සිම්බාබ්වේ රාජ්‍යයේ ඉකුත් 31 වැනිදා පැවැති ජනපතිවරණය නිදහස් සහ සාධාරණ ජනපතිවරණයක් ලෙස තමන් පිළි නොගන්නා හෙයින්, එරටට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම ජනපතිවරණයෙන් ද යළිත් වරක් ජයග‍්‍රහණය කළේ, වසර 33 ක් බලයේ සිටින ජනපති රොබට් මුගාබේය. ඔහු පරාජය කිරීමට ඔහුගේ ප‍්‍රතිවාදියා මෙන්ම එරට අගමැතිවරයා ලෙස ද කටයුතු කරන මෝගන් ස්වංගිරායි උත්සහ කළ ද එය අසාර්ථක විය.
බි‍්‍රතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති සිම්බාබ්බේ රාජ්‍යයට නිදහස ලැබුණේ 1980 වසරේදීය. එදා සිට මේ දක්වා රට පාලනය කරන්නේ මුගාබේ සහ ඔහුගේ පක්ෂයයි. අපි‍්‍රකා රාජ්‍යයක දීර්ඝ කාලයක් පාලනයේ සිටින එකම ජනාධිපතිවරයා ද රොබට් මුගාබේ ය.
සිම්බාබ්වේ රාජ්‍යයේ අවසන් වරට මැතිවරණයක් පැවැත් වුණේ 2008 වසරේදීය. එම මැතිවරණයේ පළමු වටයේදී ස්වංගිරායි ජයග‍්‍රහණය කළේය. එහෙත් මුගාබේ සහ ඔහුගේ පාලක පක්ෂය එම ඡන්ද ප‍්‍රතිඵල පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය විය.
මැතිවරණයේ දෙවැනි වටයෙන් කාගේත් පුදුමයට හේතුවන පරිදි මුගාබේ ජය හිමිකර ගත්තේය. ඒ අනුව දිගටම බලයේ රැඳී සිටීමට මුගාබේට හැකිවිණි. ස්වංගිරායි කියා සිටියේ එම ඡුන්ද ප‍්‍රතිඵලය පිළිගත නොහැකි බවය. එම අවස්ථාවේදී ඇමෙරිකාව සහාය දුන්නේ විපක්ෂ නායක ස්වංගිරායිටය.
ඒ අනුව 2008 වසරේ දී, මාස ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යයේ පැවැති දේශපාලන අර්බුදය සමතයකට පත් වූයේ විපක්ෂය සමඟ බලය බෙදා ගැනීමට 89 හැවිරිදි මුගාබේ ඔහුගේ පක්ෂය සමත් වීමෙන් පසුවය. කෙසේ නමුත් එය ඇමෙරිකා රජයේ සතුටට හේතුවක් නොවිණි. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සිම්බාබ්වේ රාජ්‍යයට සම්බාධක දැම්මේ ඒ අනුවය.
2025 නොවැම්බර් මස 04
308
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිම්බාබ්වේ රාජ්‍යයට පැනැවූ සම්බාධක ඉවත් කරන්නේ නෑ
අමිත Thursday, 22 August 2013 02:00 PM
තමන්ට ගොට්ට අල්ලන්නෙ නැති අයට දෙන දඬුවමනේ. (ස)