කොංගෝ රාජ්‍යයේ සරම්ප වසංගතයක් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙය ලෝකයේ විශාලතම සහ වේගවත්ව පැතිරෙන වසංගතය ලෙස හඳුනාගෙන ඇති බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
පසුගිය වසරේ කොංගෝ රටෙන් සරම්ප රෝගීන් 310000ක් පමණ වාර්තා වී ඇත.
රටේ පළාත් 26න්ම සරම්ප රෝගීන් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසයේ සිට රෝගීන් වාර්තා වීම වැඩි වන්නට විය.
රෝගය මර්දනය කිරීම සඳහා කොංගෝ රජය හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට හදිසි එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2019 වසරේදී රට පුරා ළමුන් මිලියන 18කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබාදුන් බවයි.
එහෙත් යටිතල පහසුකම් දුර්වල වීම, සෞඛ්‍ය මධ්‍යස්ථානවලට පහර දීම සහ සාමාන්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑමට නොහැකි වීම යන හේතු නිසා රෝගය පැතිරීම වැළැක්වීමට දරන ප්‍රයත්න අඩාල වී තිබේ.
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය ද දරුණු ලෙස පැතිරෙමින් ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සරම්ප වසන්ගතයෙන් කොංගෝවේ 6000ක් මරුට