පැරිස් ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායම් කිහිපයකට වෙඩි තබා තුවාල සිදු කළ නාදුනන වෙඩික්කරුවෙකු සොයා මේ වන විට බෙල්ජියම් පොලිසිය සහ ප්‍රංශ පොලිසිය මෙහෙයුම් දියත් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පහු ගිය නොවැම්බරයේ අයි එස් සටන්කාමීන් විසින් පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ මේ වන විට පැවැත්වෙයි.
එම පරීක්ෂණ අතරතුර බ්රුසල්ස් නගරය අවට ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
එම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූහ.
මේ වන විට එම නගරයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානය අසල පාසල් දෙකක් වසා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රංශයේ නීති හරිම ලිහිල්. පසුගිය කාලයේ ත්රස්තවාදීන් යයි හොඳින්ම කිව හැකි සුළු ක්‍රියා කල බොහෝ දෙනෙක් පොලිසි වලට අසුවුනත් පසුව ඔවුන් ගැන වාර්තාවක් වත් තබා නොගෙන නිදහස් කරපු අවස්ථා වල ප්‍රතිපල තමයි දැන් භුක්ති විඳින්නේ. ප්‍රංශය පුද්ගල නිදහස මුලික කරගෙන කටයුතු කරන කිසිම ආගමකට බර නොවුන (සේකියුලර් ස්ටේට් ) රටක්. මෙවැනි නිදහස් රටක ත්රස්තවාදීන්ට විනාශකාරී ක්‍රියාවක් කිරීම අපහසු කටයුත්තක් නොවේ. (ර)
කොටින්ව හුරතල් කරනවාට මෙහෙම වෙලා මදි (නි)