
සර්බියාවේ ප්‍රධාන ආගමික නායකයෙකු වන පූජක ඉරිනේජ් තුමා කොරෝනා වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.
සර්බීරියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානියා වන ඔහු මියයන විට 90 හැවිරිදි වියේ පසුවිය.
ගතානුගතික මත දැරූ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි පූජ්‍ය ඉරිනේජ් තුමා සයිබීරියාවේ දේශපාලනට ද විශාල ලෙස බලපෑම් කළ අයෙකි.
රෝහලට ඇතුලත් කිරීමෙන් සති දෙකකට පසු අසාධ්‍ය තත්ත්වයට පත්වූ ඉරිනේජ් තුමා කොවිඩ් රෝගය හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා මියගිය බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
නොවැම්බර් මස මුල් සතියේ මොන්ටිනිග්‍රෝවේ ජ්‍යෙෂ්ඨ පූජකවරයෙකුගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමෙන් දින කිහිපයකට පසු ඉරිනොජ් තුමාට කොරෝනා අසාදනය වී ඇතැයි හඳුනා ගැනින. මොන්ටිනිගෝවේ පනවා තිබූ කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කරමින් එම අවමංගල උත්සවය පවත්වා ඇති බවට බොහෝ දෙනා චෝදනා එල්ල කළහ.
සයිබීරියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් මහතා ඉරිනේජ් තුමාගේ අභාවය සම්බන්දව ශෝකය පලකර තිබේ.
මේවනවිට සයිබීරියාවෙන් කොරෝනා ආසාදිතයන් 104,000ක් පමණ වාර්තා වන අතර මරණ1,110ක් සිදුවී තිබේ.
බීබීසී ඇසුරිනි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සර්ව බලධාරී දෙවියන්... ?