ඇමෙරිකා ජාතික ආරක්ෂක ආයතනය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියයේ හිටපු කොන්ත්රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් එරට ආරක්ෂක අංශ රහස් හෙළි කිරීමත් සමඟ, අල් කයිඩා ත්රස්ත සංවිධානය ඔහුන්ගේ ක්රමෝපායන් වෙනස් කර ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ ඊයේ (27) අනාවරණය කළේය.
ඇමෙරිකාවේත්, විදෙස්වලත් සිටින ඇමෙරිකන් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්රචණ්ඩ කි්රයා සිදු කිරීමට මානබලමින් සිටින අල් කයිඩා ඉස්ලාමීය සටන්කාමී සංවිධානය මේ වන තෙක් අන්තර් ජාලය ඔස්සේ ස්කයිප් වැනි සන්නිවේදන මෘදුකාංග භාවිත කරමින් රහසේ පණිවුඩ හුවමාරු කර ගෙන ඇත.
ස්නෝව්ඩන්ගේ හෙළිදරව්වෙන් පසු, ඔවුන් පමණක් නොව, ඇමෙරිකාවේ සතුරන් වන සෙසු ත්රස්ත සංවිධාන පවා, ඇමෙරිකානු ආරක්ෂක සහ බුද්ධි අංශ මඟ හැර පණිවුඩ හුවමාරුවට නව ක්රමවේදයන් සොයාගෙන ඇති බවත්, ඒවා කුමක්දැයි කඩිනමින් සොයා ගැනීමට නොහැකි බවත් ඇමෙරිකානු බුද්ධි අංශ හෙවත් සී.අයි.ඒ. සංවිධානය වැඩිදුරටත් කියා සිටී.
2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප්රහාරයෙන් පසු, ඇමෙරිකාව ‘ත්රස්තවාදයට එරෙහි සටන’ නමින් නව පනත් සහ නීති සකස් කර ගත්තේය. ඒ අනුව, සැකකටයුතු අයකු අත්අඩංගුවට ගැනීම, රඳවාගෙන ප්රශ්න කිරීම ආදී කි්රයාකාරකම් රැුසකට විශේෂ අවසර හිමිවෙයි.
අත්අඩංගුවට ගැනෙන එවැනි පුද්ගලයන් කියුබාවේ කෙළවරක ඇමෙරිකා රජයට අයත්ව පිහිටා ඇතිග්වන්තනාමෝ සිරකඳවුරට යැවේ. මිහිපිට අපායක් ඇති නම්, වධකාගාරයක් ඇති නම්, ඒ ග්වන්තනාමෝ බේ සිර කඳවුර යැයි එහි රැුඳෙවියෝ පවසති.
ඔවුන්ට අපා දුක් විඳීමට සිදුවෙයි. අත්අඩංගුවට ගත් ඇතැමුන් සම්බන්ධයෙන් තවමත් චෝදනා ඉදිරිපත් කිරීමක් හෝ නඩු පැවැරීමක් හෝ සිදු කර නැත. රැුඳෙවියන් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් කෙරේ. බන්ධනාගාරය පාලනය කෙරෙන්නේ ඇමෙරිකා හමුදාව යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවට මානව හිමිකම් බලපාන්නෙ නැද්ද? (නි)
අල් කයිඩි නම් ඉවර කරලා දාන්න ඕනේ. නැතන්ම අපේ රටේ වත් ඉන්න බැරි වෙයි.(නදී)
ත්රස්තවාදයට එරෙහි සටනට නම් හැම රටක්ම සහාය දෙන්න ඕනි. (අ)
වෙන්න බෑනෙ.කවුද ඔය සිරකඳවුරට ගිහින් ආවේ?අනික ලෝකේ කොහෙත් සිර කඳවුරුවල සැප පහසුකම් දෙන්නේ නෑ.මොකද ඒක හිර ගෙයක්නේ. (අ)
ලුණු කෑවොත් වතුර බොන්න කිව්වලු (අ)
ඇෆ්ගනිස්තානේ පස් ගොඩක් වුනා. ලක්ෂ ගානක් මැරුනා. අදටත් මැරෙනවා ඉවරයක් නැහැ. ඉරාකේ,පාකිස්ථාන් මිනිස්සුත් මැරෙනවා. ඉස්සරහටත් එහෙම වෙයි. ලුණු කෑවොත් වතුර බොන්න වෙනවනේ (නි)
මර්ටිනස්, දන්නවනේ රුසියවටයි, බ්රිතාන්යටයි මොකද වුනේ කියලා.ඕක වවා ගැනීමක් (නි)
ඇමරිකාව තේරුම් ගන්න ඕනෑ කොයි ත්රස්තවාදියත් ජිවිත සහ දේපල විනාශ කරනකොට උන්ව මර්දනය කරන්න මොන රටටත් සිද්ධ වෙනවා කියලා (නි)
මම ඇමරිකාවට සහයෝගය දෙනවා.(නදී)
ඇයි ඇමරිකාවට විතර ද ඔය නීති (අ)
සේරම ඉවරකරලා දන්නා හොඳේ (අ)
කෝ අර මානව හිමිකම් ගැන කතාකරන ඇමරිකාව? (නි)