මීට වසර 3 කට පෙර, ජපානය කැළැඹූ අති ප‍්‍රබල භූමි කම්පාවෙන් හානියට පත්ටෝකියෝ නුවරට නුදුරින් පිහිටි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක් සිදුවෙමින් පවතින බව බලධාරීහු පවසති.
න්‍යෂ්ටික බලාගාරයේ ටොන් 300 ක් පමණ විකිරණශීලී ජලය පසට කාන්දු වෙමින් පවතින බවත් එය නැවැත්වීමට හැකි සෑම පියවරක්ම ගනිමින් සිටින බවත් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.