ලොව ප්‍රථම වතාවට හදවත් රෝගියෙකුට සම්පූර්ණ කෘතිම හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ප්‍රංශ ජාතික වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.
ප්‍රංශයේ පැරිස් නුවර ජොර්ජස් පොම්පිඩු රෝහලේදී මේ සැත්කම සිදුකෙරී ඇතැයි සදහන්ය.
දුර්වල හදවත් හා හදවත් රෝග ඇති පුද්ගලයින් වෙනුවෙන් නොයෙක් ආකාරයේ කපාට,රුධිර නාළ ආදී කෘත්‍රිම ආධාරකයන් බද්ධ කිරීම් සිදුවූවත් සම්පූර්ණ කෘතිම හදවත් බද්ධයක් මේදක්වා සිදු නොවිණි.
සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමේ අරමුණ විවිධ ඖෂධ මත නොයැපී සාමාන්‍ය නිරෝගී ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හදවත් රෝගියෙකුට ලබා දීම බව සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පිරිස කියයි.
මෙම කෘතිම හදවත ජවගැන්වෙන්නේ වියළි කෝෂ පද්දතියකින් වන අතර එය සිරුරින් පිටත පිහිටයි.
බද්ධ කරනු ලැබූ කෘතිම හදවත සාමාන්‍ය මිනිස් හදවතකට වඩා ප්‍රමාණයෙන් මෙන්ම බරින්ද වැඩි බව වෛද්‍යවරුන් කියයි.
බොහෝ කෘතිම හදවත් ආධාරකයන් නිමවා ඇත්තේ ප්ලාස්ටික් වලිනි.මෙනිසා රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව වැඩි බව පැවසේ.නමුත් මෙම කෘතිම හදවත මිනිස් හදවතේ මාංශපේෂි හා සමාන වන අමුද්‍රව්‍යයකින් නිමවා ඇති නිසා රුධිර කැටි ගැසීමක් ගැන බිය විය යුතු නැතැයිද වෛද්‍යවරුන් පවසයි.
ඉදිරියේදී පවුම් එක් ලක්ෂ පණස්දහක් වැනි මුදලකට සම්පූර්ණ කෘතිම හදවත් බද්ධයක් සිදුකරගත හැකි වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ හදන්න ගත්තම ගාන අඩු වෙයි. (ස)
මේකේ ගාන ඇහැව්වම හෘදයාබාදයක් හැදෙන එකනම් ෂුවර්. (නදී)
දැන් කොහොමද කියන්නේ "මගේ හදවතින්ම ඔයාට ආදරෙයි " කියලා? (නදී)
මගේ හදවත පවුම් වලින් මිල කරන්න බැහැ. (ස)
කොහොමත් සල්ලි තියෙන කට්ටියට අනාගතයේදී දීර්ඝායු ලැබිය හැකි බවට මේ කාලසීමාවේදී සිදුකල හුගක් පර්යේෂණ ප්‍රතිපල වලින් පැහැදිලිවම දක්නට ලැබෙයි. කොහොමත් තව අවරුදු සීයකින් විතර අර්ධ මනුෂ්‍යයින් කොට්ඨාශයක්ද දැකගත හැකිවනු ඇත.(නදී)
පටන් ගනිද්දී මිල ඉහළයි පහු වෙනකොට ටිකක් අඩුවෙයි (අ)
මේවා හරියන ඒවා නමෙයි. බැටරිය ගලවා දැම්මනම් මරන්න ලේසියි. (ත)