සීෂෙල්ස් දූපත් ආශ්‍රිත කොදෙව් දූපතක ඉන්දියානු නාවුක කඳවුරක් ඉදිකිරීමේ යෝජනාව සීෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් අනුමත නොකරනු ඇතැයි සීෂෙල්ස් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධව දෙරට අතර පසුගිය ජනවාරි මාසයේ ගිවිසුමක් ඇතිකර ගත් නමුත් සීෂේල්ස් විපක්ෂය මෙයට එකහෙලාම විරුද්ධ වූ අතර එය මහජන විරෝධතාවයක් දක්වා ගෙන ගියේය.
කාර්යබහුල නාවුක ගමන් මාර්ගයක පිහිටි මෙම දූපතේ අයිතිය වෙනත් රටකට පවරා දීම තුලින් තම ස්වාධීනත්වය නැතිවන බව සීෂෙල්ස් විපක්ෂය පවසයි.
මෙවැනි වාතාවරණයක් තිබියදී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිශ්පල ක්‍රියාවක් බව පැවසෙන අතර ස්වාධීන මතධාරීන් පවසන්නේ එම දූපත සීෂෙල්ස් රජයේ හමුදා මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු බවයි.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීෂෙල්ස් වගේ කුඩා රටකත් ආත්ම ගරුත්වය තියනවා අනේ වාරියපොළ හාමුදුරුවන්ගේ උදාහරණය කාටවත් මතක නැත්තේ මොකද.?
නමින් පමණක් ඉන්දියන් සාගරය කියලා හැදින්නුවට ඉන්දියන් දේශ සිමාවෙන් පිටත අයිතියක් නැතිබව අමතක වෙලා. එහෙමනම් පැසිපික් සාගරය අයිතිවිය යුත්තේ දරිද්‍ර තාවයෙන් පෙලෙන පැසිපික් දුපත්වල වැසියන්ට.