පැසිපික් දුපත් හි වනවාටු රාජ්‍යය හරහා හමාගිය දරුණු සුළි සුළඟක් හේතුවෙන් එහි අගනුවර වු පෝට් විලා හි නිවාස වලින් සියයට අනූවකට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රතු කුරුස ප්‍රකාශකයෙක් පැවසුවේ සමහර ප්‍රදේශයන්හි නිවාස සියල්ලම මෙම සුළි කුණාටුව හේතුවෙන් ගසාගෙන ගොස් ඇති බවයි.
මෙම ව්‍යාසනය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක්ද මියගොස් තිබේ. මෙම ගණන තවත් වැඩි විය හැකි බව සහන සේවකයෝ පවසති. දස දහස් ගණනකට උන් හිටි තැන් අහිමි ගොසිනි.
හමාගිය සුළි සුළගේ වේගය පැයට කිලෝ මිටර් 270 කි.
වනවාටු රාජ්‍යයේ ජනගහනය 267,000 කි. එහි ප්‍රධාන දූපත් 67කි. අගනුවර ඇති පෝට් විලා හි ජනගහණය 47,000 ක් පමණ වෙති.
පෝට් විලා හි ගුවන් තොටුපොළ කුණාටුව හේතුවෙන් වසා දමා තිබේ. වනවාටු රාජ්‍යයට පිරිසිදු වතුර, සනීපාරක්ෂක කටයුතු සහ කූඩාරම් වැනි ආධාර අවශ්‍ය වි තිබේ. මේවා රැගත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් පළමු ගුවන් යානය ගොඩබැස්සවීමට හැකිවන පරිදි වසා දමා ඇති පෝට් විලා ගුවන් තොටුපොළෙන් කොටසක් විවෘත කිරීමට නියමිතය. එක්සත් ජාතින්ගේ ආපාදා තක්සේරු කණ්ඩායමක් ද වනවාටු වෙත ලඟාවිමට නියමිතය.
වනවාටු ජනාධිපති බැල්ඩ්වින් ලොන්ස්ඩේල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් තම රටට ආධාර ඉල්ලා ආයාචනා කර ඇතැයිද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ආධාර දීමට යුරෝපා සංගමය, ඕස්ට්‍රෙලියාව, නවසීලන්තය හා එක්සත් රාජධානිය යන රටවල් දැනටමත් ඉදිරිපත් වි සිටිති.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සුළි කුණාටුවෙන් අගනුවරක් විනාශයි
දුමින්ද Monday, 16 March 2015 05:40 AM
ලෝකය දැන් වෙනස් වෙලා.සොබාදහම දැන් දරුණු වෙලා.(හේ