සිරියාවේ ඩමැස්කස් අනගුවර කුඩා නගර කිහිපයකට විස වායු ප්‍රහාරය එල්ල කළේ සිරියානු රජයේ හමුදාව බවත්, එම ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියන් 1,700 ක් මියයෑම සම්බන්ධයෙන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් වගකිවයුතු බවත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා චෝදනා කරයි.
බලයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන සිරියානු ජනපති අසාද්ගේ අණ පරිදි එම විස වායු ප්‍රහාරය එල්ල වූ බව තහවුරු වුවහොත් සිරියාවට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට තමන් පසුබට නොවන බව ද ඇමෙරිකා ජනපති ඔබාමා අනතුරු අඟවමින් කියා සිටී.
සිරියානු රජය තරයේ පවසා ඇත්තේ එම විස වායු ප්‍රහාරයට තමන් සම්බන්ධ නැති බවත් එය සිදු කළේ රටේ ත්‍රස්තවාදය පතුරුවන ඇමෙරිකාව, බි්රතාන්යය සහ ප්‍රංශයේ ආධාර ලබන කැරැුලිකරුවන් සහ සටන්කාමීන් කියාය.
සිවිල් වැසියන් මිය ගියේ සෙරීන් නමැති විස වායුව ආඝ්‍රාණය වීමෙනි. සෙරීන් වායුව රසායනික අවියක් ලෙස භාවිතයට ගැනේ. ඇමෙරිකා රජය පවසන අන්දමට සේරීන් වායු විශාල තොගයක් සිරියානු රජය සතුව ඇත.
ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප්‍රහාරය එල්ල කළේ සිරියානු රජය යැයි චෝදනා කළේ සිරියානු විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ය.
සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් එල්ල කරන එම චෝදනා මුල් කොට ගනිමින් සිරියානු රජයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පෙරේදා (22) රැස් විය.
එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකිය යුතු බවත් සිදුවූයේ කුමක්දැයි සෙවීමට කඩිනමින් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්ය.
මේ වනවිට එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් සිරියාවේ සංචාරයක යෙදෙමින් සිටී. එම පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණියේ මීට පෙර අවස්ථා කිහිපයකදී සිරියානු රජය විසින් සිදු කළේ යැයි කී විස වායු ප්‍රහාර ගැන පරීක්ෂණ පැවැත්වීමටය.
මහ ලේකම් මූන් කියා සිටියේ එම පරීක්ෂණ කණ්ඩායම වහාම ඩමැස්කස් නුවර ගම්මානයට පිටත් කර හැරීමට තමන් පියවර ගත් බවය.
මේ අතර සිරියාවේ සිදුවුණු එම රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් අසල්වැසි ලෙබනනයේ බීරූට් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ඊයේ (23) විරෝධතාවක් ද පැවැත්විණි. එම විරෝධතාවට එක් වී සිටියේ සිරියාවේ ගැටුම් නිසා ලෙබනනයට පලා ගොස් සිටින සිරියානු සරණාගතයන් පිරිසකි.
|
විස වායු ප්‍රහාරයට ලක් වූ දරුවන්ට ප්‍රතිකාර ලබා දෙමින් ... |
|
විස වායු ප්‍රහාරයට එරෙහිව ලෙබනනයේ බීරූට් නුවර විරෝධතා පවත්වන සිරියානු සරණාගතයෝ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහා අසික්කිත බලු වැඩ. මෝඩයෝ මරා ගන්නවා මේ ජීවත්වෙන කෙටි කාලෙට.(නදී) .
මොනවා කරත් ඇමරිකාව තමයි වගකියන්න ඕනා. බොරු කතා.(නදී)
කවුරු ඇමෙරිකාවට බැන්නත් ඇමෙරිකාව නැත්නම් මේ ලෝකය පාලනය කරන්නේ මුස්ලිම් රටවල් . එහෙම දවසක මිනිසුන්ට එකේ පල විපාක තේරේවි එතකොට ප්‍රමාද වැඩි.(නදී)
ඔබ ඇමෙරිකාවේ ග්‍රීන් කාඩ් ලාබියෙක්ද ?
ඉරානයට ඇත නොතබනු (දී)
පිටරටත් වෙන දේවල් නේද? (දී)
ඇමරිකාව ඉරාකය ආක්ක්‍රමනය කරන්න යනවද?
ඔබාමා අපේ රටටත් ඔලුව දාන්න බැලුවා අපේ ජනාදිපති තුමා එඩිතර නිසා හොඳයි. (දී)
ලංකාවේ ජාතිවාදය පැතිරිලා තියන තරම.(නදී)
කපන්න නම් ඕනෑ තමයි හැබැයි දෙහි නෙමෙයි.(නදී)
ලංකාවේ හමුදාව සහ පොලිසිය උද්ගෝෂණය කරන සිවිල් වැසියන්ට කරපු දේවල් ඔබාමා දැක්කේ නැද්ද? (නි)
කව්රු කළත් මේ කරන පව් වලට විඳවන්න වෙයි... (නි)
ඔබාමා කරන වැරදී වලට,අහිංසක මිනිසුන් බෝම්බ දමා මරනවට කවුරුත් මොනවත් කියන්න බයයි වගේ. ලෝක පොලිස්කාරයා වෙන්න ඇමරිකාවට වුවමන වෙලා තියෙන්නේ (නි)
ඇමෙරිකාව ඉරාකයට රිංගුවේ රසායනික අවී තියනවා කියලා.තිබුනේ නෑ .මෙහෙට රිංගන්න කලින් ඔප්පු කල සිරියාවේ තියනවා කියලා .මේක අයිලගේම වැඩක්. දැන් රුසියාව චීනය තමන්ගේ මතයට නමම ගන්න හේතුවක් සහ සිරියාවට හිරිකිතයක් බයක් නැතුවම රිංගන්න පුළුවන්නේ.ලෝක ප්‍රජාවගෙන් දොසක් නැනේ දැන්.ඉරාකයේ උද්දය ඉවර උනාට පස්සේ කෝ හොයා ගත්තු රසායනික අවි කියල ඇඟිල්ල ඇමරිකාවට එල්ල උන වගේ මේකටත් වෙන නිසා හොදට සැලසුම් කරලා ඇමරිකාව මේ ගේම දුන්න.පව් අහිංසක මිනිස්සු.අගමැ ජාතිය මොනවා උනත්. (අ)
ලංකාවෙත් ඛනිජ තෙල් සම්පත මතුඋනොත් මේ ටිකතමයි. ඔහොම යං. (දී)
මේ රටට වෙච්ච දේ!!!! සිරියාව දැන් මුසල වෙලා. මුස්ලිම් ජනතාව එකිනෙකා කොටා ගෙන නැති වෙන හැඩයි පෙනෙන්න තියෙන්නේ. ඉස්ලාමික නිකායන් අතරින් සුන්නිවරුන් අනිත් මත දරන්නන් මර්ධනය කිරීමේ උත්සාහයන් නිසා තමයි මේ තත්ත්වය ඔවුන්ට උදා වෙලා තියෙන්නේ. (ස)
මිනිසුනේ අවදි වෙයව් මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.(නදී)
අල්ලාහ් දෙවියන්ට ඊජිප්තුව,ඉරාකය,ටියුනීසියාව,සුඩානය,ඇෆ්ගනිස්තානය,පකිස්තානය, මාලදිවයින බේරා ගැනීමට නොහැකිවුනා.උන්වන්සේට සිරියාව බේරාගැනීමට හැකිවේද යන්න විශාල ගැටලුවකි.විමල්,මේවා අන්තර්ජාතික කුමන්ත්‍රණ නොවෙයි.අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත. (ස)
මෙතැන කට්ටිය කුළල් කා ගන්නවා. කවුරු හරි අදහස් කලාද මොනාහරි මේ දුක් විඳින මිනිසුන්ට යවන්න වත් ... (ස)
ඇයි මේ දෙබිඩි පිලිවෙතක්? රසයනික අවියෙන් වුවත් නොවුවත් මිනිස් ඝාතනය ඝාතනයමයි. සිරියනු රජයට විරුද්ධව විරුද්ධවාදීන්ට අවි සැපයීමත්, ඊජිත්තු ප්‍රජතන්ත්‍රවාදි මෝෂි රජය පෙරලීමට උපකාර කොට, මහා මිනිස් සංහාරයක් සිදු කරන හමුදා රජයට පක්ෂපතීවීමත් අනුමතකල හැකිද? (ස)
කිර්ති, මේක හොදට මතක තියාගන්න මේ බරහිර අධිරාජ්‍යවාදීන් කොච්චර සංවිධානාත්මකව මුස්ලිම් ප්‍රජාව විනාශ කලත් ඊට දෙගුණයකින් ඉස්ලාම් ආගම බටහිර රටවල ඉස්ලාම් නොවන ජනතාව ඉස්ලාම් වැළද ගනී. මෙයයි සත්‍ය සහ අල්ලාහ්ගේ බලය. 9 /11 විනාශයෙන් පසු ඇමෙරිකාවේ සහ යුරෝපයේ ජනයා සත්‍ය අවබෝධ වී බුරුතු පිටින් ඉස්ලාම් ආගම වැළද ගත්තේය. අදටත් වේගයෙන් ලෝකයේ පැතිර යන ධර්මය ඉස්ලාම් ධර්මයයි. (ස)
කවුරු හරි අන්වර්ගේ නමින් අශික්කිත වාදයක් කරලා ?(නදී)
අන්වර්, මම නම් මුස්ලිම්. මනතුංග නම් ගැටළු සහගතයි. මේ මනුස්සයාගේ තාත්තා මොන ජාතියේද?(නදී)
අර්ශා, ඇත්ත කියනවද හිත හදා ගන්න කියනවද දන්නේ නැහැ.අපේ මිනිස්සු නම් ඔය ආගමට ගියොත් යන්නේ ආගමේ හොද නරකකට නෙමෙයි, බහු භාර්යා චෝදනාවෙන් ගැලවෙන්න.එහෙත් එහෙනම් එහෙම වෙන්න ඇති කියලා හිතා ගනිමු. (නි)
මේ ප්‍රශ්නයට අදාල නැතත් විසදා ගතයුතු හිතට ගැටළුවක් වූ ප්‍රස්නයක් තියෙනවා. දන්නා කව්රු හරි උත්තරයක් දුන්නොත් තුති වෙනවා. වසර දෙක තුනකට උඩදී පුත්තලමේදී නිරායුද පොලිස් නිලදාරියෙක් නිල ඇදුමින්ම රාජකාරියේ යෙදෙද්දී ග්‍රීස් යකා ආවේශ වුනු සන්විදානාත්මක මැර පිරිසක් ප්‍රසිද්දියේ කපල කොටලා මරල දැම්මා. මේ සිදුවීමට වගකිව යුත්තන්ට මොකද උනේ? ..කට්ටියව අත් අඩංගුවට ගත්තද .නඩු ඇහුවද. දඩුවම් ලැබුනද.. කිසිම මාධ්‍යයක මේ ගැන තොරතුරක් එම සිදුවීමෙන් පස්සේ දැක්කේ නැති නිසයි අහන්නේ.(නදී)
බන්දුල පෙරේරා , ඒ අපු අයව සම්මුඛ සාකච්ඡවකට කැදවා ඇසුවොත් සත්‍ය ඔවුන්ගේ මුවින්ම දැනගන්න හැකිවේවි,(සමහරක් ගේ අදහස් අන්තර්ජාලයේ ඇත), ඔබ නගන චෝදනාව පුරුෂ පාර්ශවයට අදාල උවත් ස්ත්රීන්ට අදාල නොවේ. (අ)
අඩා අන්වර් නානා, මේ මනතුංග කැල්ල කොහෙන්ද අහුලා ගත්තේ ?(අ).
අර්ෂා,මොකක්ද 9/11 ප්‍රහාරයෙන් අවබෝධ වූ සත්‍ය? (නි)
එතකොට අල්ලාහ්ගේ කැමැත්ත අහිංසක සිවිල් වැසියන්ගේ මරණයද? (නි)
අපි නොදන්න ඔබාමා. (නි)
රාසික් කව්ද දන්නේ අරාබි ක්‍රිස්තියානි වරුන් කියා දැන් ඕකද ලොකුම ප්‍රශ්නේ? මිනිහෙක් කරදරයක් උන වෙලාවේ මෝඩ ප්‍රශ්න අහන්න එපා. දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ? අනික අපිට මොකෝ දැම්ම හෝ නොදැම්මා හෝ.(නදී)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ අපි මේ වාගේ නාටක දැක තිබේ. මේක කරපු අය කව්රු උනත් හෙන 7ම වදිනවා.(නදී)
ඔබාමා කට්ටඩියෙක් ද ?(නදී)
ඔබාමලාට සිරියාවේ ප්‍රශ්නවලට අත දාන්න කලින් ඇමරිකාවේ තියන මානව හිමිකම් උල්ලංගනය කිරීම් ටික නවත්තාගත්තොත් තමයි හොද.මුළු ලෝකෙටම තියන හිසරදයක් තමයි ඇමරිකාව.(නදී)
අල්ලාහ්ගේ කැමැත්ත අනුව වැනසෙන සිරියාව සහ මුස්ලිම් ප්‍රජාව.(නදී)
ඔව් අල්ලාහ්ගේ කැමැත්ත (කර්මයේ ලියවුනු) හැටියට සිදුවෙන ලෝක විනාශය .ලෝකයෙන් අරාබි ජාතිකයන් අඩුවීම අයින් එකකි (අ)
ඔය වැඩේ කැරලිකරුවන්ගෙම වැඩක්. ඔබාම තමයි කැරලිකරුවන්ට උදන් කරේ. දැන් නිකන් උපාසකය වෙන්න හදනවා.(නදී)
බුදු දහම ලොව රජවෙන කාලය ඇවිල්ලා. ලෝකයේ හැම ප්‍රශ්නයකටම විසදුම බුදු දහම තුල තියෙනවා.(නදී)
ඔය වැඩේ කැරලිකරුවන්ගෙම වැඩක්. ඔබාම තමයි කැරලිකරුවන්ට උදව් කරේ. දැන් නිකන් උපාසකය වෙන්න හදනවා.(නදී)
සිරිල් , ලංකාවේ යුද්දේ යන කාලේ නම් ඕගොල්ලෝ ඔහොම කීවේ නැහැ.(නදී)
ඇමෙරිකාව, ඉරාකෙටත් ඔය වගේ කතාවක් කියලා තමයි කුඩුපට්ටම් කරලා දැම්මේ. අද වෙනකනුත් ඉරාකෙන් එහෙම දෙයක් හොයාගන්න බැරි වුනා. (නි)
මිල්හාන්,බුදුදහමේ තියෙන්නේ වෛර කරන්නාට මෛත්‍රීය දක්වන්න කියලා. හැබැයි ප්‍රබාකරන්ට මොනවා දැක්වූවාද දන්නේ නැහැ ? (නි)
මේ අය ඔලුව වාහන්නේ නෑනේ.(නදී)
මේ සේරම කරන්නේ ඇමරිකාව කැරලි කරුවන්ට උදව් දීල ...?තමන්ගේ මඩ හෝදන්න බව්සරයක වතුර තිබුනත් මදි ...ඒ අස්සේ අන්න අද යුධ නැව් හතරකුත් එව්වා ...අපේ කෑම්ප් එක ලග ඉස්තාපිත කරගෙන ඉන්නවා...අනික් පැත්තෙන් මිසයිලයක් එව්වොත් වර්ග කිලෝමීටර් සිය ගණනක ඉන්න අපි සේරමලා ඉවරයි...?
අනේ මන්දා මුස්ලිම් සහෝදරයන් මේවා කවදා තේරුම් ගනීද ..!!! (නි)
කරුණාව දක්වනවා වගේම ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් වැදීමට වුවද අයිතියක් ඇති බව උන්වහන්සේද පිළිගති . තවද ආර්ථිකය පවුල් ජීවිත මුදල් පරිහරණය ආදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝදේ දේශනා කොට ඇත .බුදුදහම දර්ශනයකි ආගමක් නොවේ (අ)
ඇමෙරිකාව ලස්සනට පත්තු කරලා වැඩේ කරනවා ,,,ටියුනිසියව කැවා ,, ලිබියාව කැවා,, ඉරාකය තාම කනවා ,, ඇෆ්ගනිස්ථානයත් කනවා,,දැන් සිරියාව,,,නියමෙට වැඩේ කරනවා,,තව ටික දවසකින් එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් යවයි,,එතකොට තවමත් අත් හදා බලා නොමැති යුද වර්ග බාවිතා කරලා විනාස කරලා දායි,, ලිබියාවේ කරා වගේ ,,,අන්තවාදීන්ට දඩුවම් දෙන්න ඕන තමයි,, නමුත් අමෙරිකාව කරන්නේ එක නෙවෙයි ,,,ඊළගට ඉරානය.(නදී)
නිසාන්, මිනිසුන් මරන්න කියලා බෞද්ධාගමේ කියලා නැහැ (නි)
රුවන්,අපේ ගමේ නම් අපි සිංහල මුස්ලිම් කියලා වෙනසක් නැතුව ජීවත් වෙනවා. මේ වගේ පුංචි රටක දවසට කියක් අහන්න ලැබෙනවද ළමා අපචාර? ඉතින් සිංහල අමනුස්සයෝ ඉන්නවා වගේම මුස්ලිම් අමනුස්සයොත් ඉන්නවා (නි)
අපි සිංහල මුස්ලිම් දෙමල කියල කුලල් කාගතොත් අපේ රටටත් වෙන්නේ ඇමෙරිකාව උදව්වට ඇවිත් ආක්‍රමණය කිරීමය (දී)
ඔබාමා එසේ හැසිරීම ලෝක දේශපාලනය දන්නා සියලු දෙනා අනුමත කරනවා (දී)
ඔබාමා සැරයි හොදේ (දී)
ජනතා අදහස් ලියා පලකරන මහත්වරුනි, කරුණාකර ආගම් වාදීව එහෙම නැත්නම් මුලදරම වාදීව පලකරන අදහස් පලකරන්න එපා !
අසාද්ට එරෙහිව ජනතා උද්ගෝෂණයක් අවම එකට එරෙහි නොවී. ස්වාදීන චන්දයක් තියන්නයි තිබුනේ.. ඇත්තටම අසාද් කලේ ලොකු අපරාදයක්... තමන්ගේම වැසියන්ට එරෙහි වුනා බටහිර ගැත්තන් යයි සිත (දී)
ඇමෙරිකාවේ ප්‍රධාන පරමාර්ථය මැදපෙරදිග ඛනිජ තෙල් සම්පත අත්පත් කරගැනීමයි මන්ද ඇමෙරිකාවේ ආර්ථිකේ කව්රුත් දන්නා පරිදි කඩාවැටී ඇත. මෙයයි සත්‍ය මම ඊයේ ප්‍රවුර්ති දැක්ක එරටේ එක ප්‍රාන්තයක වර්ග කිලෝ මීටර් 200 ක් පමණ පොලොවට කිදා බහිනවා මේවා කව්රු පිළිගත්තත් නැතත් දේව කෝප ....... (දී)
ඇමෙරිකාව සහ ගැති බටහිර භංග වේවා මේ කල අපරාධයට. (දී)