පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින එරට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ නිවාස අඩස්සි කාලය තව දුරටත් දීර්ඝ කිරීමට ඉස්ලාමාබාද් මහාධිකරණ ඊයේ (30) තීන්දු කළේය.
ඒ අනුව ලබන 11 වැනිදා පැවැත්වෙන පාකිස්තාන මහ මැතිවරණයට සහභාගී වීමට හෝ එදින නිවසින් පිටතට යෑමට හෝ මුෂාරෆ්ට ඉඩ නොලැබෙනු ඇත.
දීර්ග කාලයක් රටින් පිටවී සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණියේ ඉකුත් මාර්තු 24 වැනි දා ය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීම හේතුවෙනි. මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි ඉකුත් 14 වැනිදා පාකිස්තාන මහාධිකරණ තීන්දු කළේය. බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු ඔහු කිරීම ඊට හේතුවයි.
එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරුන් ලබා දුන් තීන්දු ‘පක්ෂපාතී’ යැයි මුෂාරෆ්ගේ ‘සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය’ පක්ෂයේ ප‍්‍රකාශිකා අසීයා ඉෂාක් මාධ්‍ය හමුවේ කියා තිබුණි.
පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ්, පාකිස්තානයෙන් පිට වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. අවස්ථා කිහිපයකදී යළි සියරට පැමිණීමට උත්සහ කළ ද පාකිස්තාන රජය ඔහු අත්අඩංගුවට තැත් කළ නිසා එම අවස්ථා මඟ හැරුණි.
වත්මන් පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ බිරිය මෙන්ම හිටපු අගමැතිවරියක ද වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට ද මුෂාරෆ් වගකිව යුතු බවට වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන අතර ඒ ගැන නඩු විභාගයක්ද පැවැත්වෙයි. අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැුසක්ද මුෂාරෆ්ට එල්ල වී ඇත.
හමුදාපති ලෙස කටයුතු කරද්දී කිසිදු ලේ වැගිරීමකින් තොරව, හමුදා කුමන්ත‍්‍රණයකින් මුෂාරෆ් පාකිස්තාන ජනපති ධුරයට පත් වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.
COMMENTS
යාපනේ කොටි අල්ලා ගන්න සැරසෙද්දී ඉන්දියාව කිවුවා ඕනෑ නම් නැවක් දෙන්නම් සෙබලු ටික කොලඹට ගෙනෙන්න කියලා.නමුත් මෙතුමා තමා පැය 24 න් මල්ටි බැරල් දීලා යාපනේ බේරාගන්න උදවු කළේ.නමුත් මේකෙන් කියන්නේ ආසියාවේ දේශපාලනේ පහත්කමනේ. (නි)
එහෙහ් වන්දි බට්ටයෝ, බත්බැලයෝ, පාරවල් ගානේ හු තිය තියා ගිහින් නෑල්ලුද? . කඩේ යන අය වෙබ් අඩවි පුරා ගැති කන් දක්වල අදහස් දල නැහැල්ලුද?(නදී)