වර්ෂ 2040 වනවිට ප්‍රංශයේ ඩීසල් හා පෙට්‍රල් වලින් ධාවනය වන සියලුම වාහන විකිණීම තහනම් කිරීමට නියමිත බව ප්‍රංශ රජය පවසයි. පැරිස් කාළගුණික සම්මුතියට අනුකූලව මෙම පියවර ගෙන ඇත.
ප්‍රංශයේ පරිසර අමාත්‍යවරයා පවසන්නේ 2050 වර්ෂය වනවිට කාබන් මුක්ත කළාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවද මේ වනවිට ප්‍රංශ වෙළඳපොලේ ඇත්තේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) මෝටර් රථ සියයට 3.5ක් ද සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන වාහන සියයට 1.2ක් ද පමණි.
සාම්ප්‍රධායික ඉන්ධන වලින් ධාවනය කරන වාහන සියයට 95ක් පමණ තවමත් ප්‍රංශ වෙළඳපොලේ පවතී. වොල්වෝ සමාගම පවසා ඇත්තේ ඉදිරියේදී ඔවුන් නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වන සියලුම මෝටර් රථ අඩ වශයෙන් හෝ විදුලියෙන් ක්‍රියාකරන ආකාරයට සැලසුම් කර ඇති බවයි.
ගල් අඟුරු බලයෙන් ක්‍රියා කරන කර්මාන්ත 2022 වනවිට නැවැත්වීමට ද න්‍යෂ්ටික බලය යොදාගැනීම සියයට පනහකින් අඩු කිරීමට ද තෙල් හා ගෑස් ගවේෂණ බලපත්‍ර අලුතින් ලබාදීම නතර කිරීමට ද ප්‍රංශය සැලසුම් කර ඇත.

( බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරන්න අවශ්‍යතාවයක් නැහැ . 2050 වෙනකොට ලෝකයේ තෙල් නිධි අවසන් වෙලා බොහෝ කාලයක් වෙලා. ලංකාවේ අපිට නම් කවුරු හරි දේශපාලකයෙක් " හඳෙන්" තෙල් ගෙනත් දෙන්න පොරොන්දු වුණොත් (1970 දීත් එහෙම වුණා) එයාට ඡන්දේ දෙවි..!!!
ලංකාවේ අපි අපේ තෙල් නිධි වලින් තෙල් ලබාගන්න කොට, ලෝකයේ පෙට්‍රල් සහ ඩීසල් වලින් ධාවනය වන වාහන නිපදවීම නවත්වලා තිබේවි..!!!
ඒ වෙනකොට ලෝකෙට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා තියේවි.
ඔබතුමන්ලා කොහොමද ආවේ? කොහොමද මෙච්චර කාලයක් ජීවත් වුණේ? මොන මොන ප්‍රශ්න ආවත් කොහොමද කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුණේ?
2035 වෙනකොට ලෝකේ 80 % බාවිතා කරන්නේ සුර්ය බලශක්තිය. ඒ හින්දා තෙල්වලට ලෝකේ ඉල්ලුමක් නැහැ තෙල් තිබුනත් වැඩක් නැහැ මොකද ලබා ගැනීමට යොදන මුදල් ප්‍රමාණය අදිකයි. අදටත් තෙල් මිල ඉතා පහල මට්ටමක තියෙන්නේ !