සිරියාවේ ඇලෙප්පෝ නුවර ඊයේ (3) දහවල් කාර් බෝම්බ තුනක් පුපුරා ගිය අතර, හමුදා සෙබළුන් ඇතුළු සිවිල් වැසියෝ 40 දෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 90 කි. කාර් බෝම්බ පුපුරා ගියේ අල් ජබීරි චතුරස‍්‍රයේ සිරියා හමුදා සෙබළුන් නවාතැන් ගන්නා හෝටලයක් අසලය. බෝම්බ පුපුරා ගියේ එකම වේලාවක බව ද වාර්තා වේ. බෝම්බ පුපුරා යද්දී සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය ඇලෙප්පෝ සහ ඩමැස්කස් නුවර කැරැලිකරුවන්ට එරෙහි සටන් වැදීමට අමතර බට පිරිස් යෙදවීමට තීරණය කර තිබුණි. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ පවතින සිරියාවේ ගැටුම්වලින් 31,000 ක් දෙනා ජීවිතක්ෂයට පත් ව ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා පවසයි. මේ අතර සිරියා අර්බුදය විසඳිය හැක්කේ මැතිවරණයකින් මිස යුද්ධයකින් නොවේ යැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් කියා සිටී. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අල් ජසීරා පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව ඉංගී‍්‍රසි බසින් පැවැත්වුණු අතර පසුව එය අරාබි බසින් ද විකාශය කෙරුණි. සිරියානු අර්බුදය විසඳා ගනිමින් ජනතාව අතරේ සුහදත්වයක් ඇති කිරීමට නම් මැතිවරණයක් අවශ්‍ය බවත් බලය බෙදීමක් සිදු කළ යුතු බවත් ඉරාන ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. සිරියානු අර්බුදය ඉතා සංකීර්ණ මෙන්ම සංවේදී එකක් බව ද කී ජනපති අහමදිනෙජාද් පෙන්වා දුන්නේ පවතින අර්බුදය යුද්ධයෙන් විසදිය නොහැකි බවය.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
විජේ ඔයා පොඩ්ඩක් බංගලාදේශය පොඩ්ඩක් හැරිල බලන්නකො..හරි සනීපයි නේද???(ස)
ලාල්, මොකද අනේ බැරි? (නි)
උදේම මේවා අහපුවහම දවසම ඇඟට ෆිට් (ස)
කවදද පටන් ගන්නේ ඉරාන් වලට ගහන්න (ස)
බංගලාදේශයේ වෙන දේවල් මෙහෙ බැහැ..!(නු)