IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ළමා අපචාරකරුවන්ට ඉන්දුනීසියාවේ දැඩි දඩුවම්

ළමා අපචාරකරුවන්ට එරෙහිව දැඩි දඩුවම් පැමිණවීමේ අවසරය ලබා දෙන නීති සම්මත කරගැනීමට ඉන්දුනීසියා පාර්ලිමෙන්තුව කටයුතු කර තිබේ.

සම්මත කරගත් නව නීති ප‍්‍රකාරව රසායනික සුන්නත් කිරීම නම් නව දඩුවම් ක‍්‍රමයක් ළමා අපචාරකරුවන්ට එරෙහිව පැමිණවීමේ අවසරය දැන් එරට අධිකරණයට හිමිය.

මෙවන් නීතියක් සම්මත කරගත යුතුයැයි ඉන්දුනීසියා පාර්ලිමෙන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූයේ පසුගිය මැයි මාසයේදීය.බාල වයස්කාර දැරියක සමූහ දුූෂණයකට ලක්වීමේ සිදුවීමක් සමග ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය මෙවන් යෝජනාවක් ඉදිරිපත් වීමට ප‍්‍රධානතම හේතුව විය.

රසායනික සුන්නත් කිරීමට අමතරව, ළමා අපචාරකරුවකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීමට, විදුලි සැර වැද්දවීමට සහ වසර 10 කට නොඅඩු සිර දඩුවමකට යටත් කිරීමට, අවශ්‍ය අවසරයන්ද මෙම නව නීතිය යටතේ ඉන්දුනීසියා අධිකරණයට ලබාදී ඇත.

රසායනික සුන්නත් කිරීමේදී සිදුවන්නේ අපචාරකරුවන්ගේ ශරීරයට ස්තී‍්‍ර හෝමෝනයන් එන්නත් කිරීම වන අතර, මෙම දඩුවම් ක‍්‍රමය රුසියාව, දකුණු කොරියාව, සහ පෝලන්තය වැනි රටවල ළමා අපචාරකරුවන්ට එරෙහිව භාවිතයට ගැනෙන්නකි.

කෙසේනමුත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයන් සහ කාන්තාවන් සදහා වන ජාතික කොමිසම මෙවන් දැඩි දඩුවම් සම්මත කරමින් නීති ඉදිරිපත් කිරීම හෙළා දකිමින් අදහස් දක්වා ඇත.මේ හා සමාන නීති කි‍්‍රයාත්මක වන වෙනත් රටවල, එම නීති කි‍්‍රයාත්මක වූවාය නැතිය කියා ළමා අපචාරයන්ගේ අඩුවීමක් සිදුව නොමැති බව එම සංවිධාන පවසයි.

 



අදහස් (0)

ළමා අපචාරකරුවන්ට ඉන්දුනීසියාවේ දැඩි දඩුවම්

අසාද් Thursday, 13 October 2016 09:13 AM

ළමා අපචාර වෙනුවෙන් ලංකාවෙත් නීති දැඩි වුනානම් ..(බ)

:       0       0

විජේනායක Thursday, 13 October 2016 07:19 AM

ලංකාවේ නයිට් ක්ලබ් ගිහින් බලෙන් කාන්තාවන් ඉඹින්න යන අයටත් හොඳ දඬුවමක් දෙන්න ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site