම රටේ ආරක්ෂාව ලබා දීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඇසෙන්ජ්ට ලන්ඩනයේ එක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතට යා නොහැකිය. ඔහු පිටතට පැමිණෙද්දී අත්අඩංගුවට ගෙන ස්වීඩනයට උදර්පණය කිරීමට ලන්ඩන් පොලිසිය සීරුවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අමෙරිකන් කාරයොන්ට වෙන්නම ඕන (අ)
මෙවැනි දේ වලින් හැගෙන්නේ කිසි අයෙකුට ගැලවෙන්න බැරි තත්වයට ලොව පත් වෙනවා කියන එක. ලංකාවට චෝදනා කරන්න ඔය වගේ ඉන්න ලාංකිකයන් ව සල්ලි වලට ඇමෙරිකාව ගත්තා. දැන් එහෙම අයම අමෙරිකාවෙන් මතුවෙනවා. මොකද ඇමෙරිකාව ලංකාව ට චෝදනා සමානව දහස් ගුණයක් වැරදි දේවල් ඇමෙරිකාවේ පැවැත්ම සදහා කරනවා. ඇමෙරිකාවට මේ මිනිහ ජාති ද්‍රෝහියෙක් වුනාට මානව වර්ගයට මොහු සබැ මනුශ්ෂයෙක්.(නදී)
ලෝකේ ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
ශලිනි කියන කතාව ඇත්ත . අපේ ලංකාවේ යුධ රහස් දීපු උන් ජාතික විරයෝද ? අනේ අපේ මන්ද බුද්දික සිංහලුන්ට පුන්නක්කු පොවලත් මදි.(නදී)
ඔතන ඇමරිකාවේ මිනිස්සු ඔය සිද්ධිය දකින්නේ රජය තමන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න හදපු වැඩක් විදිහට. දැන් ඔයාලා මේ වැඩේ වීර ක්‍රියාවක් විදිහට දකිනවා නම්, ලංකාවේ යුධ රහස් කවුරු හරි මනුස්සයෙක් එලියට දැම්මොත් ඔයාලා ඒකට මොකද කියන්නේ?ඒ මිනිහව ජාතික වීරයෙක් කරනවද? (නි)
අමිල, ඔහුට ඉතා ඉහල පඩියක් ගෙව්වා පමණක් නොවේ, ඔහු ගත කලේ අති සුඛෝපබෝගී ජීවිතයක්.ඔහුගේ මාසික පඩිය ඇමරිකන් ඩොලර් 200000 කියන එක හරි.ඒ ඔහු අසාමාන්‍ය දක්ෂතාවයකින් යුතු වූ නිසා.ඔහු හවායි වල ජීවත්වුණේ ඉතා ඉහල මට්ටමේ පුද්ගලයෙක් ලෙස යි.ඒ හැම පහසුකමක්ම ඇමරිකානු රජයෙන් දීලා තිබුන.වැඩි දුර තොරතුරු සී.එන්.එන්.නිව්ස් වල තිබේ. (නි)
ස්නොව්ඩන් ගේ පඩිය දල වශයෙන් අවුරුද්දට ඇමෙරිකන් ඩොලර් 200000 මිස මාසෙකට නෙමෙයි.(නදී)
දැන් ලෝකේ ආර්ථිකය එකට එකක් බද්ධ වෙලයි තියෙන්නේ. ලංකාවේ අපනයනයෙන් 36% තනිකරම මිලට ගන්නේ ඇමරිකාව.එහෙ බෝම්බයක් පිපිරුනොත් මෙහෙ අපට වදිනවා. ඒ නිසා මොනවා කරලා හරි එහෙ ආරක්ෂාව තරකරන එක වක්‍රව අපට වාසියක්... (නි)
ආ සදරුවන්, සතුටුද? එහෙම තමා තමන්ගේ රටවැසියාගේ ආරක්ෂාව ගැන හිතන ආණ්ඩු. (නි)
බලන්න මොන තරම් තමන්ගේ රටවැසියා ගැන හිතන ආණ්ඩුවක්ද එහෙ තියෙන්නේ? (නි)
මේ මිනිහ කියන විදියට මේකේ තියන වරද මොකද්ද. දුරකථන ඇමතුම් වලට ඇහුන්කන් දීල හරි රටේ ආරක්ෂාව රකින එක වරදක්ද. බෝම්බයක් පිපිරුවොත් එහෙම මානව හිමිකම් වගේද ජිවිත.(නදී)
කෝ අර ඇමෙරිකාවට කඩේ යන පරගැති ටික? (නි)
තමන්ගේ රටට මෙහෙම කළා නම් තව මොනවා කියන්නද? (නි)
ලෝකයේ දියුණු රටවල විශේෂයෙන් බටහිර යුරෝපය සහ ඇමරිකාව කැනඩාව වගේ රටවල් , තම රටේ ආරක්ෂාව සඳහා අනුන්ගේ දුරකථන සංවාද වලට ඇහුම්කම් දෙනවා, ඒවා පටිගත කරනවා. එය කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මේවා අසාදාරන මානුෂික අයිතීන් වලට පටහැනි ඒවා කියා කියන්න කිසිම මානුෂික හෝ වෙනත් සංවිදාන ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් චීන හෝ රුසියාව හෝ අප වැනි 3 වන ලෝකයේ රටක් මෙම දෙයම කරනු ලැබුවොත් ලොකුවට හඬ නගන්න බොහෝ සංවිදාන සහ පුද්ගලයින් සිටිති. වෙනස එපමණය (නි)
අපේ රටෙත් යුධ රහස් පිට දීලා වෙනත් රටවල ආරක්ෂාව ලබමින් තමන්ගේ රට පාවා දුන් අය බොහෝ ඉන්නවා. එහෙත් අපේ රටට කරන්න දෙයක් නැහැ. නමුත් ඇමරිකාව කෙසේ හෝ ඔවුන්ගේ රට පාවා දුන් පුග්ගලයා පසු පස හබා යනවා අන්තිම දක්වා (නි)
මේ ගැන ඇමෙරිකාවට තියෙන ලොකුම ප්රශ්නය තව ගොඩක් දේවල් ලෝකෙට බොහොම වේගයෙන් එලි කරන්න ස්නොව්දන් වැඩ කර ගෙන යනවා ඇති. දැනට එයා ඇමෙරිකාවේ ජනතාවට වෙන අසාදාරණය විතරයි කියන්නේ.(නදී)
මේක නම් මහම මහ උඩ යට පැටලිච්ච ලෝකයක් දඩුවම් ලැබෙන්නට ඕනේ වරදටනේ. එරට වැසියන් ගැන අනවශ්‍ය ඔත්තු සොයමින් හොරෙන් දුරකතන ඇමැතුම්වලට කන් දෙමින් සහ ඊ මේල් පණිවුඩ කියවමින් සිටි ඇමෙරිකානු රජයටනේ. (නදී)
ප්‍රිනා ඔබ නිවරදියි.(නදී)
ඇමරිකාවට අපේ අම්ම අම්මා. නුඹලාගේ අම්මා සුම්මා.(නදී)