IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනාධිපති හා එරට රජයේ සාම කවුන්සලයේ වත්මන් සභාපති බහනුද්ඩීන් රබානි ඝාතනයට විරෝධය පළ කිරීම පිණිස දහස් ගණනක් ඇෆ්ගන් වැසියෝ ඊයේ (21)  වීදි බැස පෙළපාලි ගියහ. බහනුද්ඞීන් රබානි (71) 1992-96 කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ධුරය හෙබැවීය. එම කාල සීමාව තුළදී එරට සිවිල් යුද්ධය ඉතා දරුණු ලෙස පැවැතුනි. හිටපු ජනාධිපති රබානිගේ නිවසට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් රබානි අසලටම පැමිණ එම බෝම්බය පුපුරවා ගත්තේය. එම ප‍්‍රහාරය පසුපස තලෙයිබාන් සාමාජිකයන් සිටින බවට තොරතුරු හෙළිවී තිබේ. එහෙත් මෙතෙක් තලෙයිබාන් සංවිධානය මෙම ඝාතනයේ වගකීම බාරගෙන නොමැත. මෙම ඝාතනයත් සමගම ඇෆ්ගන් රජය හා ඉස්ලාමීය අන්තවාදීන් අතර එකඟතාවයක් ඇතිකර වසර දහයකට අධික කාලයක් තිස්සේ පැවැති අර්බුදය නිමා කරලීමේ බලාපොරොත්තුවද බිඳී ගියේය. ඊට හේතුව හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි, සාම සම්මුතියක් සඳහා දැඩිලෙස කැපවී ක‍්‍රියා කළ අයෙකු නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 66 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා නිව්යෝර්ක් බලා යමින් සිටි ඇෆ්ගන් වත්මන් ජනාධිපති හමීඞ් කර්සායි මේ ඝාතන සිද්ධිය සැලවීමත් සමග ඊයේ (20) සිය ගමන නවතා නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණි බව ද වාර්තා වේ. හිටපු ජනපති රබානිගේ නිවස පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලය. එවැනි අධිආරක්ෂක කලාපයකට බෝම්බකරුවකු ඇතුළුවූයේ කෙසේදැයි කාහටත් පැනයක් වී තිබේ.



අදහස් (0)

හිටපු ඇෆ්ගන් ජනාධිපති රබානි මැරුවාට එරෙහිව රට පුරා උද්ඝෝෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site