ප්‍රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප්‍රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත. අල් ජසීරා රූපවාහිනිය, මෑත කාලයේදී අන් කිසිම රූපවාහිනී නාළිකාවකට වඩා සේවයක් අරාබි ලෝකයට ඉටු කළේය. අරාබි රටවල් තුළ මතුවූ විරෝධතා ව්‍යාපාර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ අල් ජසීරා රූපවාහිනියයි. අල් ජසීරා රූපවාහිනියේ අධ්යක්ෂ ජෙනරාල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අල්-ජසීරා කාර්ය මණ්ඩලය වෙත යවා ඇති අතර. ඒ පිළිබඳව ”ටිවිටර්” මාධ්‍ය ජාලය ඔස්සේ ද ප්‍රකාශයක් කර තිබුණි. ”මේ තීරණය හදිසියේ ගත් එකක් නොවෙයි. මණ්ඩලයේ සභාපතිට මේ බව මං කීප වරක් කියා තිබෙනවා. සභාපති මහතා මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ගැන සතුටු වෙනවා” යැයි අල් ජසීරා හිටපු අධ්යක්ෂ-ජෙනරාල් වඩා මහතා කියා සිටියේය. අල් ජසීරා චන්ද්‍රිකා රූපවාහිනී සේවය ආරම්භවූයේ 1996 දීය. එතැන් පටන් එම මාධ්‍ය ජාලය මැදපෙරදිග කලාපය තුළ ප්රවෘත්ති විකාශය අතින් ඉහළ මට්ටමක සිටී.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd