ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක දරුවකු බිහි කළාය. ඒ අනුව, දරු ප්‍රසූතියක් සිදු කළ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන්නේ මැයයි.
මවු පදවියට පත් වූයේ ජියුන්බෙන් රබාරිය. මැය ගුජරාඨයේ කුට්ච් ගම්මානයේ පදිංචිකාරියකි. ජියුන්බෙන්ගේ සැමියා 75 හැවිරිදි වලිජ්බායි රබාරිය. මොවුන් දෙදෙනා විවාහ වී වසර 45 ක් ගතවුවත් දරු සුරතල් බැලීමට අවස්ථාවක් උදා වී නැතැයි පැවැසෙයි.
උපත ලැබුවේ නිරෝගී සිඟිති පුතකු බවත් ඔහුට ලාලෝ යනුවෙන් නම් තබා ඇති බවත් වාර්තා වේ.
යුවළගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේ, බයිජු නුවර ප්‍රසව හා නාරි වෛද්‍ය තුරේෂ් බානුෂාල් ය. වෛද්‍යවරයා පවසන්නේ, මෙය ඉතාම කලාතුරකින් සිදුවූ දරු උපතක් බවය. ජියුන්බෙන් රබාරි ගැබ් ගැන්වීම කර ඇත්තේ Vitro Fertilisation ක්‍රමවේදයට අනුවය.
“මිට වසර දෙකකට පමණ පෙර යුවල මාගේ සායනයට පැමිණි අවස්ථාවේදී මම පුදුමයට පත්වුණා. මම කිව්වා ඔවුන්ට දරුවන් ලැබීමේ අදහස අත්හැර ගන්න කියලා. නමුත් ඔවුන් තීරණය වෙනස් කලේ නැහැ. අපි ඉතා සංකීර්ණ ක්‍රමයක් තුලින් මේ ක්‍රියාවලිය සිදුකලේ. සියලු දෙනා පුදුමයට පත්කරමින් එය සාර්ථක වීම සතුටුයි” වෛද්‍ය තුරේෂ් බානුෂාල් පැහැදිලි කර ඇත.
සිසේරියන් සැත්කමකින් ජියුන්බෙන් රබාරි දරු ප්‍රසූතිය සිදු කළ බවත්, දරු ප්‍රසූතිය සිදුවූයේ මීට මාසයකට පෙර බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
(හින්දුස්ථානී ටයිම්ස්)
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
70 හැවිරිදි කාන්තාව මවක් වෙයි