මිට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස පැමිණි ලාංකික කතක් මවුබිමට යාම ප්‍රතික්ෂේප කළ බව සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ජංගම සේවයේ ආරංචි පවසයි.

අබ්දුල් හසන් සිතති ජසිමා (63) මාතලේ කයිකාවෙල පදිංචිව සිට ඇති අතර ඇය තම හාම්පුතාගේ අරාබි ජාතික රියදුරු සමග ජංගම සේවයට පැමිණ සිටියේ ගමන් බලපත දීර්ඝ කර ගැනීම සදහාය. තමා වෙල්ලන් තැන්න  පදිංචි කාරියක් බවත් මිට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහ සේවයට පැමිණි බවත් අකුරු කියවීමට හෝ ලිවීමට නොදන්නා නිසා පවුලේ කිසිවකු සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකිවූ බවත් ඇය කීවාය.

මේ දක්වා තමාගේ දරුවන් හෝ ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් තමා සතුව නොමැති බවත්. ඇය සතුව ජංගම දුරකතනයක්  තිබුනද දැන් මෙන් එකල එම පහසුකම් නොතිබූ නිසා  කිසිවෙකු සමග කතාබහ කිරීමට නොහැකිවූ බවත් ඇය පවසයි.

තම හාම්පුතා විසින් හොදින් සලකන බවත් නිවසේ කිසිදු වැඩක් කිරීමට හාම්පුතා ඉඩ නොදෙන බවත් විවේකිව සිටින ලෙස ඔහු නිතර පවසන බවත් ඇය කියන්නීය. නියමිත වැටුප තමාගේ ගිණුමකට බැර කරන බවත් එම මුදල් අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරිමට කටයුතු යොදන බවත් ඇය පවසයි.

වසර විස්සක් පුරා සිය කැමැත්තෙන් ලංකාවට නොගිය තමා මිය යනතෙක්ම මෙම නිවසේ ජිවත් වෙන බව ඇය කීවාය. 

web_74DSC00046