සිරියා කැරළිකරුවෝ කඳවුරට යටින් මීටර 850ක උමගක් කැණ ටොන් 60 ක පමණ බෝම්බ අටවා කඳවුර පුපුරුවා දැමූහ.

පිපිරීම සිදුවන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිඛෙන අතර කදවුර එක්වනම කන්දක් සේ නැගී බිමට පහත්වී දූලි වලාවක් බවට පත්වී හාත්පස විසිර යනු එහි දැක්වේ.

ප්‍රහාරයෙන් කොපමණ දෙනා මියගොස් ඇත්දැයි මෙතෙක් වාර්තා වී නොමැත.

ප්‍රහාරය සදහා මුල්වී ඇති කැරලිකාර කණ්ඩායමේ නායකයා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තවත් මෙවැනිම ප්‍රහාර  එල්ල කිරීමෙන් පසු කදවුර සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට බලාපොරොත්තු වන බවයි.

සිරියාවේ සිවිල් යුද්ධය පටන් ගත්දා පටන්ම මෙම කදවුර සිරියා හමුදාවේ ප්‍රධාන බලකොටුවක් ලෙස භාවිතයට ගැණුනු බව සදහන්ය.

පොළව යටින් සතුරා දක්වාම උමගක් කැණ එය දිගට පුපුරන ද්‍රව්‍ය අතුරා පුපුරුවා හැරීම පළමු ලෝක යුද සමයේ භාවිතා කළ යුද උපක්‍රමයකි.

කැරලිකරුවෝද මෙම උපක්‍රමය   භාවිතයට ගෙන ඇති බවක් පෙනෙන්නේ මේ සිදුවීමට අමතරව පසුගියදා ඇලෙප්පෝ ප්‍රාන්තයේ හමුදා භටයින් නවාතැන්ගෙන සිටි හෝටලකට එල්ලවූ මෙවැනිම ප්‍රහාරයක් නිසාය.

සාමකාමිී විරෝධතාවක් ලෙස ආරම්භ වී දැන් සිවිල් යුද්ධයක් තරමට වර්ධනය වී ඇති සිරියාවේ ජනපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ ආරක්ෂක අංශ හා ඔහු බලයෙන් පහ කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන කැරලිකරුවන් අතර අරගලයට මැදිවීමෙන් මේ වන විට ලක්ෂ 2 කට ආසන්න පිරිසක් මරු දැක ඇති අතර නිවාස අහිමිව අවතැන්වී ඇති සංඛ්‍යාව දශලක්ෂ ගණනකි.

සිරියාවේ කි්‍රයාත්මක සහනසේවා ආයතනයන් වාර්තා කරන ආකාරයට දෙපාර්ශවය අතර ඇතිවන ගැටුම් වලට මැදිවීමෙන් අවම වශයෙන් දිනකට සිවිල් වැසියන් 200 දෙනෙකුවත් මිය යයි.

රෝමය ගිනි ගනිද්දී නීරෝ විීණාව වාදනය කළාක් මෙන් ජනපති මේ සා ගැටුම් පැන නැගී තිබියදී ජනපති අසාද් එළැඹෙන මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමටත් සැළසුම් කර ඇත.ඔහු පිට පිට තෙවන වතාවටත් ජනපති වනු ඇතැයි මත පළව තිඛෙන අතර සිරියාවේ විපක්ෂය මේ පැවැත්වීමට යන ජනාධිපතිවරණය විකාරයක්යැයි හදුන්වාදේ.