සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන පාබළ හමුදා අණදෙන නිලධාරී බි‍්‍රගේඩියර් ජනරාල් අහ්මඞ් රේසා පවසයි
ඉස්ලාමීය ජාතියක් වශයෙන් තම රජය සිරියාවට සහාය දක්වන බවත් සිරියා හමුදාවට යුද පුහුණුව අවශ්‍ය නම් එය ලබාදීමට සූදානම් බවත් අහ්මඞ් රේසා වැඩිදුරටත් සඳහන් කරයි.
කැරැලිකරුවන්ට එරෙහිව සිරියා හමුදා දියත් කර ඇති හමුදා මෙහෙයුම්වලට සිය හමුදා සේනාංක යැවීමට ඉරාන රජය අපේක්ෂා නොකරන බවත් ජනරාල් අහ්මඞ් රේසා සඳහන් කළේය.
ඉරාන හමුදා ජනරාල්වරයා මේ බව පැවැසුවේ අයි.ආර්.එන්.ඒ. පුවත්සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊශ‍්‍රායලය හා කැරැලිකරුවන් සමඟ වසර ගණනාවක් තිස්සේ යුද වැද සිටින සිරියාව යුදමය අත්දැකීම්වලින් පොහොසත් බවත් එනිසා කිසිවිටෙකත් සිරියා රජයේ හමුදාවලට විදෙස් හමුදා ආධාර අවශ්‍ය නොවන බවත් ජනරාල් අහ්මඞ් රේසා අවධාරණය කරයි.
ඊශ‍්‍රායල හමුදා සිරියාවේ ඩමැස්කස් නගරයට ගුවන් ප‍්‍රහාරඑල්ල කිරීමේ සිදුවීමට පිළිතුරක් වශයෙන් හමුදා ජනරාල්වරයා මෙසේ පවසා ඇති බව ඉරාන මාධ්‍ය වර්තා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා හමුදාවට යුද පුහුණුව දෙන්න ඉරානය සූදානම් වෙයි