සිරියානු රජය පෙරැළීමට සටන් වදින කැරැලිකරුවන්ට සහාය දක්වන අල් කයිඩා සටන්කාමීහු කණ්ඩායමක් ඊයේ (5) සිරියාවේ කිතුනු ගම්මානයකට කඩා වැදී පහර දුන්හ.
ප්‍රහාරයෙන් සිදුවුණු ජීවිත හානිය මෙතෙක් වාර්තා වී නැත. සිරියාවේ සුළු ජන කොටසක් වන කිතුනුවන්ගේ සහාය හිමිවන්නේ සිරියානු ජනපති බෂීර් අල් අසාද් ප්රමුඛ ඔහුගේ රජයටය. ඔවුන් කැරැලිකරුවන්ගේ පහරදීම්වලට ලක් වන්නේ එහෙයිනි.
ප්‍රහාරය එල්ල වූ කිතුනු ගම්මානය පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවරට නුදුරිනි. සටන්කාමීන් ගම්මානයට පහර දුන්නේ, අත්බෝම්බ සහ රොකට් ප්‍රහාර යොදා ගනිමිනි.
එම ප්‍රහාරය එල්ල වූයේ සිරියාවට හමුදාමය මැදිහත් වීමක් කිරීම සඳහා ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා සෙනෙට් කමිටුවක් හමුවට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 10 ක් ලැබුණු අවස්ථාවේදීය. ඔබාමාගේ එම යෝජනාවට විරුද්ධව හිමිවූයේ ඡුන්ද 7 ක් පමණි.
සිරියාවට ප්‍රහාරයක් එල්ල කරනවා ද නැද්ද යන්න ලබන 9 වැනිදා විවාදයට ගැනීමට ද නියමිතය.
සිරියාවට පහර දීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඔබාමා පරිපාලනයට දැඩි විරෝධයක් එල්ල වුවත්, ඔබාමාගේ එම යෝජනාවට කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ජනපති ඔබාමා සිරියාවට පහර දෙන බව කියා අනතුරු ඇඟවූයේ ඉකුත් 21 ක් වැනිදා සිරියාවේ සිදුවුණු විස වායු ප්‍රහාරයට ජනපති අසාද් ප්රමුඛ රජය සම්බන්ධ බව පවසමිනි. එහෙත් ජනපති ඔබාමා කල්මරන්න විය. ඔහු කියා සිටියේ කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව තමා සිරියාවට පහර දීමක් නොකරන බවය.
සිරියානු යුද්ධයේදී කුමන පාර්ශ්වය ජයග්‍රහණය කළත් එය ඇමෙරිකාවට අවාසියක් විය හැකි යැයි ඔබාමා පරිපාලනය හොඳින් දන්නා බවත්, එමනිසා පහර දීම ප්‍රමාද කරන බවත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකාවේ විශ්වාසය වන්නේ, සිරියාවේ අසාද් පාලනය බිඳ දැමුවහොත් එමගින් ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය දුර්වල වනු ඇති බවය. එවිට ඇමෙරිකාවේ හිතවතුන් වන ඊශ්‍රායලයට, තුර්කියට, සෞදි අරාබියට සහ කටාර් රාජ්‍යයට මැද පෙරදිග බලය තහවුරු කර ගැනීමට හැකි වනු ඇත.
ඉරානයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් සහාය හිමිවන්නේ සිරියානු රජයටය. එපමණක් නොව, අසාද් පාලනය බිඳ වැටුණ හොත්, අල් කයිඩා සහාය ලබන කැරැුලිකරුවන්ට දිනුම අත් වුව හොත්, එය ඇමෙරිකාවට පාරාවළල්ලක් වනු ඇති බවද ඔබාමා පරිපාලනය අවබෝධ කරගෙන ඇත.
ඇමෙරිකාවේ පරම සතුරා අල් කයිඩාවය. එපමණක් නොව, කැරැලිකාර පාර්ශ්වයට සහාය දෙන ඉස්ලාමීය සටන්කාමීහු සුළු ජාතික අලාවිත් මුස්ලිම්වරුන් සහ කිතුනුවන් අමු අමුවේ මරා දමන්නෝ වෙති.
සිරියානු රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප්‍රබල කැරැුලිකාර කණ්ඩායම ‘ජබාත් අල් නුස්රා පෙරමුණ’ ය. මොවුන් අත් වැල් බැඳ ගෙන සිටින්නේ ඉරාක අල් කයිඩාව සමඟය. පසුගිය වසරේ ඇමෙරිකාව ‘නුස්රා පෙරමුණ’, ත්‍රස්ත සංවිධානයක් ලෙස ද නම් කළේය.
මේ වන විට සිරියානු කැරැුලිකාර කණ්ඩායම් එක් රොක් වී සිටින්නේ නුස්රා පෙරමුණ වටාය. නුස්රා පෙරමුණ ත්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින්, එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව ගත් උත්සහය පලක් නොවූ බව දැන් පෙනී ගොස් ඇත. අසාද් පාලනය බිඳ වැටී සිරියාව අල් කයිඩාවට නතු වුවහොත් සිරියාවේ අසල් වැසියා වන ඊශ්‍රායලයේ ඉරණම කුමක් වනු ඇති ද යන්න ගැන ඇමෙරිකාව බිය පළ කර සිටී.
සිරියානු රෙජීමයට එරෙහිව ඇමෙරිකාව හමුදා මැදිහත් වීමක් කළොත්, සිරියා හමුදාවේ මර්මස්ථාන වලට පමණක් නොව, ඇමෙරිකන් හමුදාව තමන්ට ද පහර දෙනු ඇතැයි නුස්රා පෙරමුණ අවබෝධ කර ගෙන සිටී. එම නිසා නුස්රා පෙරමුණ ඔවුන්ගේ සාමාජිකයන්ට පවසා ඇත්තේ එක් තැනකට පමණක් සීමා නොවී සිටින ලෙසටය.
ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ සිරියානු යුද්ධයට දැනටමත් ඉරානය සම්බන්ධ වී සිටින බවය. ඒ, ඉරානය ඔවුන්ගේ විප්ලවීය හමුදා බළ ඇණියක් සිරියානු රජයේ සහායට සිරියාවට එවා තිබීම නිසාය.
සිරියා රජයට සහාය දක්වන සටන්කාමීන්ට ආයුධ දෙන්නේත් පුහුණුව දෙන්නේත් එම බළ ඇණිය යැයි පැවැසෙයි.
සිරියා රජයට පක්ෂ එවැනි සටන්කාමීහු සිරියාවේ වෙසෙන අලාවිත් සුළු ජාතීහුය. ඔවුන් සිරියාවේ ජනගහනයෙන් සියයට 10 කි. සිරියා රජයේත් හමුදාවේත් ඉහළ නිලතල දරන බොහෝ දෙනා මේ අලාවිත්වරුය.
ජනපති අසාද් ද අලාවිත්වරයෙකි. අලාවිත්වරු සුන්නි මුස්ලිම්වරුන් වන නමුත් ඔවුන්ගේ ඉස්ලාමීය මූලධර්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික දර්ශනය හා බැඳේ. එම නිසා ඔවුන් ඉරානයේ ෂියා මුස්ලිම්වරුන්ට පක්ෂපාතීය.
|
සිරියානු කැරැලිකරුවෝ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහී නිකන් ඇමෙරිකාවට කඩේ යන්න එපා (දී)
රිෂාඩ් ප්රශ්නය වෙලා තියෙන්නේ ඉස්ලාමය ගැන නෙමෙයි. ඔබලා වගේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් හැම රටකම මරා ගන්නවා.ඒක අපේ රටෙනම් වෙන්න ඉඩ තියන්නේ නැ ඒක දැන ගෙන හිටියොත් හොඳයි. (දී)
එකිනෙකා මරා ගන්නට උගන්වන ආගමක තරම.(නදී)
රිශාර්ඩ්, ඔබගේ ආගමේ සත්තු කැපීම,අන්ජාතින් ඝාතනය,ලේ හැලීම් ,බෝම්බ පිපිරවීම්,මත්ද්‍රව්‍ය ජාවාරම්,නොදරුවන් විවාහකරගනීම්,බහුබාර්යා සේවනය ඇරුනාම ඉගෙනීමට තරම් දෙයක් තියෙනවද? ඔබ කෙලින් උත්තරයක් දෙන්න.(නදී)
ප්‍රශ්නෙට මුල සෞදි.(නදී)
දෙපැත්තෙන්ම වදිනවා
මේ අයගේ ඔළුව කාලා තියෙන්නේ ආගමික අන්තවාදීන්.(නදී)
ප්‍රියන්තගේ අදහසට මමත් එකගයි. (නදී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා. (නි)
ටග් ගාලා ඉස්ලාමය ඉගෙන ගන්න. එහෙම නැත්තම් අදහස් නොදා ඉන්න (නි)
කොහොමද තෙලේ බලේ? සෞදි රාජ්‍ය ප්රමුඛ රටවල් වල තෙල් වලට විදින්න ඇමෙරිකන් බලය ඔබාමා පෙන්නනවා (නි)
මට හිතෙන්නේ අනික් පැත්ත ගෙදර ගියොත් තෝ නසි (අමෙරිකව) මග හිටියොත් අබු නසි (සිරියාව) .. (දී)
මොවුන්ව පෝෂණය කරනවා කියන්නෙ අපේ වළ අපිම කපාගන්නවා වගේ. මම කියලා තියෙන දේ ලෝකෙ පුරාම මිනිසුන් කියන දෙයක්මයි. බොරුවක් නොවේ. (නි)
එකමුතුවක් නැති මැදපෙරදිග මුස්ලිම් නායකයන් පරි භාහිර පරම සතුරන් හිනා සයුරේ ගිල්වමින් එක එකා බටහිරින් ලැබෙන යුද වලින් මර ගන්නවා.මේකට කෙටි කාලීන විසදුම් නැත. දිගුකාලීනව අර මලාල දරුවා කියනවා වගේ -පොත ,පෑන,ගුරුවරු තුලින් පරිබාහිර ලෝකය ගැන අධ්‍යාපනයත් /හික්මීමක් ලබා දීමය. (දී)
දැක්කා නේද ? ඉරානය ඉල්ලගෙන කන්න හදනවා ,අර "වීර" මොනවද කියන්නේ (නි)
මාර අච්චාරුවක්නේ. (නදී)
සෞදියට ගහන දවස කවදාද යැයි අපට දැනගත හැකිද? (නි)
ලොව ලස්සනම කාන්තාවන් සිටින රටට මොකද මේ වෙන්නේ දෙයියනේ? (නි)
අනේ අපොයි මේවා බලද්දි ඔළුවේ නහරවලුත් ගැටගැහෙනවා. මේ හැමදේකම කෙලවර කොතනද?(නදී)
අපිට අවශ්‍ය අන්තවාදය පාලනය කරන ගමන් ඇමෙරිකාවත් යම් පාලනයක ලක්වීමයි. එය නිසි ආකාරයෙන් සිදුවෙන බව පේනවා. (නි)
ගෙදර ගියොත් අබු නසි.. මග හිටියොත් තෝ නසි.(නදී)
සිරියා රජය මෙම තීරණාත්මක යුද්ධයෙන් පරාජය වුවහොත් අපටත් සිදුවන්නේ මුස්ලිම් රටක ජීවත් වීමටයි.එම නිසා සියලු ආගම් වෙනුවෙන් බහුතර ලෝකයා වෙනුවෙන් අප සිරියානු රජයේ ජයග්‍රහණය පතමු! (නි)
මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද මන්දා මෙහෙම හැසිරෙන්නේ? (නි)