සිම්බාබ්වේ හවන්ගේ ජාතික උද්‍යානයේ අලි 55 දෙනෙකු පමණ පසුගිය මාස දෙක ඇතුළත සාගින්නෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
එම ප්‍රදේශයට බලපැවැත්වූ දරුණු නියඟය හේතුවෙන් ආහාර හා ජලය හිඟවීමෙන් මෙම කනගාටුදායක තත්ත්වය උදාවී ඇත.
උද්‍යානයේ අලි 50,000ක් පමණ වෙසෙන අතර නියඟයෙන් ගස්වැල් බොහොමයක් මැරීගොස් ඇති අතර ජල උල්පත් ද සිඳී ගොස් ඇත.
රජයෙන් උද්‍යානය නඩත්තුවට මුදල් නොලැබෙන හෙයින් සතුන්ට ජලය සැපයීම සඳහා ළිං කැණීම ගැටලුවක් වී ඇතැයි බලධාරීහු පවසති.
සතුන්ට පමණක් නොව මිනිසුන්ට ද මෙම නියං තත්ත්වය දැඩිලෙස බලපා ඇති අතර සිම්බාබ්වේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ආහාර හිඟයෙන් පෙළෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
සිම්බාබ්වේ දේශය මේවන විට දැඩි ආර්ථික අර්බුදයකට ද ලක්ව සිටියි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දෝ පාලනය කලානම් අදටත් මිනිස්සුන්ට කොච්චර ලස්සනට ජිවත් වෙන්න තිබුනද ? ජනතාව නිකන් බොරුවට තමන්ගේම රටේ කළු සුද්දොන්ට බලය දීල ඉල්ලන් කාපු හොඳම උදාහරණයක් තමයි සිම්බාබ්වේ . අන්තිමේට මුගාබේ කලෙත් රටේ සල්ලි ටික හොරකම් කරලා සුද්දන්ගේ රටවල් වල තැම්පත් කරලා සැප ගන්න සුද්දන්ගේ රටවල් වල සංචාරය කරපු එක තමයි . එහෙයි මෙහෙයි කිසි වෙනසක් නැහැ .