IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිරියා හමුදා ප‍්‍රහාරයෙන් දරායා නුවර 200 ක් මියයති

කැරැලිකරුවන් සොයමින් සිරියා රජයේ හමුදා එරට දරායා නුවරට පෙරේදා (24) එල්ල කළ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් 200 දෙනකු ජීවිතක්ෂයට පත් පත්ව ඇතැයි මානව හිමිකම් සුරැකීමේ සංවිධාන චෝදනා කරයි. දරායා නුවර පිහිටා ඇත්තේ ඩමැස්කස් අගනුවරට නිරිත දෙසිනි. පෙරේදා උදෑසන සිට දරායා නුවර කැරැලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු ගැටුම් පැවැති බව වාර්තා විය. සිරියානු හමුදා දරායා නගරයට ප‍්‍රහාර එල්ල කිරීමට ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකි යොදා ගත් බව ද පැවැසෙයි. පෙරේදා දිනයේ ඩමැස්කස් අගනුවර සහ ඇලෙප්පෝ නුවර ද දරුණු ගැටුම් හටගත් අතර කැරැලිකරුවන් පැවැසුවේ 370 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවය. මේ අතර සිරියානු රජයට සහාය දක්වමින් සිරියානු කැරැලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට පැමිණ සිටි ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමියකු අල්ලා ගැනීමටද සිරියානු කැරැලිකරුවෝ සමත්ව සිටිති. සිරියා අර්බුදයේදී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බව ලෙබනනයේත් ඉරානයේත් කි‍්‍රයාත්මක හිස්බුල්ලා සංවිධානය මීට පෙර අවස්ථා ගණණාවකදී පවසා තිබුණි. ලෙබනන් හිස්බුල්ලා සටන්කාමියකු සිරියා කැරැලිකරුවන් අතට පත් වූ පළමු අවස්ථාව මෙයයි. අත්අඩංගුවට පත් වූ එම සටන්කාමියා හසේන් අල් මික්ඩාඞ් නමැත්තකු යැයි කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන නිදහස් සිරියානු හමුදාව පවසයි. කැරැලිකරුවන් නියෝජනය කරන නිදහස් සිරියා හමුදාව දරායා නගරයට පහර දෙන රජයේ හමුදා



අදහස් (0)

සිරියා හමුදා ප‍්‍රහාරයෙන් දරායා නුවර 200 ක් මියයති

ලාල් Monday, 27 August 2012 06:39 PM

මෝඩ මිනිස්සු. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 27 August 2012 09:29 PM

ඇහුණද? (නි)

:       0       0

සරත් Monday, 27 August 2012 11:51 PM

කනගාටුයි

:       0       0

ඩියෝ Monday, 27 August 2012 04:51 PM

අපේ රටට කෑ ගහපු අය කෝ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site