IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හදවත් ලෙඩකට බොරු හදවතක්

ලොව ප්‍රථම වතාවට හදවත් රෝගියෙකුට සම්පූර්ණ කෘතිම හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ප්‍රංශ ජාතික වෛද්‍යවරු  පිරිසක් සමත්වූහ.

ප්‍රංශයේ පැරිස් නුවර ජොර්ජස් පොම්පිඩු රෝහලේදී මේ සැත්කම සිදුකෙරී ඇතැයි සදහන්ය.

දුර්වල හදවත් හා හදවත් රෝග ඇති පුද්ගලයින් වෙනුවෙන් නොයෙක් ආකාරයේ කපාට,රුධිර නාළ ආදී කෘත්‍රිම ආධාරකයන් බද්ධ කිරීම් සිදුවූවත් සම්පූර්ණ කෘතිම හදවත් බද්ධයක් මේදක්වා සිදු නොවිණි.

සම්පූර්ණ කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමේ අරමුණ විවිධ ඖෂධ මත නොයැපී සාමාන්‍ය නිරෝගී ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව හදවත් රෝගියෙකුට ලබා දීම බව සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පිරිස කියයි.

මෙම කෘතිම හදවත ජවගැන්වෙන්නේ වියළි කෝෂ පද්දතියකින් වන අතර එය සිරුරින් පිටත පිහිටයි.

බද්ධ කරනු ලැබූ කෘතිම හදවත සාමාන්‍ය මිනිස් හදවතකට වඩා ප්‍රමාණයෙන් මෙන්ම බරින්ද වැඩි බව වෛද්‍යවරුන් කියයි.

බොහෝ කෘතිම හදවත් ආධාරකයන් නිමවා ඇත්තේ ප්ලාස්ටික් වලිනි.මෙනිසා රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාව වැඩි බව පැවසේ.නමුත් මෙම කෘතිම හදවත මිනිස් හදවතේ මාංශපේෂි හා සමාන වන අමුද්‍රව්‍යයකින් නිමවා ඇති නිසා රුධිර කැටි ගැසීමක් ගැන බිය විය යුතු නැතැයිද වෛද්‍යවරුන් පවසයි.

ඉදිරියේදී පවුම් එක් ලක්ෂ පණස්දහක් වැනි මුදලකට සම්පූර්ණ කෘතිම හදවත් බද්ධයක් සිදුකරගත හැකි වනු ඇතැයි වෛද්‍යවරුන්ගේ අදහසයි.



අදහස් (0)

හදවත් ලෙඩකට බොරු හදවතක්

ගගන Monday, 30 December 2013 01:36 PM

චීනයේ හදන්න ගත්තම ගාන අඩු වෙයි. (ස)

:       0       0

කැලුම් Monday, 23 December 2013 09:40 AM

මේකේ ගාන ඇහැව්වම හෘදයාබාදයක් හැදෙන එකනම් ෂුවර්. (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Sunday, 22 December 2013 11:36 AM

දැන් කොහොමද කියන්නේ "මගේ හදවතින්ම ඔයාට ආදරෙයි " කියලා? (නදී)

:       0       0

නසාර් Monday, 23 December 2013 02:47 PM

මගේ හදවත පවුම් වලින් මිල කරන්න බැහැ. (ස)

:       0       0

රජින්ද Sunday, 22 December 2013 01:23 PM

කොහොමත් සල්ලි තියෙන කට්ටියට අනාගතයේදී දීර්ඝායු ලැබිය හැකි බවට මේ කාලසීමාවේදී සිදුකල හුගක් පර්යේෂණ ප්‍රතිපල වලින් පැහැදිලිවම දක්නට ලැබෙයි. කොහොමත් තව අවරුදු සීයකින් විතර අර්ධ මනුෂ්‍යයින් කොට්ඨාශයක්ද දැකගත හැකිවනු ඇත.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 December 2013 06:00 PM

පටන් ගනිද්දී මිල ඉහළයි පහු වෙනකොට ටිකක් අඩුවෙයි (අ)

:       0       0

සජිත් Sunday, 22 December 2013 03:00 PM

මේවා හරියන ඒවා නමෙයි. බැටරිය ගලවා දැම්මනම් මරන්න ලේසියි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site