IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සල්මාන් කුමරු මාධ්‍යවේදී කෂොක්ජිගේ පුතා හමුවෙයි

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ පුත් සලාහ් කෂොක්ජි හමු වී අතට අත දෙන ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

ඒත් සමඟම ට්විටර් සමාජ ජාලය තුළ දැඩි හා හෝවක් ඇති වූ බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

සෞදි අරාබියේ රියාද් හි පිහිටි ‘යමාමා’ මාළිගයේ දී ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු මාධ්‍යවේදී කෂොක්ජිගේ පුත් සලාහ් කෂොක්ජි සහ ඔහුගේ සොහොයුරු සහේල් මුණ ගැසුණු බව සෞදි රජයට අයත් ‘සෞදි පුවත් ආයතනය’ වාර්තා කළේය. ඔවුන් මුණ ගැසී ඇත්තේ අඟහරුවාදා (23) දිනයේදීය.

ජමාල්ගේ පුත් සලාහ් කෂොක්ජි ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුට අතට අත දෙන ඡායාරූපයක් ද ‘සෞදි පුවත් ආයතනය’ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

ජමාල්ගේ පුතුට සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරුද ඔවුන්ගේ කනගාටුව පළ කළ බව ද එම පුවත් ආයතනය වාර්තා කළේය.

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු විවේචනය කරමින් ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට ලිපි ලියන්නට පටන් ගත් දා සිට ජමාල්ගේ පුත් සලාහ් කෂොක්ජි ‘සංචාරක තහනමකට’ යටත්ව සිටි බව ‘කෂොක්ජි පවුලේ’ හිතවෙතක් ‘ඒ.පී.’ පුවත් සේවය පැවැසීය. පළිගැනීමකට හෝ හිංසාවකට ලක් වේ යැයි යන බියෙන් එම හිතවතා නම සඳහන් නොකිරීමට ද වග බලා ගත්තේය.

ජමාල් කෂොක්ජි ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුට ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල විය. කෂොක්ජි ඝාතනය කිරීමට අණ දුන් බවට හෝ ඔහු ඒ පිළිබඳව දැන සිටි බව ද චෝදනා එල්ල වෙමින් තිබේ.

     “ඔවුන් (සෞදි රජු හා ඔටුන්න හිමි කුමරු) තමන්ගේ කනගාටුව ප්‍රකාශ කිරීම ඔහු (කෂොක්ජිගේ පුත් සලාහ්) රජ මාළිගයට ගෙන්වා ගත්තා. ඔහුගේ (කෂොක්ජිගේ පුත් සලාහ්)  මුහුණේ හැටි බලන්න. මේ ඡායාරූපය දැක්කම මට කෑ ගහන්න හිතෙනවා” යැයි මනාල් අල් ෂරීෆ් පැවැසීය.

මනාල් අල් ෂරීෆ් යනු සෞදි අරාබියේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින්නියකි.

ජමාල්ගේ පුත් රජ මාළිගයට ගෙන්වා ගෙන ඇත්තේ ඡායාරූපයක් ගැනීමට බවත් එය ඉතාම ක්‍රෑර ක්‍රියාවක් බවත් මැද පෙරදිග මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ විචාරකයකු වන ෆාදි අල් කාදි කීය.

රජ පවුල ප්‍රමුඛ සෞදි නායකත්වය සහ කෂොක්ජි පවුල අතර හමුව, සෞදියේ සහ රජ පවුලේ කීර්තිනාමය ඉහළ නංවාගැනීමට කරන ලද්දක් බව අල්ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ‘අරාබි - බ්‍රිතාන්‍යය කවුන්සිලයේ’ ක්‍රිස් ඩොයිලි අල් ජසීරා පුවත් සේවයට පැවැසීය. එහෙත් ඡායාරූපයට සමාජ මාධ්‍යයෙන් එල්ල වූ ප්‍රතිචාරය ඝාතනය සම්බන්ධයෙන් සිදු වූ තවත් එක් සන්නිවේදන අසමත්කමක් බවත් හෙතෙම කීය.

“රජ පවුල කෂොක්ජි පවුල කෙරෙහි ත්‍යාගශීලි බව පෙන්වීමට උත්සාහ කරනවා. එහෙත් මේ ඡායාරූපය වචන 1000ක් කියනවා. සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු මුණ ගැසීමෙන් සලාහ්ගේ (කෂොක්ජිගේ පුත්) තිබෙන වේදනාව අපට සම්පූර්ණ කතාව කියනවා” යැයි ඩොයිලි කීය. 

“මම මේ අතට අත දෙන්නේ මගේ පියා ඝාතනය කළ පුද්ගලයාට යැයි සලාහ් (කෂොක්ජිගේ පුත්) හිතන පුතකුගේ මුහුණ ඡායාරූපයේ තිබෙනවා. සමාජ මාධ්‍යයෙන් මේ ඡායාරූපය දකින බොහෝ දෙනා එසේ සිතනවා ඇතැයි මම විශ්වාස කරනවා. ඒ වගේම මෙම සිදුවීම සෞදි රජ පවුල ජනතාවගේ කීර්තිය දිනාගන්න කරන ලද අසාර්ථක උත්සහායට උදාහරණයක්” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා ඇසුරිනි



අදහස් (0)

සල්මාන් කුමරු මාධ්‍යවේදී කෂොක්ජිගේ පුතා හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site