IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හිටපු අගමැති කෙයිටාට ජය හිමිවන ලකුණු

බටහිර අපි‍්‍රකාවට අයත් මාලි රටේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පෙරේදා (11) පැවැත්වුණු අතර, හිටපු අගමැතිවරයකු වන බ‍්‍රහීම් බුඩකාර් කෙයිටා ජයග‍්‍රහණය කරනු ඇතැයි අනාවැකි පළ විය.

ජනපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩි ඡන්ද ලබාගත් කෙයිටා සහ හිටපු මුදල් ඇමැති සෝමාලියා සිසේ අතරේය.
දෙවැනි වටයක් පැවැත්වුණේ, පළමු වටයෙන් කිසිදු අපේක්ෂයකු සියයට 50 කට වැඩි ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට අපොහොසත් වූ නිසාය. පළමු වටයට අපේක්ෂකයෝ 27 දෙනෙක් ඉදිරිපත් වූහ.

පළමු වටයෙන් ඉදිරියට පැමිණියේ කෙයිටා සහ සිසේය. පළමු වටයේ දී කෙයිටා හිමිකර ගත් ඡුන්ද ප‍්‍රතිශතය සියයට 40 කි. පළමු වටයේ දී මිලියන 6.8 ක පිරිසක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටියහ.

මැතිවරණ කටයුතු පෙරේදා උදෑසන 8 ට ආරම්භ විය. ඇද හැලූණු මහ වැසි හේතුවෙන් ඡුන්ද කටයුතුවලට බාධා සිදුවූ බව ද වාර්තා විය.
මාලි යනු දේශපාලනික වශයෙන් අස්ථාවර රාජ්‍යයකි. ජනපතිවරණය පැවැත්වීමට සඳහා ප‍්‍රංශයේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අපි‍්‍රකා සංගමයේත් සහාය මාලි අන්තර්වාර රජයට හිමිවිය.

2011 වසරේදී, මාලි රටේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවිය. කුමන්ත‍්‍රණය සිදු වෙද්දී මාලි රජයේ හමුදාව එරට කාන්තාර ප‍්‍රාද්ශවල කි‍්‍රයාත්මක අල් කයිඩා හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් සමඟ සටන් කරමින් සිටියේය.

හමුදා කුමන්ත‍්‍රණයෙන් රජය පෙරළා දැමීමත් සමඟ සටන් අත්හැර හමුදාව ආපසු ආවේය. ඒ අවස්ථාවේදී සටන්කාමීහු ටිම්බක්ටු ඇතුළු මාලි රටේ නගර රැසක් අල්ලා ගෙන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම ආරම්භ කළහ.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව මාලි අන්තර්වාර රජය සහ හමුදාව ආරම්භ කළ මෙහෙයුම්වලට ප‍්‍රංශයේ සහාය හිමිවූයේ ඉකුත් ජනවාරි 11 වැනිදාය.
මාලි රාජ්‍යය කලක් ප‍්‍රංශ යටත් විජිතයක්ව පැවැතිණි. ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් මාලි රාජ්‍යයට හමුදා බළඇණි එවමින් කියා සිටියේ යටත් විජිතයක් ව පැවැති රාජ්‍යයක් හෙයින් මාලි රාජ්‍යයට සහාය දීම ප‍්‍රංශයේ වගකීමක් යැයි සලකන බවය.

ප‍්‍රංශ හමුදා මාලි රාජ්‍යයට පැමිණීමට අපි‍්‍රකා සංගමයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුමැතිය හිමිවිය.

ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි ප‍්‍රංශ හමුදා ආරම්භ කළ සටන් මේ වනවිටත් අවසන් වී නැත. කෙසේ නමුත් මාලි රාජ්‍යයේ උතුරුදිග නගර මුදා ගෙන ඒවායේ පාලනය යළි මාලි හමුදාවට පවරා දීමට ප‍්‍රංශ හමුදාවට හැකි වී ඇත. තවමත් ප‍්‍රංශ හමුදා සෙබළු මාලි රාජයයේ රැඳී සිටිති.

බටහිර විරෝධී දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ ප‍්‍රංශය මාලි රාජ්‍යය ආක‍්‍රමණය කර ඇති බවය.

ප‍්‍රංශ රජය පවසා ඇත්තේ පිහිටුවීමට නියමිත නව රජයට සහාය පළ කරමින් තව ටික කාලයක් රටේ රැඳී සිටීමට කටයුතු කරන බවය. මාලි රාජ්‍යය තෙල් සහ ස්වභාවික සම්පත්වලින් ද පොහොසත්ය.
 



අදහස් (0)

හිටපු අගමැති කෙයිටාට ජය හිමිවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site