IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සිරියා සිවිල් යුද්ධයේ නිමක් නොපෙනේ

සිරියාවේ ජනපති බෂීර් අල් අසාඩ් ගේ රජය හා සිරියා කැරලිකරුවන් අතර ගැටුම් මාස විස්සක් පුරාම සිදුවෙමින් පැවැතිය ද ගැටලූවට නිසි විසඳුමක් මෙතෙක් ලැබී නැත. සිරියා කැරලිකරුවන් සටන් වැද සිටින්නේ බෂීර් අල් අසාඩ් ගේ රජය පෙරළා දැමීමටය. ඔවුන්ට එරෙහිව රෙජීම හමුදා අවි අතට ගෙන ඇතගදෙපාර්ශවය අතර ඇතිවන ගැටුම් නිසා මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 20,000 ඉක්මවන බව එරට  මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. ඔවුන්ගේ ඇගිල්ල බොහෝ විට දිගු වන්නේ රජයේ හමුදා දෙසටය. ඒ ඔවුන් ගුවන් හා බර අවි ප්‍රහාර එල්ල කරන නිසා බව කියමිනි. කැරලිකරුවන්ද මේ මරණවලට වග කිව යුතු අතර ඒ ඔවුන් තමන්ගේ අනුදැනුමින් තොරව සිදුවන්නේ යැයි කියන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැළැකූවිටය. දැන් තත්ත්වය බරපතළ වී ඇත්තේ සිරියාවේ අර්බුදය අසල්වැසි රටවලටද ව්‍යාප්ත වීමේ අවදානමක් උද්ගතව ඇති හෙයිනි. සිරියාවේ ළගම අසල්වාසියා වන තුර්කිය ගැටුම් හමුවේ සිරියාවෙන් පලා ආ 120,000 කට පමණ රැකවරණය සළසයි. තුර්කිය සහය පළ කරන්නේ සිරියානු කැරලිකරුවන්ට වන මුත් ඔවුනට කිසිදු ආධාරයක් මේ දක්වාම සිදු කර නොමැත. සිරියා - තුර්කි දේශසීමාවේ සිටිනා කැරලිකරුවන් ඉලක්ක කර සිරියානු හමුදා එල්ල කරනා ප්‍රහාර වලින් තුර්කි වැසියන්ද ඇතැම් අවස්ථාවන්හි මිය යයි. මේ ප්‍රහාර වලට දැඩි විරෝධය පළ කරන තුර්කිය සිය දේශසීමාවේ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කටයුතු කර තිඛෙන්නේ සිරියාව සිය සීමාව ඉක්මවුවහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටය. අසාඩ්ගේ රජය යම් තාක් දුරට හෝ සහය පළ කරන ඊශ්‍රායෙලයද දැන් ගැටුමට එක් වීමේ පෙර ලකුණු පහළ වී ඇත. ඒ සිය දේශසීමාවට එල්ලවූ සිරියා හමුදා ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසාවෙනි. ඊශ්‍රායෙලයට ඇත්තේ අසාඩ්ගේ රජය පෙරළී සිරියාව ඉස්ලාමික අන්තවාදීන් අතට පත්වනු ඇතැයි යන බියයි. ඊශ්‍රායෙලය ගැටුමට එක් වුවහොත් ඊශ්‍රායෙලයට විරුද්ධ හිස්බුල්ලා හා හමාස් සංවිධාන සටන්කාමීන් ද කරබාගෙන නොසිටින බව ඊශ්‍රායෙලය හොදින් දන්නා බව ආරක්ෂක විෂේශඥයෝ කියති. එවැන්නක් උදා කරගැනීම ඊශ්‍රායෙලයේ අරමුණ නොවන තාක් කල් ඊශ්‍රායෙලය උහුලා සිටිනු ඇත. ජෝර්දානය හා ලෙබනනය සිරියාවෙන් පළා ආ 365, 000 දෙනෙකුට පමණ රැකවරණය ලබා දී ඇත. දෙරටෙහි රජයයන් තුර්කිය හෝ ඊශ්‍රායෙලය මෙන් සිය ආරක්ෂක අංශ යොදා නොගනියි. ගැටලූව වී ඇත්තේ දෙරටෙහි ඉස්ලාමික අන්තවාදීන් සිරියා අර්බුදය අරබයා බෂාර් අල් අසාඩ් ට හිතවත් හා කැරලිකරුවන්ට හිතවත් ලෙස දෙපිළට බෙදී සටන් කිරීමයි. සාම්ප්‍රදායික ගැටුම් වලින් බැහැර මොවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලට හසුවීමෙන් සාමාන්‍ය වැසියෝ ද මරුමුවට පත්වෙති. අනෙක් අසල්වැසියා වන ඉරාකයේ ගැටුම් නොමැත. ඉරාකයේ සිටිනා ඉස්ලාමික අන්තවාදීන් සිරියාවටම ගොස් සටන් කරන බව එරට ආරක්ෂක අංශ කියයි. ඉරාකයද සිරියාවෙන් පළා ආවුන්ට රැකවරණය සළසන අතර ඔවුන් ගණනින් 50,000 ක් පමණ වන බව සදහන්ය. (කෝ වි ගු)



අදහස් (0)

සිරියා සිවිල් යුද්ධයේ නිමක් නොපෙනේ

මුතු Tuesday, 13 November 2012 01:43 PM

ඇත්තෙන්ම තත්ත්වය ඉතා බයානකයි. (ස)

:       0       0

ජගත් Wednesday, 14 November 2012 04:33 AM

යුද්දයක නිමක් දකින්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 128 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 211 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site