පර්යේෂණ හා කැපකිරීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය 2012 වසරේදී විද්‍යාඥයින් සොයාගත් ‘‘හිග්ස් බොසෝනය‘‘ හෙවත් දේව අංශුවට මුළු පෘථිවියම අසුරු සණින් විනාශ කිරීමේ හැකියාවක් ඇතැයි විද්‍යාඥ ස්ටීවන් හෝකින්ස් අනතුරු අගවයි.
ඔහු පවසන්නේ මෙම අංශුව සොයාගැනීමට ප්‍රෝටෝන කදම්බ 2 ක් ස්විට්සර්ලන්තයේ ‘‘ලාර්ජ් හාර්ඩන්‘‘ අංශු ත්වරකය යොදාගෙන එකිනෙක ගැටීමට සැළැස්වුවාක් මෙන් විද්‍යාඥයින් මෙම අංශුව තවත් අංශුවක් හා අධි වේගයෙන් ආ අධි ශක්තියකින් ගැටීමට සැළැස්වුවහොත් සුවිශාල රික්ත අවකාශයක් ඇතිවී එය පෘථිවිය ගිල ගනු ඇති බවයි.
මහා විද්‍යාඥයාගේ ප‍්‍රකාශය හිග්ස් බොසොනය සම්බන්ධ පර්යේෂණ නව මානයකට ගෙන යනු ඇතැයි මත පළවී තිබේ.
‘‘හිග්ස් බොසෝනය‘‘ මෙතෙක් සොයාගෙන ඇති කුඩාම අංශුව ලෙස සැළැකෙන අතර කිසියම් වස්තුවකට එහි ‘‘බර‘‘ ලබාදීමට මුල් වන්නේ මෙම අංශුව බව සැළකේ.
2012 වසරේදී ප්‍රෝටෝන කදම්භ 2 ක් ලාජ් හාර්ඩන් අංශු ත්වරකය ආධාරයෙන් එකිනෙක හා ගැටීමට සැළැස්වූ විද්‍යාඥයින්ට එම ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අංශුව සොයාගැනීමට හැකිවිය.මෙවන් අංශුවක් පැවතීමට ඉඩ ඇතැයි මුලින්ම මත පළ කර තිබුණේ මහාචාර්ය හිග්ස් වන අතර ඒ 1964 තරම් ඈත කාලයකදීය.
සොයාගත්තද අංශුව තවමත් විද්‍යාඥයින්ට අභිරහසකි.එහි කාර්යභාරය තේරුම්ගැනීමට තවමත් කිසිවෙකුටවත් හැකිව නොමැත.
කෙසේනමුත් තවදුරටත් අදහස් දක්වන මහාචාර්ය හෝකින්ස්ම හිග්ස් බොසෝන දෙකක් එකිනෙක හා ගැටීමට සළස්වා ලෝක විනාශයක් සිදුකිරීමට දැනට ලෝකයේ ඇති අංශු ත්වරක එකකටවත් හැකියාවක් නොමැති බවද පෙන්වා දේ.
මේ සදහා අවැසි වනු ඇති අංශු ත්වරකය පෘථිවිය තරම්ම විශාල වනු ඇතැයිද වත්මන් ලෝක ආර්ථික තත්ත්වය හමුවේ කිසිවෙකුවත් එවැනි දේයකට ඉදිිරිපත්වනු නැතැයි තමන්ට සහතික යැයිද ඔහු පවසයි.



COMMENTS
ඔව් ස්ටීවන් හෝකින්ස් කියන්නේ ලෝකේ නම වැනියට මොලේ තියෙන එක්කෙනා ඒවගේම එයා තමයි හොයාගත්තේ කළු කුහර වලින් කිරණ පිටවෙනවා කිව්වා එක ඒවගේම එයා මේ දවස් වල උත්සහා කරන්නේ ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවයි සාපෙක්ෂටා වාදයයි එකතු කරන්න ඒ දෙක එකතු කරපු දවසට අපි සොයාගන්න විද්‍යාවේ අන්තිම දවස වෙන්නේ එකට එකක් විදිහට තමා එයා හොයාගත්තේ කළු කුහර වල කිරණ ගැන (අ)
ලෝකයේ ඉතාම කුඩා අංශුව සොයාගත්තේ බුදුපියාණන් වහන්සේ විසින් බව නොදන්නවාද ?ශුන්‍ය තාවය කියන එක මුලින්ම ප්‍රකාශ කලේ තථාගතයන් වහන්සේයි .ඔය කියන අන්ශුවටත් වඩා කුඩා නොවේද ශුන්‍යය .විද්‍යාඥයන් කරුවලේ අතගානවා කියල හිතෙනවා .අභිධර්මය ඉගෙන ගත්තොත් හැමෝටම ඕක තේරේවි .එහෙම අවබෝද කරගත්ත බොහෝ බටහිර බෞතික විද්‍යාඥයන් නැවතුනේ උතුම් පැවිදි බව ලබලයි .අජන් සුමෙධෝ කියන එංගලන්ත බික්ෂුව ගැන අවශ්‍ය නම් සොයා බලන්න .සැමට තෙරුවන් සරණයි . (අ)
සෑම්ගේ කතාව හරියට හරි (නි)
අසාම් මොනවා කියනවද කියල මටනම් තේරෙන්නේ නැහැ. අනිත් අය උනත් හරියට මේක ගැන කියවල බලල අදහස් දමනවා නම් තමයි හොඳ. විද්‍යාඥ හොප්කින් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. කරුණාකරලා එයා කියපු කතාව තේරුම් ගන්න (නදී)
මෙයට යමක් එකතු කිරීමට සිතුවෙමි ‘‘හිග්ස් බොසෝනය‘‘ යනු විෂවයේ ආරම්භය වූ සැනින්ම ඇති වූ ස්තරයක්, මෙම ස්තර අවකාශය තුලින් ගමන් කරන බල අංශු හිග්ස් බොසෝනය නිසා භෞතික අංශු බවට පරිවර්තනය වෙනවා. (නදී)
විද්‍යාවෙන් ලෝකයේ දියුණුව වගේම විනාශයද සිදුවිය හැක (නි)