දකුණු අප්‍රිකාවේ වනෝද්‍යානයක මඩේ එරී මර බියෙන් දඟලමින් සිටි සීබ්‍රා පැටවකු බේරා යලි ගොඩබිමින් තැබීමට රයිනෝ රැළක් කටයුතු කරණ දුර්ලභ දසුන් පෙළක් වෑන් මුයිසන් නමැති වනජීවී ඡායාරූප ශිල්පියකු විසින් කැමරාවට නගා ඇත.
ඔහු පවසන්නේ මෙය ස්වභාවිකත්වය ස්වභාවිකත්වයට ඉඩ දීමක් බවයි. සිය මවගෙන් වෙන්වී අතරමං වූ සිබ්‍රා පැටවා තණ උලාකමින් මඩ සහිත ස්ථානයට පැමිණ මඩේ එරී දිවි ගලවා ගත නොහැකිව සිටි බව ඔහු පවසයි. ඒ අසළට පැමිණි රයිනෝ රංචුවක සිටි තරුණ රයිනෝවකු සිය අඟෙන් රයිනෝ පැටවා ඔසවා ගොඩබිමින් තැබූ බවත් මෙය ස්වභාවික ලෝකයේ ස්වභාවිකත්වය ඉස්මතුවූ අපූරු අවස්ථාවක් බවත් ඔහු පවසයි.





COMMENTS
ආදරය, දුක සහ සතුට කාටත් පොදු හැඟීම්. ජිවිතේ යථාර්තෙන් ඈත් වුන කට්ටියට නම් මේ වැඩේ පුදුම ඇති. (නදී)
උලා කන්න, තණ නම් පෙන්න නෑ. මඩ නම් තියෙනවා ඇති වෙන්න. කොහොම වුනත් ඉතා අගනා පින්තූර ටිකක්.(නදී)
ජීවිතයක් බාර ගත් පිනෙන් මතු උපදින ආත්මයක මිනිසත් බව ලැබේවා (නදී)
තිරිසනුන් වුණත් දෙදෙනාම පින්වන්ත අය. (නි)
ඇත්තටම අදහාගන්න අමාරුයි. සිවුපාවට වුණත් අසරණකම තේරෙන්න ඇති (නි)
මිනිස්සුම තමයි සත්තු හැටියට ඉපදෙන්නේ හේතු පල දර්මයට අනුව. (නදී)
දැන් මිනිසුන්ට නැති ගතිගුණ සතුන් ළඟ තිබෙනවා. (නි)
කියන්න වචන නැහැ, සත්තකින්ම (නි)
රසික, පිස්සු කතා කියන්න එපා. (නි)
මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙන ලෝකයේ, තිරිසනුන් යැයි හිතන සතුන් මනසින් උසස් මනසක් ඇති මිනිසුන්ටත් ආදර්ශයක් ලෙස හැසිරීම තුලින්ම අපට හිතන්න පුළුවන් හුදෙක් සල්ලි මත්තේ හැල්මේ දුවමින් සාරධර්ම පැත්තකට විසිකරලා අද ඉන්න තත්වය. (නදී)
අනේ! රසික ප්‍රාර්ථනා කළසේම මාත් එකසිතින් ප්‍රාර්ථනා කරනවා (නි)
අපූරු කතාවක් (නි)
පින්වන්ත ක්‍රියාවක් (නි)
සුනිල්ගේ කතාවෙන් පේනවා කාටද පිස්සු කියලා.(නදී)
සුනිල්, රසික කියපු දේ හරි. (නදී)
මතකද ජාතක කතාවක, බෝසත් සිංහයෙක්ව සිල්වත් නරියෙක් ඔය විදියටම බේරාගත් විදිය (නදී)
මේ සත්තුන්ගෙන් හරි පාඩම් ඉගෙනගන්න ඕන කාලේ. (ර)
ඊට පස්සේ සිංහයෙක් ඇවිත් සීබ්‍රා පැටියව අල්ලන් යනවා. එකත් සොබාදහම ස්වභාවිකත්වයට ඉඩ දීමක්. (ර)
දැන් සත්තු මිනිස්සුන්ට පාඩම් කියලා දෙනවා. හරිම සංවේදී අවස්ථාවක්. (ර)
ආදර්ශවත් සතෙක් . මනුෂ්‍ය ගති ගුණ තියෙන්නේ. ලබන ආත්මේ මිනිසෙක් වේවා.(හේ)