IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සම්බාධක නොතකා ඉරානයෙන් පාකිස්තානයට තෙල් බැරල් 80,000 ක්

දිනකට බොර තෙල් බැරල් 80,000 ක් සහ ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ණය මුදලක් පාකිස්තානයට ලබා දීමට ඉරානය එකඟ වී ඇතැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය ඊයේ (1) නිවේදනය කළේය. ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ණය මුදල ලබා දෙන්නේ ඉරානය සහ පාකිස්තානය අතර ගෑස් නල මාර්ගයක් ඉදිකිරීමට යැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය වැඩි දුරටත් කියා සිටියි. ඉරානය පාකිස්තානයට බොර තෙල් විකිණීමට සැරසෙන්නේ ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පනවා ඇති අවස්ථාවකදීය. එම සම්බාධක පැනැවීමට බටහිර බලවතුන් තීරණය කළේ ඉරානයේ ‘හිතුවක්කාර න්‍යෂ්ටික’ වැඩසටහනට විරෝධය පළ කිරීමේ අරමුණින්ය. ඇමෙරිකාව චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවත්, එහෙයින් ඉරානය ලොවට තර්ජනයක් වී ඇති බවත්ය. බටහිර බලවතුන් ඉරානයට සම්බාධක පැනැවීමට පෙර එම රටවලට බොර තෙල් විකිණීම වහා අත්හිටුවීමට ඉරානය තීරණය කළේය. ඒ අනුව ඔවුන් දැන් පාකිස්තානයටත් ඉන්දියාවටත් බොර තෙල් විකිණීමට සූදානමින් සිටියි. ඉරානයෙන් තෙල් මිලදී ගන්නවාට පමණක් නොව පාකිස්තානය සහ ඉරානය අතරේ ගෑස් නළ මාර්ගයක් ඉදිරිකිරීමට ද ඇමෙරිකාවේ දැඩි විරෝධය එල්ල වී ඇත. එම නළ මාර්ගය සෑදීමට අවශ්‍ය මුදල් පාකිස්තාන රජයට නැත. ඉරානයේ ආධාර ලැබේ නම් වසර 2014 වන විට එය ඉදිකර අවසන් කිරීමට තමන්ට හැකි වනු ඇතැයි පාකිස්තාන ඛනිජ තෙල් අමත්‍යාංශය පෙන්වා දෙයි.



අදහස් (0)

සම්බාධක නොතකා ඉරානයෙන් පාකිස්තානයට තෙල් බැරල් 80,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site