ඇමරිකාවේ ඔක්ලහෝමා හිදී දෑත් ඔසවාගෙන සිටි කළු මිනිසකුට පොලිසිය වෙඩි තබා මරා දැමීයැයි කළු ජාතිකයෝ උද්ඝෝෂණයක් ඇරඹූහ.
මෙම නිරායුධ මිනිසා දෑත් උඩට ඔසවාගෙන තම කාරය දෙසට යද්දී පොලිසියේ වෙඩි පහරින් ඔහු බිම ඇද වැටිණි. ටෙරන්ස් ක්‍රචර් (40) ගේ ඝාතනය ගැන ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇති අතර ඇගේ සොහොයුරිය කියනුයේ පොලිසිය ඔහුට වෙඩි තැබූ බවයි.
පාරේ වීඩියෝවලින් ද එම කථාව තහවුරු කරයි. ක්රචර්ගේ කාරය කාර්මික දෝෂයකට ලක්වී නතරවීමෙන් පසු ක්‍රචර් කාරයෙන් බැස උදව් ඉල්ලීමට යද්දී මෙම අනතුර සිදුවී ඇතැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ කියති.
පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ මේ සිද්ධිය වූ බවත් මාර්ගය අවහිර වනසේ කාරයක් අතහැර දමා තිබූ බවත් මිනිසුනට අවහිර වන බවත් කියමින් එම ප්‍රදේශයේ කතක පොලිසියට දුරකථන ඇමතුමක් දුන් බව පොලිසිය කියයි. තවත් එවැනි ඇමතුමක් ලැබුණු බව පොලිසිය කියයි. එක් පොලිස් කාන්තාවක කියනුයේ දුවමින් සිටි ක්රචර්ගෙන් ඇසූ ප්‍රශ්නවලට උත්තර නොදුන් බවත් ඔහු සාක්කුවට අතදැමූ බවත් ඔහු තම අවිය ගැනීමට එසේ කරන්නට ඇති බව සිතී යැයි ද ඈ ළඟ තිබූ අවිය ඔහු දෙසට එල්ල කර දණ ගසන්නැයි ඔහුට කී නමුත් ඔහු එසේ නොකළ බව ඇය පොලිසියට කියා ඇත.
උතුරු කැරොලිනා පොලිස් ප්‍රකාශිකාවක පැවසූයේ ක්‍රචර් ඔහුගේ කාරය ළඟට ගොස් ඉණට අත දමමින් සිටි බවයි. එවිට ක්‍රචර් ලේ විලක් මැද වැටුණු බවත් මොහොතකින් පණ ගිය බවත් ඇය කීවාය.
ඇමරිකා පොලිසිය ත්රස්තවාදීන් පණ පිටින් අත්අඩංගුවට ගනිද්දී නිරායුධ ක්ලචර් එසේ අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි ක්‍රචර් පවුලේ නීතිඥවරු ප්‍රශ්න කරති.
පොලිසියට එරෙහිව විරෝධතා දැක්වූ පිරිස් ගල් මුල් ගැසීමෙන් පොලිසියේ 11 දෙනකු තුවාල ලැබූ බවද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්වැරදීමකින් වෙන්න පුළුවන් (නි)
මේ පිරිසත් අර අපේ පීඩාවට පත්වෙච්ච සුළු ජාතිකයෝ වගේ කියලයි මම නම් හිතන්නේ (හේ)
නාමල්, ඔව් මම උසාවි ගිහින් තියෙනවා, බලන්න.මම අපායටත් යන්න හිතාගෙන ඉන්නවා. (අ)
එයාලා අපේ මානව හිමිකම් ගැන නම් එනවා හොයන්න ලැජ්ජා නැතුව (නි)
මෙතන බොහොම දෙනා ඇමරිකාවේ පොලිසියට බැනලා තියෙනවා. නමුත් කල්පනා කරන්න පොලිසියේ එහෙම නැත්නම් ජනාධිපති වුණත් වැරැද්දක් කළොත් ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය වලින් විවේචනය කිරීමේ නිදහස තියෙනවා. ඒ වෙනස අපේ අයට තේරෙන්නේ නැහැ. ඇමරිකාව කියන්නේ වැරදි නොකෙරෙන රටක් නොවේ. මොන දේ වුණත් කෙළින්ම ප්‍රශ්න කරන්න පුළුවන් රටක්. (නි)
ම්ලේච්ඡ ත්රස්තවාදීන් වනසපු අපේ යුද්ධයේදි වුණා කියන මානව හිමිකම් කඩවීම් මේවගේ නිරායුධ මිනිසුන් මරනවාටත් වඩා දරුණුද? (නි)
ලංකාවේ මහ ජාතිය වුණ අපිත් දැන් බයවෙලා ඉන්න එපායැ නේද?
මෑත කාලයේ ලෝකයේ මෙතෙක් සිදුවූ බිහිසුණුම අපරාධ නැත්නම් සමූහ මිනිස් ඝාතන සිදුවුණේ ජපානයේ, වියට්නාමයේ, සිරියාවේ, ඇෆ්ගනිස්ථානය වගේ රටවල. මේවා සියල්ල සිදුකළේ ඇමෙරිකා එක්සත් ජනපදය. ඒ බව දැන දැන අපේ නායකයෝ ඒ රටවලින් උපදෙස් ගනිමින් මානව හිමිකම් අපේ රටට උගන්වන්න හදනවා. ඒකට රැවටෙන සාමාන්‍ය ජනතා කොටසක් ද සිටීම ඉතාම කණගාටුවට කාරනයක් (නි)
කළු ජාතිකයින් මරන එක සුදු ජාතිකයින්ට සෙල්ලමක් වගේ (නි)
මිනිපේ නම් කවදාවත් උසාවියකට ගිහිල්ලා නැතුව ඇති (නි)
පොලිසිය පමණක් නොවේ, රැකියාවකට ඉල්ලුම් කලවිට.කළු ජාතික නමක් හිමි නම් සම්මුක පරීක්ෂණය වත් කැදවන්නේ නැ.කළු හා සුදු ජාතින් එක හා සමානව මත ද්‍රව්‍ය පාවිච්චි කලත්, කළු ජාතින් සියට හැටක් වැඩිපුර සිර ගෙවල් වල දඩුවම් ලබනවා.අත් දෙකම ඔසවා යටත් බාවය පෙන්නුවත්, පොලිසිය වෙඩි තියෙනවා.සෙල්ලම් පිස්තොලක් අතැතිව සෙල්ලම් පිටියක සෙල්ලම් කරමින් සිටි 12 හැවිරිදි ළමයෙකුව බල්ලෙක් වගේ පොලීසය විසින් ඝාතනය කෙරුවා.මා මේ ඉහත කි කාරණා සත්ත්‍ය බව ඕනෑම වෙලාවක් ඔප්පු කරන්න මට පුළුවන්. (අ)
මේකේ සමහරුන්ට ඇමරිකාවේ වැරදි පෙන්වනවිට, ටිකක් මදිකමක් හෝ වියරු වැටිමක් වගේ උත්තර දානවා (නි)
ඇමෙරිකාවේ කළු ජාතිකයින් ඉතාම ප්රචණ්ඩකාරීයි. ඇමෙරිකානු සුදු ජාතිකයින්ට වඩා කළු ජාතිකයින්ගේ අපරාධ වලට යොමුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය අතින් ගත්තත් ඔවුන් නිතරම නීතිය හමුවට යොමුවෙනවා. ඔවුන්ගේ දඩබ්බර ගතිගුණ නිසා ඔවුන්ට රැකියා සැපයීමද ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා අනෙක් අයට වඩා ආර්ථික පීඩනයකුත් ඔවුන්ට තියෙනවා. මේ නිසා පොලිස් රාජකාරී වගේම වෙනත් වැදගත් අවස්තාවලදී ඔවුන් කොන්කරන තත්වයක් තිබෙනවා. (නි)
මට අපේ "සුදු කොඩි" කතාව නිකමට වගේ මතක් වුණා.(හේ)
ඇමෙරිකාවේ එහෙම වෙන්න බෑ. මේක මඩ ප්‍රවෘත්තියක්. (අ)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (නි)
ලංකාවෙ මෙහෙම වුනොත් මොකද වෙන්නේ.(හේ)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේවට තමයි (නි)
එක එක කාරණා නිසා කලු ජාතිකයන පොලිසිය මගින් ඝාතනය වුණා. සුදු ජාතිකයෙක් නම් ජීවත්වෙන්න මිටවඩා ඉඩකඩ තිබුණා. (නි)
ඇමරිකාවත් ලංකාව වගේ රටක්. එ්කෙත් පොලිසියට තියෙන්නේ අසිමිත බලයක්. මේ පොලිස් නිලධාරින්ට අනිවාර්යයෙන්ම ගැළවෙන්න පුළුවන් වේවි. (නි)
නාමල් කියන එක හරි. ඇමරිකාවෙ කල්ලන්ට අඩුවෙන් සළකනවා නම් කලු ජාතිකයින් ඇමරිකාවේ ජනාධිපති (ඔබාමා ), ආරක්ෂක ලේකම් (කොන්ඩොලීසා රයිස්), නීතිපති (එරික් හෝල්ඩර් ) වගෙ තනතුරු වලට පත්වෙන්නෙ කොහොමද? (නි)
අයියෝ රිචි මහත්තයා, ඔච්චර දඟලන්න එපා. මම ඉන්නෙ මේ සිද්ධිය වෙච්ච නගරයට පැයක පමණ දුරින් තියෙන ඔක්ලහොමා සිටි වල. මේ පොලිස් නිලධාරිනිය දැන් අනිවාර්ය නිවාඩු යවලා මේ ගැන පරීක්ෂණයක් කෙරෙනවා. ඔයා හිතාගෙන ඉන්න විදිහට කවුරුත් කල්ලන් හෝ දුඹුරු හම ඇත්තන්ට වෙනස් විදිහට සළකන්නෙ නැහැ. (නි)
සමහරුන්ට ඇමෙරිකාව කරන දේවල් සාක්ෂි සහිතව ඉදිරිපත් කළත් පිළිගන්න බැරිතරම් මානසිකත්වයක් තියෙන්නේ. ඇමෙරිකන් හමුදාව ඇෆ්ගනිස්ථානයේ පොඩි ළමයි කණ්ඩායමකට වෙඩි තියල මරල සුලගිල්ල කපල උද දමමින් විනෝද වෙන වීඩියෝවක් ගිය මේ යට අමතකද ? (ම)
රිවි, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාව කියන්නේ ලෝකයේ රටවල් අතර සමානාත්මතාවය ඉහළින්ම තිබෙන රටක් (නි)
ඔන්න ඕකයි ඇත්තම තත්ත්වය (නි)
ලංකාවේ රතුපස්වල එහෙම වුනාට ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ. (අ)
ඔව් ඉතින් අපේ සමහරු එයාලගේ පශ්චාත් භාගයත් වන්දනා කරාට ඕක තමයි එහෙ ඉන්න හම, කළු අයට තියන සැලකිල්ල (අ)
ඔහොම දේවල් ඇමරිකාවේ සිදු වීම සුලබ දෙයක් , කළු ඇමරිකානුවන්ට ඇමරිකන් පොලිසියත් නීතියත් සලකන්නේ , තිරිසනුන්ට වාගේ , ඕක තමා ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදය (අ)