IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය

හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

චීනය හඳුන්වා දී තිබෙන මෙම නව ආරක්ෂක නීතිරීති හේතුවෙන් ලොව ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන හොංකො වෙත ලබා දී තිබෙන ස්වයං පාලන බලතල සහ එම නගරය සතු නිදහස අවදානමට පත්වනු ඇතැයි බටහිර රටවල් බිය පළ කරති.

ප්‍රධාන භූමියෙන් (චීනයෙන්) ඉවත් වීම, (චීනයේ) බලය සහ අධිකාරිය නොසලකා හැරීම, ත්‍රස්තවාදය සහ විදේශීය මැදිහත්වීම් පාලනය කිරීමේ අරමුණින් චීනය මෙම නව ආරක්ෂක නීති හඳුන්වා දී ඇත.

චීනය හඳුන්වා දුන් මේ නව ආරක්ෂක නීති හේතුවෙන් මාස කිහිපයකට පසු හොංකොං නුවර මේ වනවිට විරෝධතා ආරම්භ වී ඇත.

විරෝධතාකරුවන් මෙල්ල කිරීම සඳහා අද (28) කැරැලි මර්දන පොලිසිය ද යොදවා තිබිණි.

චීන ජාතික ගීය අගෞරව කිරීම අපරාධ වරදක් ලෙස මෙම නව ආරක්ෂක නීතිරීතිවලින් යෝජනා කර ඇත.

මේ තත්ත්වයත් සමඟ හොංකොංවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද දැඩි පීඩනයක් එල්ල වී ඇත.

හොංකොං නුවර සාප්පු සංකීර්ණයක් වෙත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් ඊයේ එක්රැස් වුවද ඔවුන්ට පෙරේදා දිනයේදී මෙන් පොලිසියෙන් බාධා එල්ල නොවීය. චීනය යෝජනා කළ නව ආරක්ෂක නීති සහ ජාතික ගීයට අදාළ නීතිවලට විරෝධය පළ කරමින් දහස් ගණනක් පෙරේදා හොංකොං නුවර වීදිවලට එක්වූ අතර 360 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.

හොංකොං වැසියන් වීදි බැස මෙසේ විරෝධතා පවත්වන්නේ 'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අවස්ථාවකය. දහස් ගණනක් විරෝධතා සඳහා එක් වී සිටිති. සිය ස්වාධීනත්වයට සහ ජීවත් වීමට ඇති නිදහසට මෙම නව ආරක්ෂක නීති බාධාවක් යැයි විරෝධතාකරුවෝ පෙන්වාදෙති.

හොංකොං පරිපාලන ප්‍රදේශය බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති අතර 1997 වසරේදී චීන පාලනය යටතට ගැනිණි. හොංකොං චීනය යටතේ පාලනය වුවද ‘‘එක් රටක්, පද්ධති දෙකක්’’ යන ක්‍රමයට වෙනම පද්ධතියක් ලෙස පවතී. එහෙත් චීනය හඳුන්වා දී තිබෙන නව ආරක්ෂක නීති හේතුවෙන් හොංකොං වෙත ලැබී තිබෙන ඉහළ නිදහස් සහිත ස්වයං පාලනයට දැඩි බාධාවක් එල්ල වනු ඇතැයි ද චීනය හොංකොං වෙත පමණක් නොව ඉන් එහාටත් ඒකාධිපතීත්වය වපුරමින් සිටින බවත් ඇතැම් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

චීන පාර්ලිමේන්තුවේ 2,878 දෙනෙක් හොංකො වෙත හඳුන්වාදුන් නව ආරක්ෂක නීති අනුමත කරමින් ඡන්දය ප්‍රකාශ කළහ. එක් අයකු නව ආරක්ෂක නීතිවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර හයදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටියහ.

මෙම නව ආරක්ෂක නීති සම්බන්ධයෙන් සවිස්තර විස්තර ඉදිරි සති කිහිපයේදී ප්‍රසිද්ධියට පත්වනු ඇතැයි ද සැප්තැම්බර් මාසයට පෙර මෙම නව ආරක්ෂක නීති ක්‍රියාවට නැංවෙනු ඇතැයි ද වාර්තා වේ.

මෙම නව ආරක්ෂක නීතිරීතිවලින් හොංකොං හි ස්වයංපාලනයට කිසිදු තර්ජනයක් නැතැයි ද චීන බලධාරීහු ප්‍රකාශ කරති.

කෙසේ නමුත් චීනයේ නිදහස්ම නගරය ලෙසත් ලොව ප්‍රමුඛම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙසත් සැලකෙන හොංකොං වෙත චීනයේ නව ආරක්ෂක නීතිරීතිවලින් බලපෑමක් යොමුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය විමසිල්ලෙන් පසුවෙයි.

.එෆ්.පී./රොයිටර්

055

 

 



අදහස් (0)

‘හොංකොං’ නව ආරක්ෂක නීතිවලට චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 165 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1016 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site