ඒ.එෆ්.පී
ගුවන් ප්‍රහාරයකින් නැගෙනහිර සිරියාවේ සිටි විදේශීය සටන්කාමීන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට සහාය දැක්වූ විදේශීය සටන්කාමීන් පිරිසක් යැයි ද පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය මෙම ප්‍රහාරය එල්ල කළේ යැයි සිරියානු රජය චෝදනා කරන නමුත් ඇමෙරිකාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර සිරියාවේ අල් හාරි නගරයටය.
මෙම නගරය ප්‍රාදේශීය සටන්කාමීන්ගේ පාලනයට අයත් නගරයයි. මෙම ප්‍රාදේශීය සටන්කාමීන් ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන්නෝ වෙති.
මාස ගණනකට පසු සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන පිරිසකට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය යැයි බ්‍රිතාන්‍යය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
“සිරියානු ඉරාක දේශසීමාවේ අල් හාරි ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් බෂාර් අල් අසාද්ගේ රෙජීමයට සහාය දක්වන විදේශීය සටන්කරුවන් 60 දෙනකු ජීවිතක්ෂයට පත්වුණා” යැයි නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානී රාමි අබ්දෙල් රහ්මාන් පැවැසීය.
ඡායාරූප රොයිටර්
055
2025 දෙසැම්බර් මස 04
398
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
444
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියානු ජනාධිපතිට සහය දැක්වු සටන්කාමීන් 60ක් මරුට