අභ්‍යාවකාශ ගමන් ගැන උනන්දුවක් දක්වන්නන්ට ඉතාමත් දුර්ලභ වෙන්දේසියකින් ලෝකයේ වේගවත්ම රොකට්ටුව මිලට ගැනීමට අවස්ථාව සැලසි තිබේ.
මෙම රොකට්ටුවේ වේගය පැයට සැතපුම් 4310 ක් හෙවත් පැයට කිලෝ මීටර් 6900 කි. 1990 මුල් භාගයේදී ඇමරිකාවේ නාසා ආයතනය සහ රුසියානු නව ගුවන් යානා ඉන්ධන ආයතනය අතර ඇතිකරගත් ගිවිසුමකින් මේ රොකට්ටුව නිපැදවිණි.
වෙන්දේසියේ කළමනාකාර අධ්යක්ෂ මැක්ස් ගිරාඩෝ පවසන්නේ ඔවුන් විසින් අසාමාන්‍ය සහ විශේෂ වු වාහන විකිණූ බවයි. ඒ සියල්ලට ම වඩා මේ හයිපර්සොනික් රෝකට්ටුව විශිෂ්ඨ බව ඔහු කියයි.
මෙම විකිණීම මගින් වායුගෝලයේ කටයුතුවලට අදාල සිහිවටන එකතුකරන්නන්ට තම ජීවිතයේ එක වරක් පමණක් ලැබිය හැකි මහඟු අවස්ථාවක් උදාවනු ඇතැයි ඔහු පවසා තිබේ.
මෙම රොකට්ටුව ලන්ඩන් හි බැටර්සී උද්‍යානයේ දී සැප්තැම්බර් 8 වෙනිදින වෙන්දේසි කෙරේ. එය වෙනුවෙන් මිලක් නියම කර නොමැත. නමුත් මෙම රොකට්ටුව සඳහා ඉතිහාසගත ඉහළම මිලක් ලැබේය යන්න වෙන්දේසි කරුවන්ගේ විශ්වාසයයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රොකට්ලට ඕක ගන්න එක සුළු දෙයක්. රටට ආඩම්බරයක් (නදී)
අපේ ඉන්නවනේ අභ්‍යාවකාශ තාක්ෂනය ඉගෙන ගන්න ධනවත් අය. එයා ගනියි ඕක (නදී)
අධික වියදන් දරල ඇමරිකාව අටවපු රෝකොට්ටු වලින් කිසිම වැදගත් කමක් නැති නිසා වෙන්දේසි කරනවා වියදම හරි පියවා ගන්න. ඕක ගන්න මෙලෝ යකෙක් ඉදිරි පත් නොවේවී යැයි මගේ මතය. ඕක ගන්න කෙනෙක් නැති උනාම ලැජ්ජාවට එයාලාම තියාගෙන කව්රු හරි ලොකු මුදලකට ගත්තා කියයි බැරිවෙලාවත් යම් කෙනෙක් ඕක ගත්තොත් ලෝකේ ඉන්න ලොකුම මෝඩයා වෙන්නත් ඔහුට පුළුවන්. (නදී)
මෙය මිලදී ගැනිමට අපේ ලංකාවෙත් කිහිප දෙනෙකුට බැරි වන්නේ නැහැ (නදී)
ඇයි අපේ අය ඉන්නේ (නදී)