දුම්රිය මාර්ගයෙන් යුරෝපා රටවලට අනවසර සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීමට හංගේරියාව ගත් තීරණයට විරෝධය දක්වමින් බුඩාපෙස්ට් දුම්රිය ස්ථානයේ උද්ඝෝෂණ අද දින ද පැවැත්විණි.

බුඩාපෙස්ට් හි කෙලෙටි දුම්රිය ස්ථානයේ සිටින මේ විරෝධතා කරුවන් පවසන්නේ හංගේරියාව ඔස්සේ යුරෝපයට ඇතුළුවීමට දුම්රිය අවසර පත්‍ර රැගෙන තිබිය දීත් තම ගමන වැළැක්වීම වරදක් බවයි. ජර්මනිය වෙත යාමට අවසර දෙන්නැයි මේ උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති. සිරියාවේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී දිවි පරදුවට තබා පැමිණ ඇති බවත් දැන් කෑම හෝ නින්දක් නොමැතිව අසරණව සිටින බවත් ඔවුහු කියති.

මෙසේ පැමිණි පිරිස් අතර ඇෆ්ගනිස්තානය, ඉරාකය ආදී වශයෙන් වර්තමානයේ අර්බුදයන්ට ලක්ව ඇති රාජ්‍යයන්ගේ සංක්‍රමණිකයන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි. වාර්තා පෙන්වාදෙන්නේ සංක්‍රමනිකයන් 4000ට වැඩි පිරිසක් දැනටමත් ග්‍රීසිය වෙත පැමිණ ඇති බවයි.