‘20 වැනි සියවසේ මහා විමුක්තිදායකයා ඔහුයි. ඔහු නමින් විශාල ඉතිහාසයක් සතුයි. යම්කිසි පුද්ගලයෙක් අගය කිරීම තරමක් අපහසු කාර්යයක්.රටක් සාමය වෙනුවෙන් ගෙනගිය, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් සතු පුද්ගලයකුගේ ගුණ ගැයීම ඊටත් වැඩිය අපහසුයි‘ යැයි ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා අද (10) ජොහැන්නස්බර්ග් නුවර පැවැති නෙල්සන් මැන්ඩෙලා සමරු උත්සවයේ දේශනයක් කරමින් පැවසීය.
වර්ණභේදවාදය දකුණු අප්‍රිකාවෙන් පමණක් නොව, මුළු ලෝකයෙන්ම තුරන් කිරීමෙහිලා අසමසම මෙහෙයක් ඉටු කළ දකුණු අප්‍රිකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලාගේ දේහය ප්‍රිටෝරියා අගනුවර සොවෙතෝ පාපන්දු ක්‍රීඩාංගනයේ මහජන ගෞරවය වෙනුවෙන් තැම්පත් කෙරුණි.
‘අපි නැවතත් මැන්ඩෙලා කෙනෙකු දකින්නේ නෑ. මම මැන්ඩෙලා හමුවූ හැම අවස්ථාවේම ඔහු මට පැවසුවේ යහපත් මනුස්සයෙක් වෙන්න කියලා‘ යැයි ඔබාමා පවසා සිටියේය.
ඇමෙරිකා ජනපති ඔබාමා වේදිකාවට ගමන් කරන විට අපූරු සිද්ධියක් විය. වේදිකාවට යන අතරතුරදි ඔබමා කියුබාවේ ජනපති රාවුල් කැස්ත්‍රෝට සිය දෑත දගු කළේය. එය අඩ සියවසකට ආසන්න කාලයක් පුරා නොහොඳ නෝක්කාඩු සහිත රටවල් දෙකක් සාමය සඳහා ගමන් කිරීමේ පෙරනිමිත්තක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නෙල්සන් මැන්ඩෙලා නම් ශ්‍රේෂ්ඨ මිනිසා තවත් සාමයක් උදා කළේ යැයි එම සිද්ධිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍යය වාර්තා කළේය.
ඔබාමා වේදිකාවට ගොඩවත්ම ඔහුට විශාල ප්‍රතිචාරයක් ද රැස්ව සිටියවුන්ගෙන් හිමිවිය.
එමෙන්ම මැන්ඩෙලාගේ අවමංගල්‍ය උත්සවය ඇමතූ කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ පවසා සිටියේ විප්ලවීය අරගලයේ උදාරතම සංකේතය මැන්ඩෙලා බවයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් දේශනයක් පවත්වමින් පවසා සිටියේ අනපේක්ෂිත වෙන්වීමක් නිසා අප දුක්වන බවත් අතිශය සුන්දර ශ්‍රේෂ්ඨ ජිවිතයක් නිස අප සතුටට පත්වන බවත්ය. තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පැවසීය.
‘දකුණු අප්‍රිකාවට වීරයෙක් , පියෙක් අහිමි වුණා. ඔහු අපට සිටි විශිෂ්ට ගුරුවරයෙක්. ඔහු අපට ආදර්ශයෙන් පෙන්නුවා යමක් කරන විදිය. ඔහු සාමය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සියල්ල අත්හරින්න සූදානමින් සිටියා‘
දේහයට ගෞරව දැක්වීමට අද සවස් වෙද්දී, මහා ජනකායක් ක්‍රීඩංගනයට රැස්ව සිටියහ.
ජොහැන්නස්බර්ග් නුවරට වැසි ඇද වැටුණද ලෝක නායකයෝ සහ මහා ජනකාය එය නොතකා නෙල්සන් මැන්ඩෙලාට ගෞරව දැක්වීමට කටයුතු කළෝය. ලෝක නායකයන්ගේ පැමිණීම නිමිත්තෙන් ප්‍රිටෝරියා අගනුවරට පමණක් නොව, දේහය තැම්පත් කළ සොවෙතෝ ක්‍රීඩාංගනයට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යෙදවි‚.
හමුදා සන්නද්ධ රථ පමණක් නොව, ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මෙන්ම ජෙට් යානා ද සීරුවෙන් තැබුණු බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අද නිවේදනය කළේය.
අවමංගල්‍ය කටයුතු සියල්ල සංවිධානය වී ඇත්තේ වත්මන් දකුණු අප්‍රිකානු ජනපති ෙජකොබ් සූමාගේ මැදිහත් වීමෙනි. ඔහු මැන්ඩෙලාගේ පවුලේ අය සමඟ සාකච්ඡා කොට අවමංගල්‍ය කටයුතු සංවිධානය කළ බව මීට පෙර වාර්තා විණි.
(විදෙස් මාධ්‍ය ඇසුරෙණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්.... මැන්ඩෙලා නැවත නැවත ජනාදිපතිවීමේ බලාපොරොත්තුවෙන් ව්‍යවස්තව වෙනස්කිරීම,ජිවන වියදම අහස උසට ඇරීම, නිතිය වල්වදීමට ඉඩහැර සිටීම, පවුල්වාදියකු වීම, දුෂණය තක්කදිකමට තැන දීම, රාජ්‍ය බලය වාසියට යොදාගැනීම වගේ දේවල් නොකළ නිසයි ඔහුට ලොවම ගරුකරන්නේ..... (ස)
මැන්ඩෙලා උතුම් මිනිසෙකි (නි)
මැන්ඩෙලා මහත්තයා උතුම් මිනිසෙක් (නි)
ඔබට මගේ ගෞරවය! (නි)
මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ගැනු මැදපෙරදිගට දැන් දීල විදෙශ විනිමෙන් ජෝගි නටපු නායකයෙක් නොවේ... ඔහු සදා අමරණිය චරිතයක් වෙන්න ගොඩක් කැපකිරීම් කර... නෙල්සන් මැන්ඩෙලා මේ හැරුනම ඔහුගේ නමින් කිසිම දෙයක් නම් කරලා නැහැ....(අ)
මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ලෝකයේ මුලින්ම කැරලි ගහන්න පටන් ගන්තේ ඇමරිකාව. බටහිර ඉතිහාසයේ කියන විදිහට ලෝකයේ කිසිම කොලනියකට නිදහස ලැබුනේ කැරලි නිසා නොව ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යය බංකොලොත් වීම නිසා සහ කොලනි පවත්වාගන යාමට එංගලන්තෙට මුදල් නොමැතිවීම නිසා කියලයි කියන්නේ. (නි)
මැන්ඩෙලා වැඩකලේ එයාගේ උපන් ගම්පලාත වන ප්රිටෝරියාවලට විතරද.(ස)
මට දන්නා කෙනෙක් කියන්න කරුණා කරලා මැන්ඩෙලා වැඩ කරේ එයාගේ උපන් ගම්පලාතවන ප්රිටෝරියාවලටද කියල.... (ස)
මැන්ඩෙලා කියන්නේ ජනතාව නැවත නැවත ඉල්ලද්දීත් දෙවරක් ජනාදිපතිවරනෙට ඉදිරිපත්වෙන්ට ප්‍රතික්ෂේප කරපු චරිතයක්. මෙතන අදහස් දමන මේනියා කාරයෝ කියන්න හදන්නේ එහෙම බලේට පොරකන්නේ නැති නිහතමානි චරිත ලංකාවේ ඉන්නවයි කියලද...(ස)
එක එක හීනමාන කාරයෝ ලෝකේ ශ්‍රේෂ්ට චරිතවලට අපේ රටේ දේශපාලකයෝ සමාන කරන්ට කලින් ශ්‍රේෂ්ට චරිත කල කැපකිරීමත් දුන් ආදර්ශයත් මොනතරන් ගැඹුරුද, අපහසුද, ප්‍රජාතන්ත්‍රවාදීද, මහත්මාගතියකින් යුක්තද,සෘජුයිද කියා සිතා බලන්ට.අපේ උදවිය ඒ ලගින් තියලා වැඩක් නැහැ. (ස)
අපේ රටේ යුද්දෙන් පස්සේ යුද්දෙට මෙලෝ කෙන්ගෙඩියක් නොකරපු අය අහස්යාත්රාවක් පුරවල අපේ සල්ලිවලින් ඇමරිකාවේ ට්‍රිප් එකක් ගියා.... මට එදා හිතුනේ හරි මහන්සි ඇති මේ මිනිස්සුන්ට මෙතරන් දුර ගිහින් සැප ගන්නේ කියල. පුළුවන් නම් යන්නේ ඇමරිකාවට නොවේ හඳට. හැබැයි මැන්ඩෙලා අවුරුදු 40 කිට්ටු වෙන්ට හිරේ ඉදල එලියට ඇවිත් ඔවැනි ඔද්දල් වැඩ කලාද...අන්න එකයි වෙනස. (ස)
මැන්ඩෙලා හිරේ ඉන්දැද්දී මැන්ඩෙලාට පක්ෂපාතිව පෙළපාලි යන්ට, උද්ඝෝෂණ කරන්ට සහ බ්‍රිතාන්‍යයට විරුද්දව කැරලිගහන්ට කල්ලෝ වගේම සුද්දොත් සම්බන්ද උන.මැන්ඩෙලා ජනපති උනහම ඇතැම් සුද්දෝ දකුණු අප්‍රිකාවේ කළු ආණ්ඩුව පළිගැනී කියල බයට එහෙන් පිටවෙන්ට ගත්ත.මැන්ඩෙලා සුද්දන්ට යන්ට නොදී හිටවගත්තයි කියල ඉතිහාසේ සදහන් වෙනවා. (ස)
මට දැනගන්ට ආසයි... දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ පවුලේ උදවිය දේශපාලනේ කරනවද,සංස්ථා සභාපතිකන් දරනවද, (ස)
නෙල්සන් මැන්ඩෙලා ලංකාවේ ඉපදී මෙහි හැදී වැඩි ඔවැනි කැප කිරීමක් කර හිරෙන් නිදහස් උන පසු මෙසේ කරනවා ඇත.... සුදුස්සාට නොව චක්ගෝලයට තැන දීම, මහත්මා ප්රජාතාන්ත්රවාදී ලෙස නොව යටිකුට්ටු වැඩ වලින් දේශපාලනේ කිරීම, අනර්ග කැපකිරීමක් තම රටට කල නිසාම මහජන මුදල්,දේපල තමාට ඕන ලෙස පරිහරනේ කලහැකියි සිතිවිලි පහල වීම (ස)
මට හමු වුණ අප්රිකානුවෙක් නෙල්සෙන් මැන්ඩෙලාට ඒ නම ලැබුණු විදිය ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිකළා (නි)
මම ඔබට ඇත්තෙන්ම ගෞරව කරමි (නි)
පිට බැද්දර ශාන් මහතාගේ අදහස දෙතුන් වරක් කියවන්න. ඔබටත් යමක් වැටහෙයි. ශාන් මහතානෙනි, කුමාරි මෙන්න මමත් එකගයි.(නදී)
කුමාරි, ශාන් ඔබලාට ගොඩක් හොඳ හදවතක් තියනවා කියල මම දන්නවා. (ස)
ශාන්, එක්ක මමත් එකඟයි.ලෝකයම අපේ රටට ඇගිල්ල දික් කරන හිටියත් දැන් අපි කවුරුත් නිදහසේ ජිවත් වෙන්නේ ජනාධිපති තුමා නිසයි.ලෝකෙට කෙසේ වෙතත් මගේ මව් රටේ විමුක්ති නායකයාණන් අපේ අතිගරු ජනාධිපති තුමයි.එතුමාටත් මගේ රටටත් තෙරුවන් සරණයි. (ස)
ශාන්, ඔබගේ අදහස හුගක් හොඳයි. නමුත් රටට, ජනතාවට දිනා දුන් ඒ විප්ලවීය විමුක්තිය නොකඩවා ආරක්ෂා කරදීම ඊටත් වඩා අතිශය බාරදුර කාර්යක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මහලේකම් බෑන් කී මුන් කරපු කතාවේ මැන්ඩෙලා නමැති හිටපු අති විශිෂ්ට නායකයා පිළිබඳ මෙවන් තක්සේරුවක් කලා. "ඔහු සාමය හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සියල්ලක් අත් අරින්න සුදානමින් සිටියා." ඇත්තෙන්ම ඒ ශ්‍රේෂ්ට නායකයා එය ක්‍රියාවෙන් කලා. ඒ වගේ නායකයෙක් මේ ශත වර්ෂයේ තවම අප රටට ලැබිල නැහැ. කලින් හිටියා. ඒ අය ගැන ඉතිහාස පොත් වලින් අලුත් පරපුර කියවනවා. ඒ ඉතිහාසය කිසිවෙකුට මකන්න බැහැ. ඒ වදනින් ඔහුව ඇමරිකානු නායකයා වර්ණනා කලා. අද ඉතිහාස ගතවන ක්‍රියාවන් කළ නායකයෙක් ඉන්න අපේ රටේ. කුණු වැඩ කරමින් රට කුණු කරන දේසපාලුවන් සමඟ මේ විදියට තවත් ඉදිරියට ගියොත් එයත් ඉතිහාස ගත වෙනවා. නමුත් ඒ ඉතිහාසය ලියවෙන්නේ වෙනත් ආකාරයකට. අද අපේ රටේ ඉන්න දේසපාලුවන් කුමන ක්‍රියාවෙන්ද හොඳ? වැඩිම ප්‍රතිශතයක් හොරු, ජාවාරම් කාරයෝ, මිනීමරුවෝ, අපචාර දුෂිතයෝ, (මත් ද්‍රව්‍ය, සුදුව හා ගණිකා) කෝ මේ කියන බුද්ධිය. ඒ බුද්ධියට මේවා වැටහෙන්නේ නැතිද? ශ්‍රී ලකාවට වීරයෙක්, පියෙක්, විශිෂ්ට ගුරුවරයෙක් එඩිතර නායකයෙක් ඉන්නවා. යමක් කරන හැටි අපට මහා පාඩමකින් කියා දුන්නා. එය කර පෙන්නුවා. නමුත් අද ඒ විශිෂ්ටත්වය මේ දේසපාලුවන් ගේ ක්‍රියා නිසා නැතිවී යාමට පුළුවන.
පැමිණි දුක් පැණිරසයි කියන එකේ ඇත්තකුත් තියෙනවා (නි)
එදා දෙන්න තිබුන උපරිම දඬුවම් දීලා අද ගුණ වයනවා. එංගලන්තේ පැත්තෙන් මොනවත් කියනවා ඇහුනේ නැද්ද? (නි)
නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්ධිට සමාන කරමින් ජනාධිපති ඔබාමා කළ කතාව මම අහගෙන හිටියා. ඉතාම වැදගත් කතාවක්. (නි)
නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකානු ජනාධිපති ලෙස පත්වීමෙන් පසුත් සමහරු ඇමරිකානු ත්‍රස්තවාදී ලේබලය මැන්ඩෙලාට හංවඩු ගසා තිබූනා. (නි)
අපේ රටෙත් මේ වගේ රට වෙනුවෙන් හිරේ ගිහිල්ලා බලයට ආ අය හිටියා. මැන්ඩෙලා ගැන මම ගොඩක් දන්නේ නැහැ. නමුත් බුද්ධිය හා ශක්තිය මෙහෙයවලා අපේ රටේ යුද්ධය ජයගත් ජනපතිතුමා 20 වන සියවසේ මහා විමුක්තිදායකයා විය යුතුයි. (නි)
ඒකට සමහරු නම් පිටරට නායකයින්ගෙන් ලබා ගන්නේ ගැරහුම් පමණයි. (නි)
හරි, 20 වැනි සියවසේ මැන්ඩෙලා. 21 වැනි සියවසේ? ඔබාමා මොකුත් හිතලද දන්නේ නැහැ. සාම නොබෙල් තෑග්ගත් ලැබුනානේ. (ස)