හජ්ජි උත්සවය පැවැත්වෙන දින කිහිපයේ තාවකාලික සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යෝජනාවට සිරියානු කැරැලිකරුවන්ගේ කැමැත්ත පළ වී ඇත. එම තාවකාලික සටන් විරාමයට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය තවමත් නිල වශයෙන් කැමැත්ත පළ කර නැති බව වාර්තා වේ. කෙසේ නමුත් ඇතැම් පුවත් සේවා වාර්තා කර ඇත්තේ සටන් විරාමයට සිරියානු රජය ද එකඟ වී ඇති බවය. සිරියා රජයත් කැරැලිකරුවනුත් අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් පෙරේදා (24) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද රැස් වී සාකච්ඡා කළේය. එසේ සාකච්ඡා පැවැත් වෙද්දී පවා සිරියානු රජයේ හමුදා, කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් මරේත් අල් නුමාම් නගරයට ගුවන් ප‍්‍රහාර එල්ල කළ බව වාර්තා විය. කැරැලිකරුවෝ මරේත් අල් නුමාම් නගරයේ ස්ථාන කීපයක් අත්පත් කර ගෙන සිටිති. හජ්ජි උත්සවය නිමිත්තෙන් සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ අරාබි ලීගයේ ද සහාය ඇතිවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව වෙනුවෙන් සාම සැලැස්මක් සකස් කර ඇත්තේ ද අරාබි ලීගය සමඟ එක් වෙමිනි. එම සටන් විරාමය සඳහා කැරැලිකරුවන්ට සහාය දක්වන ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මෙන්ම සිරියානු රජයට සහාය පළ කරන ඉරානය සහ රුසියාව වැනි රටවල ද සහාය පළ වී ඇත. සිරියාවේ පවතින ගැටුම්වලින් මේ වනවිට 30,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
2025 නොවැම්බර් මස 21
54
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
157
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1009
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිරියාවේ සටන් විරාමයකට කැරැලිකරුවෝ එකඟවෙති