අතුරුදන් මැලේසියානු එම්.එච්. 370 ගුවන් යානය පිලිබඳව පොතක් ලියා ඇති නයිජෙල් කේව්ත්‍රෝන් එම යානය ඇමරිකාව සහ තායිලන්තය එක්ව කරණ ලද ජෙට් යානා ගුවන් යුධ අභ්‍යාසයේ දී බලාපොරොත්තු නොවු ආකාරයට ප්‍රහාරයට ලක්ව දකුණු චීන මුහුදු තීරයේදී කඩා වැටී ඇති බවයි.
යානයේ සිටි බ්‍රිස්බේන් ජාතික මගියකුගේ ඥාතීන් ප්‍රශ්න කරන්නේ තවමත් පරීක්ෂණ කණ්ඩායම් වලට සොයාගත නොහැකි වූ යානය සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළ කරමින් පොතක් ලියන්නේ කෙසේ ද යන්නයි. යානය අතුරුදන් වී දැනට දින 71ක් ගතවී ඇත.
පොත මගින් පෙන්වා දී ඇත්තේ යානය යුද අභ්‍යාසයේ දී ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
ගුවන් යානයේ අතුරුද්නවිම ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම මේ කරුණු වසන්කරන බව ද මේ ග්‍රන්ථයෙන් දක්වා තිබේ. එමෙන් ම පොත ලියූ කේව්ත්‍රෝන් පවසන්නේ අති නවීන තාක්ෂණයෙන් යුක්ත බව පැවසුව ද අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියේ පරිගණක මෘදුකාංග ඉතා ප්‍රාථමික මට්ටමේ වූ බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉක්මණට පොතක් ලිවුවේ ඉක්මණින් අධික ලාභයක් සහිතව පොත විකුණාගන්න බලාපොරොත්තුවෙන් වෙන්න පුලුවන් (නි)
ඔක ගැන මම නම් කියන්නෙ එක්කො ගුවනේදී ක්ෂනයෙන් පුපුරා යන්න ඕනි,නැතිනම් ප්‍රභල රටකින් ප්‍රහාරයක් එල්ල වෙන්න ඕනි,නැතිනම් යානයේ තෙල් වල හිඟයක් නිසා යානය මුහුදට වැටෙන්න ඕනි. (දී)
සුපුන් මහත්තයාට දියාගෝ ගාර්සියා ගොස් යානය සෙවීමට ලංකාදීප පාඨකයන් විසින් අරමුදලක් ඇති කරමුද? (නි)
ෆෙර්ණන්දෝ ඔබ හරි කියා හිතෙනවා.(නදී)
උපාලිට වුන දේ රාජ්‍යනායකයෝ දන්නවා. එළියට දාන්න බැරි නිසා තාමත් අතුරුදහන් කියනවා. නොවිසඳුනු අබිරහසක් උනේ එහෙම. (ස)
සමහර වාර්තා අනුව මෙම පොත එළි දැක්වීම එම යානයේ ගොස් ජිවිත හානි වූ අයගේ ඥාතීන්ට සහ හිතවතුන්ට හිත වේදනාවට හේතු වන කරුණක් වන බව සඳහන් වෙනවා (දිල්)
ඇත්තටම මටනම් හිතෙන්නේ මේ යානාව දියාගෝ ගර්ෂියා වල රදවල තියෙනවා කියලා. මැලේසියන් යානය මාලදිවයිනේ දකුණු දුපත් උඩින් පහතින් යනවා ගොඩක් අය දැකල තියෙනවා. ඒ කියන්නේ මේ යානය දියාගෝ ගර්ෂියා වල තියෙනවා කියන එක මතයක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද මේ යානය ගිහින් තිබෙන්නේ ගුවන් යානා යන්නේ නැති කලාපයක. දකුණු මාලදිවයිනේ සිට දියගොවට ඉතා කිට්ටුයි (නදී)
ප්‍රහාරයකට ලක් වූ යානයක පාවෙන සුන්බුන් සහ මුහුද මතු පිට තෙල් පැල්ලම් තියෙන්න ඕනැ නේද? (ස)
මම නම් හිතන්නේ මේක මුහුදට වැටුන ගමන්ම ලොකු තල්මසෙක් ගිල්ලා. ඇමරිකාව මෙතනදී අහිංසකයි..!! (නි)
පොත පමණක් නොවේ, චිත්‍රපටියකුත් හදනවා කියලයි ආරංචි (නි)
බුදු අම්මෝ මේකේ ඉන්න විද්වත්තු. ඇමෙරිකාව දන්නෙත් නැති දේවල්නේ මෙයාල දන්නේ. නමුත් ඉතින් ඇට නැති දිවනේ නේද. ඔහේ කියල දැම්මම මොකද නේද? (ස)
ලලිත් අපේ රටේ හිටපු ඉහල තලයේ ව්‍යාපාරිකයකුවූ උපාලි මහතා ගැන මතකය අලුත් කර දුන්නට ස්තුතියි.(දිල්)
ඇමරිකාව මේ යානය පැහැරගත් එක ජපන් විද්‍යාඥයෙක් ඒ දවස් වලම කියලා තිබුනා. දන්නෝ දනිති. (නි)
අර සේපාල ඒකනායකගෙන්වත් අහල බැලුවනම් හොඳයි මයෙ හිතේ. (ස)
60ගණන්වල ඉදගෙනම ඔය ඇමෙරිකාව කඩාගෙන වැටෙන කතාව කිව්වනෙ. "..ඔන්න කඩාගෙන වැටෙනවා....මෙන්න කඩාගෙන වැටෙනවා ..දැන් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා...තව ටිකයි කඩාගෙන වැටෙන්න තියෙන්නෙ ..." මට පෙනෙන්නෙ තවමත් මෙහෙම හිතන හීනමානයෙන් පෙලෙන අය ඉන්නව.(ස)
ඇමරිකාවේ ආණ්ඩු ලෝකයත් මුලා කරනවා. තමුන්ගේ රටේ මිනිස්සුත් මුලා කරනවා.නමුත් ඇමරිකාවේ ආර්ථිකය නම් ඉක්මනින්ම කඩා වැටෙයි. (නි)
ඇමරිකාවේ බලවත් කම පෙන්නන්නේ හොලිවූඩ් චිත්‍රපට වල විතරයි. එහෙ ඇති මහා බලයක් නැහැ. එ්කත් අර ලෝකේ මහා බල සම්පන්න අංක එකේ ත්‍රස්තවාදී කණ්ඩායම වගේ තමයි. අපේ පොඩි කොල්ලෝ සුමාන දෙකෙන් බිමටම සමතලා කලේ මහා ලොකු ලෝකෙට ලොක්කෝ.(නදී)
අර හරියටම හරියන සාස්තර කියන කෙනාගේ අනාවැකිය ගෙන ලැජ්ජා හිතෙනවා දැන් නම් (නි)
ලංකාවේ මහා පඩිවරයෙක් කිව්වා නේද දින 14 කින් හම්බ වෙනවා කියලා. එයා දැන් ලංකාවේ ඉන්නවද දන්නේ නැහැ මගේ කේන්දරෙත් බලා ගන්න. මොකද එයා කිව්වා හරිනේ දින 14 කට පස්සේ කියලා. ඒ කියන්නේ අවරුදු 1000 ස් ගානක් උනත් වෙන්න පුළුවන් නේද? (නදී)
ලලිත් මහතා හොඳ අදහසක් මතක් කළා. මැලේසියාව සම්බන්ධ මෙය අනතුරු දෙකම කිසිදාක එළියට නොඒවි කියලා මටත් හිතෙනවා. (නි)
ගුවන් ප්‍රහාරයක් තිබුනේ කොහෙද, කවදද. කියා ස්ථිරව කිව හැකිද? (අ)
මිසයිලයක් වැදුණනම් හොයන්න කෑල්ලක්වත් ඉතිරිවෙන්නේ නැහැ. සමහර රටවල් ඒක වසන්කරනවා ඇති. (ස)
මෙවැනිම දෙයක් හිටපු දන කුවේරයකු වන උපාලි විජයවර්ධනටත් වුණු් බව කාටත් අමතක වීම කණගාටුවට කරුණක්,එතුමා ගැන අද වෙනතුරුත් කිසිම තොරතුරක් නැහැ, මැලේසියන් ගුවන්යානය වගේම මෙතුමාත් අතුරුදහන් වුනේ මේ කලාපයේමයි.උපාලි විජේවර්ධන මහතාත් මැලේසියා ගියේ එයාටම අයිති ලියර් ජෙට් යානයකින්....(ස)
ඇමරිකාව කියන්නේ ලෝකේ ඉන්න බලවතුන් තමන් කියා ලෝකෙට පෙන්නන පොඩි රටවල් වල තියෙන සමගිය නැති කරන ලෝකේ ඉන්න හොඳම නාටකයෝ ඉන්න රට.එයාලගේ තාක්ෂණය රින. එයාල හදන ගුවන් යානය වැටෙන තැන වත් කියන්න බැරිවනේ එයාල අඟහරු ලෝකේ ජනාවාස හදන්න යන්නේ.මටනම් පස්ස පැත්තෙනුත් හිනා යනවා. (ස)
ඇමෙරිකාව හදන යානාවල යන්න හොඳ නැහැ. එයාලට අනෙත් රටවල මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.(නදී)