පැයට සැතපුම් 140 ක වේගයෙන් හමායන ආක්ටික් චණ්ඩ මාරුතය ඉදිරි පැය 36 ක කාලයේදි එංගලන්තයට දැඩි හානි සිදුකරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට පාරිසරික ඒජන්සි වාර්තා කරන්නේ මෙය වසර 60ක කාලයේදී එංගලන්තය අවට මුහුදේ රළ වැඩිම උසකට නැංවීමට සමත්වූ සුළි කුණාටුව බවයි.
සුළගට හසුවූ ට්‍රක් රථයක් පෙරළීමෙන් එක් අයකු මරුමුවට පත්ව ඇති අතර දැනටමත් නිවාස 120,000ට විදුලි සම්බන්ධතා ඇණ හිට තිබේ.
සුළි සුළග රටට ඇතුළුවෙමින් තිබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම දුම්රිය හා ගුවන් ගමන් නවතා දමා ඇත. පොලීසිය පවසන්නේ වාහන ධාවනය ද නතර කළ යුතු බවයි. ග්රේටි යාර්මවුත් ප්‍රදේශයේ වැසියන්ට සිය නිවෙස් වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස නෝර්පොක් පොලීසිය දන්වා තිබේ. පාරේ පයින් ගමන්කළ නොහැකි තරම් තද සුළං පවතින බවත් ඇතැම් පුද්ගලයන් සුළගේ ගසාගෙන යන බවත් වාර්තා වේ.
ඉදිරි පැය 24ක කාලයේ දී නිවාස 6000ක් පමණ ගංවතරට යටවන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමරන් මහත්තොයෝ ,ස්වභාව ධර්මය ටික ටික දඩුවම් දෙන්න පටන් අරන්. ඔයාලට හරියට ලැබුනේ නැහ .ඉදිරියට තව තව එයි. (ස)
ණයට කහින අය. (ස)
රෝයි ඔබ හරි ඔබට ස්තූතියි.(නදී)
නඩරාජ් , ඔබ හරි. නිවෙමින් තිබෙන ගින්න නැවත පත්තු කරලා තවත් යුද්ධයක් ඇති කරන්න තමයි මේ මිනිහට ඕනේ. ඒවාට වන්දි ගෙවන්නේ අහිංසක මිනිස්සු. (අ)
මහින්ද මහත්තයට පින්සිදුවන්න යුද්දය ඉවරකලා .කෙමරන් උන්නෙහෙ චෝගම් ඇවිත් නැවෙත ගිනිපත්තුවන්න හුලන් පිම්බා. ඒ හුළඟ වේගවත්වී කමෙරන්ට දඬුවම් දෙනවා.දේවාලෙට ගිහින් පඬුරු දන්නා ඕන අහිසක මිනිසුන් නැතුව කැමරන්ට වැහි නැති .... වදින්න කියල.කල කලදේ පල පලදේ කියල අහල තියනවා.(අ)
රෝයි නුබ මහා මෝඩයෙකි.සිතීමේ ශක්තියක් නොමැත්තේය..(අ)
සමහරුන්ට ලංකාවට මොනවා උනත් කමක් නැහැ. එංගලන්තය රැක ගන්න ඕන කම තියෙනවා. බණ්ඩා අදහස් දාල තියෙන්නේ නිව්ස් කියවන්නේ නැතිව. ලොරි රියදුරෙකු මියගිය බව හැම පුවත් පතකම දාල තිබුනා. නිවාස දහස් ගානකට විදුලිය නැහැ. අදික හිම පතනයත් එම රටවලට ස්වභාවික විපත් තමා. සුද්දා ලග දන ගැසීම අපේ අය ලග තාම තියෙනවා. මුදල් හොයන්න රට ගියාම උපන් රටේ වටිනාකම අමතක කරනවා. කැමරන් වගේ අයට ස්වභාවික දඩුවම් හැර අපට කල හැකි දෙයක් නැහැ. එවෙනි දෙයක් සිදුවන විට සාදු කියා අපට අනුමත කරන්න සිදුවෙනවා. (නදී)
ඉතාම ස්වල්ප දෙනෙක් ඇර මෙතන අදහස් දල තියෙන්නේ මහා ජරා මිනිස්සු ටිකක්.හරිම කැතයි. (අ)
කට්ටිය අදහස් දන්නේ අවේග ශිලිව .නමුත් එංගලන්තේ කියන්නේ ස්වභාක කරදර අඩුම රටක්. මෙම සිදුවීමෙන් කාටවත් තුවාල උනෙත් නැහැ. දවස් දෙකකට කලින් සියල්ල දැනුම් දුන්නා. නමුත් අදහස් දාන කට්ටියට මතක නැහෙ සුනාමි ඇවිත් 60000 මරුන බව. (නදී)
කැමරන් කරන පහත වැඩ වලට දෙවියන් දෙන දඩුවම් තමයි. (ස)
අනේ ශලනි, ඔය දන්න සුද්දන්ගේ සුනාමි උදව් , සුද්දන්ගේ එක එක වර්ගයේ සංවිදාන කීයක් නම් සුනාමියෙන් පස්සේ ලංකාවට ඇවිත් විපතට පත් පිරිසට ගෙවල් හදල දෙන්න රජයත් එක්ක ගිවිසුම් ගහල පැනල ගියාද. ඒවාට තවම එංගලන්තේ සල්ලි එකතු කරනවා ඇති.(නදී)
ප්රභාකරන්ගේ මරණය අසා හැමෝම සතුටු උනා වගේ මෙතනදීත් අපට පොඩි සතුටක් දැනෙනවා. ලංකාවේ අය බයවෙන්න එපා. ඔබට කරදරයක් වෙන්නේ නැහැ. ඔබට දළදා පිහිටයි.(නදී)
කරුණාකර විපතට පතුන අය දැකල හිනා වෙන්න එපා. ලංකාවේ ගොඩක් දෙනා එහෙ ඉන්නවා. සමහරවිට එයාල ඔයාලගේ සහෝදරයෝ හරි දරුවෝ වෙන්න පුළුවන්.(නදී)
හැම රටකටම ස්වාභාවික විපත් වෙනවා. ඒත් අපේ රටේ වගේ විපතකදී හැමෝම එකතු වෙන පුරුද්ද එංගලන්තයේ අඩුයි. රජය මගින් දෙන සහන සේවා මත තමයි හැමෝම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. අපේ රටේ සුනාමි ව්‍යසනයේදී එක පවුලක් වගේ හැමෝම එකතු වෙලා අසරණ වූ අය බේරගෙන පහසුකම් සැලසූ විදිය අමතක කරන්න බෑ.(නදී)
කැමරුන් ඔයාගේ කට ප්‍රවේසම් කරගන්න. මොකද කරදර විදින්නේ ඔයාගේ මිනිස්සු. එයාලා අසරණයි. (ස)
කැමරන් මහත්තයෝ මොකද දැන් ඔබගේ රටට වෙන්ඩ යන්නේ අපිට කෙනහිලි කම් කරන කාටවත් ස්වභාව ධර්මයෙන් හරි පිළිතුරු එනවා සිංහල ජාතිය කාටවත් කරදරයක් උනහම හිනාවෙන ජාතියක් නෙමේ නමුත් ඔබ තුමා මිනීමරු කොටියාගේ පැත්ත අරගෙන අපගේ පුංචි රටට කරන කෙනහිලි කම් දැන්වත් නතර කරන්ඩ නැතිනම් ඔබටුමලට තවත් කරදරවෙඉ විපතට පත් අහිංසක ජනතාවට සිංහල ජාතියේම කණගාටුව කුරකුබියෙකුටවත් කරදරය වෙන්ඩ එපා (ස)
අනේ මේකෙන් කැමරන්ට නම් මුකුත් වෙන්නෙ නැහැ. අපි වගේ අහිංසකයින්ට තමයි මොනවා හරි උනොත්. එම නිසා හිතලා බලලා කතා කරන්න.ස්තූතියි. (ස)
කැමරන් මහත්තයෝ ඔන්න සොබාව ධර්මය දඞුවම් දෙන්න පටන් අරන්. (ස)
අපි වාද බේද උනාට සොබා දහම බෙදන්නේ හැමෝටම එක හැන්දෙන්. ඒ නිසා අපි එංගලන්තෙට හිනා නොවී ඉමු. කවුද දන්නේ හෙට අපිට මොනවා වෙයිද කියලා. අනික ඔය අතරේ අපේම මිනිස්සු කී දාහක් ඇද්ද ? (ස)
ශලිනි, ඔයාට ගොඩක් සුද්දෝ ගැන දුකයි වගේ. මතක තියාගන්න ඔය සුනාමි දවස් වල ආධාර කියල එවපු ගොඩක් දේවල් කල් ඉකුත් වීමට ආසන්න දේවල්. බෙහෙත් උනත් එහෙමයි. හැබැයි හැමෝම නෙවේ. අනිත් එක දෙනවා කියල ලොකුවට පොරොන්දු වෙච්ච ඒවා ගොඩක් ආවේත් නැහැ. (ස)
ඕක දේව කෝපයක්. කැමරන් තමන්ගේ වාසියට කරන වැඩ නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා. (ස)
කැමරන් මහත්තයට මොකුත් නැහැ. එයාගෙන් එක පවුමක් වත් යන්නේ නැහැ. පව් අසරණ මිනිස්සු, කරදර අඩු වේවා. (ස)
ලංකාවේ අද මිනිසුන් පුරුදුව ඇත්තේ අනුන්ගේ විපතේදී කිරිබත් කෑමට නම් මෙයටද ඔවුන්ට සතුටු විය හැක.නමුත් ලංකාවට සුනාමි ආ විට ඔවුන්ද අප රටට උදව් කළ බව සිහියේ තබා ගත යුතුය.එංගලන්තයට උවදුරු එන්නේ කැමරන්ගේ පාපයෙන් නම් පසු ගිය දිනවල ලංකාවේ ධීවරයින් කුණාටු වලින් මිය ගියේ කාගේ වරදින්ද? (ස)
මධූ, දෙවියන් වහන්සේව සිහි කරගත්තත් නැතත් වෙන්න ඕනෑ දේ වෙනවා. (නි)
ලෝකය හේතුඵලයි. කාටත් ඒක පොදුයි. (නි)
දේව ශාපයක් වෙන්න ඇති (නි)
දෙවියන් වහන්සේව සිහිපත්කර ගැනීමට මිනිසුන්ට දැන් කාලය පැමිණ අැත (නි)
ලංකාවට කරන දේවල් වලට දෙවියන් වුණත් කෝප නොවී ඉදියිද? (නි)
අපේ ඉන්දු හොදින් නේද ? (නි)
කෙනෙක් අසරණ වුණාම සතුටුවීම නරකයි. ඒත් අපේ රටට ඇවිල්ලා අපිට කොකා පෙන්නපු කැමරන් මහත්තයාට දෙවියෝ දඬුවම් කරන්නයි හදන්නේ. (නි)