ජිහාඩ් කැරලිකරුවන් විසින් පාලනය කරන සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ සිදුවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරයකින් දරුවන් සිව් දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඉඩ්ලිබ් නගරයේ දී සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරය පළමු පිපිරීම බව මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණාගාරය සඳහන් කරයි.
යතුරු පැදි බෝම්බ කරුවෙකු විසින් එල්ල කරන ලද දෙවන ප්‍රහාරය වන අතර ප්‍රහාරයට වගකියුතු කිසිවෙක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැත.
මෙම ප්‍රදේශය ඉලක්ක කරගනිමිව් මෙවැනි ප්‍රහාර එල්ල කිරීම නිරන්තරයෙන් සිදු වන බව වාර්තා වේ.
ඉඩ්ලිබ් ප්‍රදේශය තවමත් ජනාධිපති සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ පාලනයෙන් පිටස්තරව පවතින අවසාන ප්‍රධාන කලාපයක් වේ.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ත්‍රස්තවාදීන් ඇමෙරිකාවේ සහ යුරෝපාකරයේ සුරතල්ලු. අපේ රටේදී මේවගේ සුරතලුන්ට හරියට කිරි පෙව්වේ නැති නිසයි දැන් ජිනීවා වල අපිට විරුද්ධව පරීක්ෂණයක් කරන්නේ.